රාජපක්ෂවරුන් හා දිගේලි වූ ජනතාව

රාජපක්ෂවරුන් හා දිගේලි වූ ජනතාව

.

Samanola Wijayarathna

.

රාජපක්ෂවරු සමඟ දිගිලි වෙච්චි ජනතාව වනාහි විස්මිත පිරිසක්. ඒ උදවියත් බොරුවෙම්ම ජීවත් වෙන්ඩ එළටම ඇබ්බැහි වෙලා තියෙන්නෙ. රාජපක්සවරු මොනාද කරන්නෙ එයැයිලටත් ඕන පුගක්. රාජපක්සවරුනුත් මේක දන්නව. ලංකාවෙ දේශපාලන විනාස්‍ය අතැඹුලක් සෙ දන්නෙ රාජපක්සවරු.

ඔය යූඇන්පී එවුනුයි ජේවීපී එවුනුයි, රටේ සිංහල දෙමළ මුස්ලිම් කියන සෑම පුරවැසියකු ගැන මෙන්ම ස්ත්‍රී-පුරුෂ හෝ විෂම ලිංගික ප්‍රජාවන් කෙරෙහි ලොව මානවගරුත්වය අනුව සලකල කටයුතු කරන ප්‍රෙව්ශයක ඉන්නව. ඒ අය මේක එළිපිටම කියනව. රාජපක්සල මේක, තුරුම්පුව කරගෙන තමංගෙ බයිජනතාව තුළ වඩා වැඩි චන්ද ප්‍රතිශතය ඉලක්ක වන පිළිවෙලට ජාතිය-ආගම සහ ඇල්ෆා මේල් මහා පුරුස සාධකේ වගේ දේවල් රේසිසම් විදියට මහජරාවටම සමාජගත කරන් ජනසමාජය අවුස්සනව. අඩෝ අපි පොන්නයො නෙමේ හරිද? නියම සිංහල බෞද්ධ ලේ කියාගෙන අමුඩ කඩං ඇවිස්සිලා නටන්ඩ ගන්නව. ඒ වගේ පෙරමුණු උද්දීපනය කරනන විමල් වීරවංස ගම්මංපිළ ඇතුලු සූපිං නඩේකුත් රාජපක්සල ඉදිරි පෙරමුණට දානව.

මේකට ඉස්සලාම අහුවෙන්නෙ අධාර්මික පූජකයො. අතිශය මානවවාදී බුදුන්වහන්සේගේ අනුගාමිකයො ලෙස පෙනී හිටියත් රාජපක්ස ගුලිය කාල වැඩියෙම්ම කුලප්පු වෙන්නෙ ඒඅය. ඒත් රාජපක්සවරු, විවිධ අල්ලස් සංතෝසම් දීල අනික් ජනප්‍රජාවන් සහ ආගමික ප්‍රජාවන් වල මර්මස්තාන වගේ එව්වො කීප පළකුත් අල්ලං ඉන්නව. උදා- ඔය බදුර්දීන් වගේ උන්ට කෑලෑ කපල බැරිනං උදුළුම ගාගන්ඩ දීල, අපි තමයි උඹලට වැඩියම කලේ කියල යටින් තියාන ඉන්නව. දස්සකම කියන්නෙ, බයිජනතාවට ඒ අය මේක එජාපෙ හෝ ජවිපෙ වගේ එවුන් කලාය කියල ඒත්තු ගන්නවත් එක්ක. බයිජනයාට මේක අතේ මාට්ටු වුනත් උන් ඒක විස්වාස කරන්නෑ. හෙනම ආතල් සීන් එක ඒක

හැබැයි, ඒ අනුව චන්දෙ දිනාගත්තම, සියලු ජනප්‍රජාවන්ට සම අයිතිවාසිකම් නොමැතිව අර බයියො රවට්ටන්න කිව්ව වගේ තනි සිංහල බෞද්ධ රටක් හදන්න යන්න බෑ. මොකද එහෙම වුනොත් ලෝකෙන් කොන් වෙලා. ජාත්‍යන්තරව චාටර්ම වෙනව. ඒ අනුව, බයියොයි, අර නටාපු පූජකයො ටිකයි බැලන්ස් කරල හිත් පාරපු සුලු ජාතිකයො සහ ආගමික කණ්ඩායම් නලවන්න ගන්නව. එතෝට තමංගෙ පිලේ ඒවට බනින්න හුරු කරාපු එව්වො පැනල හපන්න පවා එනව. ඒ ගමන එකෙම්ම උංගෙ පුපට පයින් එකක් දීල කූඩු කරල දාගන්නත් රාජපක්සවරු සුපිරි දස්සයො. දැන්මේ වීරවංස උන්නැහැට වෙන්නෙ ඒ සංතෑසිය.

බැසිල් රාජපක්ස තුමා කියන්නෙ, අන්න එහෙම තියරිය ෆ්ලෝකරවන රාජපක්ෂ මොඩලය. මහින්ද මැතිඳු තමයි සියල්ල කළමණාකරණය කරන මීටරේ. ගෝට ස කියන්නෙ යකෙක් මිනීමරුවෙක් විදියට හංවඩු ගැව්වට ඇත්තටම අහිංසකයෙක්. ආරක්ෂක ලේකම් ලෙස කාර්යක්ෂම නිලධාරියකු ලෙස හැදුන චරිතාපදානයෙන් එහාට යාගන්න නොහැකි තැනක හිරවුන කැපෑසිටියක්. ඒත් රාජපක්ෂ තුන්කට්ටුව ඉන්න හින්ද ඒ අය අවශ්‍ය විදියට ගානට ස්තානගත වෙවි සුරක්ෂිත වෙනව. බයියන් මුදුන්මල්කඩ වගේ අදහන් ඉදපු සමහර ගැජට්, බැසිල් ක්ෂණිකව ඔපරේෂන් කරල ගලෝනව. බයියො අන්දුං කුන්දුං වෙනව. එතොට මහින්ද ලොක්ක මේං මේ කියල බයියන්ට, ගෝට සර්ගෙ අතේ මසල්ස් පෙන්නනව. බයියො ඒක තමයි බැසිල් ඒම වුනාට ගෝට සර් ඉන්නකං ඕව වෙන්නෙ නෑ කියනව. මේක හරිම විනෝද ජනකයි.

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*