බීලා ගෙදර පැමිණීම, බීමේ කලාව හා ඩයනා….

බීලා ගෙදර පැමිණීම, බීමේ කලාව හා ඩයනා….

බීලා ගෙදර පැමිනීම ගැන ඉතා ජනප්‍රිය සින්දු තුනක් තියෙනවාය. තුනම ගායනා කරන්නේ අප ඉතා ආදරය කරන ජිප්සීස් සුනිල් අයියාය. එකක්, “ලතා නෝ කතා” නම් වේ. අනික, “නොනෙ මගෙ සුදු නෝනේ” වනාතර තුන් වන එක “සයිමා කට්වෙලා” ය.

ලතා නෝ කතා එකේ පොර මාතලන් වාගේම අවංක බුවෙක්‍ ය. පොරගෙ හාමිනේද කොක්කට බර නැති බව පෙනේ. හැබයි මවාගත් බොරු තරහක් මවාගෙන ඉන්නේය. මෑන් සෙට්වෙලා තියෙන්නේ යාලුවොත් එක්කය. ඇත්තටම පොඩි ෂොට් එකක් දෙකක් දාගෙන ගෙදර මතක් උන වෙලේ එන්න හැදුවත්, යාලුවෝ කරදර කරපු නිසා තවත් දෙක තුනක් දාගෙන වැඩි වෙලා ගෙදර ආවම හාමිනේ ඔරවාගෙන ඉන්න එක ගැන පොරට දුකය. ඒ නිසා පොර හාමිනේට පොරොන්දු වෙන්නේ ආයේ කවදාවත්ම බොන්නේ නෑමයි කියලාය. ඒ උනාට ඉතින් යාලුවො සෙට් උනොත් පොර එන්නේ ආයෙත් කරටි කැඩෙන්න ගහලාය. හාමිනත් මේක දන්නවාය. ඒත් ඉතින් කචල් දාන්නේ නැතිය. පොර ෂෝසල් ඩ්‍රින්කර් කෙනෙක්‍ ය.

සයිමා ඇවිල්ලා ඔකේෂනල් ඩ්‍රින්ක්කකින් බුවෙක්‍ ය. පොර කරටි කැඩෙන්න ගහලා තියෙන්නේ පඩි දවසේය. බීමේ කලාවවත් ඩ්‍රින්කින් කල්ට් එකත් සයිමා දන්නේ නැතිය. පොර ඒ නිසා කුඩු වෙන්න ගහලා කබරයා දාලා හත් පොලේ ගාගෙන ගෙදර එන්නේ යාලුවන්ගේ කරෙන්‍ ය.

හාමිනේ විමලාය. විමලාවෝ එච්චර අවුල් නැති බව පෙනේ. යලුවෝ කියන්නේ දෙහි ටිකක් හදලා විගහට පොවපන් විමලා කියලාය. බොහෝ විට යාලුවන්ටත් දෙහි ටිකක් දෙන්නේ විමලා වගේ නෝනලාය. යාලුවෝ සෙට්ටෙක සයිමා උස්සාගෙන බය නැතිව ගෙදරටම එන්නේ ඒ නිසාය. අනික බබාලා නැති නිසා දෙහි බීලා ඩෝප් ටිකක් හිඳුනාම බබාලා හදන්න ට්‍රයි එකත් අනිවාර්‍යයෙන් දානවාය. මොකෝ බීපූ දවසට ආතල් එක වැඩියි කියා විමලා දන්නවාය.

සුදු නෝනාගේ පොර අමු බොරු කාරයෙකි. නෝනාද ඉන්නේ කොක්කටමය. පොර මුලින් කියන්නේ බස් එක කැඩුන නිසා ලේට් උනා කියලාය. ඒ උනාට ගඳ ආපූ ගමන් පොර බලන්නේ පොඩි උන්ට ගෙනාපු ටොපි පෙන්නා පොඩි ලව් පාට් එකක් දාන්නය. සුදු නෝනා ඒකට මාට්ටු වෙන්නේ නැතිය. නැති බොරු සෙනෙහෙ පපා මාව රවට්ටන්න එන්න එපා ඕයි කියපු ගමන් ඇත්තම ඔයාට කියන්නම් කියා මිතුරා එක්ක පොඩි අඩියක් ගහපු බවත් ඕක මහ ලොකු වරදක්ද කියා හාමිනේගෙන් අසයි.

කොක්ක පටන් ගන්නේ සුදු නෝනාගෙ අඬෝවැඩියාව එක්කය. අරූ බේරෙන්න තවත් කප්පරක් බොරු කියනවාය. වලිය අහල පහල උන්ටද ඇසි වැඩිහිටියෙක් අවවාද දෙන්න ආවම සුදු නොනගෙ වාගේ කියන්නේ මට හිතෙනවා මේ ගැණිව ඩිවෝස් කරන්න කියලාය.

ඇත්තටම ඔය තත්වය හොඳය. සමහර ගෙවල්වල මහා ගුටි කෙලිය. සම හරක් දරුවන්ටද කෙලී.

මෙහෙම වෙන්නේ ඇයි?

ඩ්‍රින්ක් එකක් දානවා කියන එක මහා කේස් එකක් කියලා ආගමෙන් මෙන්ම සංකෘතියෙන්ද සමාජය තුල කාවද්දා ඇති නිසාය. වික්ටෝරියානූ සංස්කෘතිය පැමිණීමට පෙර ඔය මනස්ගාත අපේ සංස්කෘතියේ තිබුනේ නැතිය. ඒ බව විදේශිකයින්ගේ ලේඛන තුලින් පැහැදිලිව පෙනෙන්නේය.

අපි පොඩි කාළේ මගුල් ගෙදර තිබුනේ ගෙදරමය. ඒවා නියම මගුල් ගෙවල්‍මය. ඔය මගුල් ගෙවල්වල කස්ටිය බිව්වේ වෙනම කාමරයකය. බොන්නෝ කව්ද යන්න දෙපාර්ශවයේම කස්ටිය දන්නේය. ඒ කාමරේට යන්නේ බේබද්දෝ ඉතරය. පොඩි උන් ගත්තේ නැතිය. ඒත් අපි නම් බලෙන්ම ගොස් බයිට් වලට වැඩේ දුන්නේ දැන් ඉන්න පුකේ ලිබරල් උන්ට වඩා අපේ තාත්තා ලිබරල් පොරක් වූ නිසාමය.

දැන් නම් මගුල් ගේ තියෙන්නේ ගෙදර නෙමේය. රිසෙප්සොන් හෝල් එකකය. මගුල ලෝස් බෝස් නැති එකෙක්ගේ නම්, බෝතල් හා බයිට් බැබලි බැබලී ටේබල් වල තිබෙනවාය. ටේබල් ඩෙකෝ වලට වඩා මගුල එලිය කරන්නේ ඒවාය. ඉස්සර වාගේ නොව ගෑණුත් බොනවාය. දැන් රැස්ටුරන්ට්වලත් කෙල්ලෝ මෙන්ම ගෑණුත් බොනවාය. වෙනම සෙට් වෙලාත් බොනවාය.

ඔය කල්ට් එක වැඩි කලක් යන්නට පෙර සමාජගත වෙනවාය. එතකොට බොන එක මැජික් එකක් වෙන්නෙ නැතිය. එතකොට ඔක්කෝම ඩයනලා වාගේ කොන්දක් ඇති ලිබරල් ගැහැණුන් වෙනවාය.

එතකොට බිජු හීනතාවයෙන් යුතු පිරිමින්ට වෙන්නේ බිලා ගෙදර එන ගෑණිත් එක්ක සුනිල් අයියාගේ සුදු නෝනා වගේ කොක්කක් දාගෙන ඩිවෝස් වෙන එකය.

කසාද බැන්දායින් පස්සේ මිනිහා බීලා ගෙදර එන්නේ ගෙදර බොනකොට බනිනා නිසාය, කොක්ක අදිනා නිසාය. එහෙත් තම ස්වාමියාට බයිට් එකක් හදා දී ආදරයෙන් අල්ලාප සල්ලාපයේ යෙදෙන්නේ නම් මිනිස්සු විශේෂ කාරනයක් ඇර ගෙදරින එලියේ බොන්න යන්නේ නැතිය. එවන් ගෙවල් වල අඩදබර ඇත්තේත් නැතිය.

පුලුවන්නම් හබියා එක්ක පොඩි අඩියක් ගැහුවා නම් පවිල් සංස්ථාව තවත් ශක්තිමත් වන්නේය.

සුරාවේ අගයත්
එහි ඇති මහා ගුණයත්
බොන උතුමෝ මිසක්
නොබොන අනුවන දනෝ නොදනිත්..!!!

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*