ගමනක අවසානය – ශ්‍රීලනිපය

ගමනක අවසානය – ශ්‍රීලනිපය

.

ප්‍රියන්ත හේවගේ මාතලන්

.

මෙම ළිපියේ මුල් කොටස බැලීමට මේ අකුරු උඩ ක්ලික් කරන්න

(ළිපිය මාගලක් වූ බැවින් කොටස් තුනකට කඩන ලදි)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාවය අහෝසි වන්නේ 1970 ජයග්‍රහණයත් සමඟය යන්න මාතලන්ගේ විශ්වාසයයි. එහිදි බලය මෙහෙයවන්නේ සඟ වෙද ගුරු ගොවි කම්කරු පංච මහා බලවේගයක් නොව වාමාශිකයින් කණ්ඩායමකි. රටක් ගොඩගන්නේ, මිනිසුන්ට බත් කන්න තහනම් කර ඔවුන් කුණු බක්කි අවුස්සන තත්වයකට ඇද දමා නම්, ඒ ගොඩගැන්මෙන් ඇති ඵලක් නැතෙයි කියා වමේ බලවේගයන්ට 1977 දී ජනතාව පෙන්වා දුන්නේය.

1970 බලයට පත්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුක්කානම තිබුනේ වාමාශිංකයින් අතේය. ඒ වාමාශිංකයින්, ලෙස ජනතාවගේ සිත් තුල ජීවත්වන විප්ලවකාරී වාමාංශිකයින් නොවේ. ඔවුන් සියල්ලෝම අධිරාජ්‍යවාදි පාලන කාළය තුල බිහි වූ ලුම්පන් පන්තියේ දුවා දරුවෝය. එහි නෂ්ඨාවශේෂයන් කීපයක් තාමත් රාජපක්ෂලාගේ පොහොට්ටුවේද හොල්මන් කරමින් සිටී. ඔවුන්ගෙන් පසු ඒ ධනවාදී ලුම්පන් වාමාංශිකයාද අතුරුදහන් වීමට නියමිතය.

එසේ අනාථ වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය චන්ද්‍රිකා පාලනය යටතේදී ගමන් කරන්නේ කිසිවකුත් සිතූ ගමනක් නොවේ. එය කවුරුත් දන්නා යහපාලන යුගය මෙන්ම කිසිම දැක්මක් නැති රට කබාසීනීයා කර දැමූ වසර 11 කි.

එය වමටත් නැති ධනවාදයටත් නැති, එහෙටත් නැති මෙහෙටත් නැති අමුතුම එකක්ම වූයේය. විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් දෙනවා කියා ආපු උන් ආර්ථිකය ඍණ අගයකට ගෙන ගියේ ලංකාවේ ප්‍රථම වතාවටය. එක ගෙනාපු උන් කීවේ චන්ද්‍රිකා වමට සිග්නල් දමා දකුණට හැරෙව්වා කියලාය.

කිසිඳු අනන්‍යතාවයක් නොතිබු පක්ෂයට නැවත අනන්‍යතාවයක් ලබා දුන්නේ මහින්ද රාජපක්ෂය. වසර දහයක අවසානයේ එයට පට බැදුන නම ඔවුන්ගේ අනන්‍යතාවයයි. මහින්ද රාජපක්ෂ මහ බයියා වූ අතර පාක්ෂිකයින් බයියෝ විය.

පොදු ව්‍යවහාරය මෙය වුවද ජේ ආර්ගේ විවෘත ආර්ථික ප්‍රතිපත්ති හා චන්ද්‍රප්‍රේමගේ කොල පාට සමාජයේ නියම නියෝජනය තිබුනේ මෙතනය. ලිබරල්වාදීන් ඔවුන් බෞද්ධ මූලධර්මවාදී ගෝත්‍රික පිරිසක් ලෙස හැඳින්වූවද, නාමල් රාජපක්ෂලාගේ දැක්ම තිබුනේ පුකේ ලිබරල් උන්ටත් වඩා ඉදිරියෙනි.

මා නම් දකින්නේ නාමල් කොළඹ ඉහළ සමාජය සාමාන්‍යකරනය කොට රටට හඳුන්වා දුන් පුද්ගලයා ලෙසිනි. රාජපක්ෂලා එලවා 2015 බලය ලබා ගත් උන් උත්සාහ කලේද නාමල් රාජපක්ෂලා වීමට වූවත්, උන්ට එය සාර්ථකව කළ නොහැකි වූ බවත් සියල්ලන්ම දුටුවේය. නාමල් ගැන කොතෙක් විවේචන තිබුනද මාතලන් නම් ඔහු දකින්නේ විප්ලවවාදියෙකු ලෙසිනි. එය වෙනම මාතෘකාවක් බැවින් අනාගතයේ ඒ ගැන වෙනම ලිවිය යුතුය.

රාජපක්ෂලා තවත් විශේෂිත විප්ලවයක් කළේය. ඒ මේ රටේ දියුණුවට හා සංවර්ධනයට ඉමහත් බාධාවක් වන සඝ පරපුර මෙල්ල කිරීමය. ඔවුන් අද රාජපක්ෂලාට එහෙයි කියන තත්වයට පත් වී අවසානය. මහින්ද එය රැඩිකල් ලෙස කළ අතර. ඝෝඨා එය වඩාත් මානුෂික මුහුණුවරකින් කරගෙන යයි. අනෙක් පක්ෂ හා නායකයින් සියල්ලම රාජපක්ෂලා ඉදිරියේ පදිරි වන්නේ මේ හැකියාව හමුවේය.

කෙසේ වුවත් 2015 මහින්දලා ගෙදර යන්නේ ජනාධිපති කම් පමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම්ද පරිත්‍යාග කරමිනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නාමිකවද මරණයට පත් වීමේ සීග්‍රගාමී ගමන ඇරඹෙන්නේ එතැන් සිටය. මෛත්‍රීපාල සිරිසේන අද එහි අවමංගල උත්සවය සංවිධානය කරමින් සිටී.

පක්ෂ නායකත්වය රැගෙන නැවත මළකඳ කෙලින් කරනා මෙන් මහින්ද රාජපක්ෂට ආරධනා පත්‍ර එවා තිබුනද, සමානුපාතික ක්‍රමය යටතේත් 2/3 ක් ලබාගත් නැවුම් පොහොට්ටුවක් අත්හැර දමා අත බදා ගන්නට යෑම නැවතත් ගල් යුගයකට යාමක් බව නම් නොලියා සිටිය නොහැකිය.

අද ලාංකීය දේශපාලනයේ රෝ මොඩල් එක රාජපක්ෂලාය. මහින්ද රාජපක්ෂ යනු වෙනම ෆිලෝසොෆියකි. ආගමකි. සියල්ලෝම ඔහුගේ දර්ශණය වන්දනාමාන කරන්නෝය. එහෙත් රාජපක්ෂලා සිටිනා තෙක් ඔවුන් සියල්ලෝම අනුගාමිකයින් පමණක්ම වන්නෝය.

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*