ඉදිරි මැතිවරණයේ ජය කාටද?

ඉදිරි මැතිවරණයේ ජය කාටද?

අධිකරණය ඉතා පැහැදිලි සාධාරණ තීන්දුවක් ලබා දී ඇත. විපක්ෂයේ බොහෝ පිරිස් බලාපොරොත්තුව උන්නේ 2018 වසරේ මෙන් තමන්ට වඩාත් වාසීදායි තීන්දුවකි. දැන් උසාවිය වෙත පෙත්සම් ඉදිරිපත් කළ අය මෙන්ම නොකල අයද ජනතාව ඉදිරියට පැමිනිය යුතුය.

එජාපය පිල් දෙකකය බෙදී නාම යෝජනා බාර දී අවසානය. සජිත් පිල උසාවී ගියේ නාම යෝජනා අහෝසි කොට නැවතත් එජාපය යටතේ නාම යෝජනා ්‍ලබාගැනීමටය. කෘතයාධීකාරී මණ්ඩලයේ බහුතර බලය උපයෝගී කරගෙන නැවත එජාපය යටතේ නාම යෝජනා ලබාගෙන, එජාපයේ බලය තමන් වෙත නතුකර ගැන්ම සජිත් පිලේ මුඛ්‍ය පරපරමාර්ථය විය.

දැන් එජාපයේ බලය තහවුරු කරගෙන සිටින්නේ ප්‍රේමදාස විරෝධි බලකායකි. ඇත්තෙන්ම රණසිංහ ප්‍රේමදාසට දෝශාභියෝගය එල්ලවූ වේලාවේ ඔහුගේ සහායට උන්න එකම පුද්ගලයා ඉන්නේ මේ බලකාය තුලය. ඒ රනිල් වික්‍රමසිංහය.

එහෙත් බල තන්හාවෙන් වියරු වැටුන කෙලෙහි ගුණ නොදත් සජිත්ට ඒ සියල්ල අමතකව ගියේය. ජේ ආර් මෙන් නොව රනිල් කිසිදා නායකත්වය හැර නොයනා බව පසක් කර ගත් සජිත් දුරකතනයේ අගමැති අපේක්ෂකයා මෙන්ම නායකයාද විය. මේ පිටුපස කිලී මහරාජා පමණක් නොව මංගඅ රාජිත හා පාඨලීද සිටිනා බව ඉතා පැහැදිලිය.

එදා රණසිංහ ප්‍රේමදාසට එරෙහිව ගාමිනි දිසානායකගේ කන්ඩායම හා ලලිත් ඇතුලත්මුදලිගේ කන්ඩායම අද සිටින්නේ රනිල් සමඟය. ඒ එජාපයේ සුපිරි කන්ඩායමයය. සජිත් සමඟ එක්ව සිටින්නේ පාට පක්ෂ මාරුකරමින් ගොස් අනාථ වූ පිරිසක් හා හේෂා විතාන වැනි දේශපාලන අත දරුවෝය. කෙසේ වෙතත් එජාප චන්දවල අති බහුතරය මෙම පිලට ලැබීමට නියමිතය.

එහෙත් සජිත් අගමැති තරඟය සඳහා තරඟ කරනුයේ එදා මෙදා තුර ලාංකීය දේශපාලනයේ බලවත්ම චරිතය වන මහින්ද රාජපක්ෂට එදිරිවය. එය විහිළුවක් බව කියන්නේ රාජපක්ෂ පිලේ අය නොව, සජිත්ට එරෙහි රනිල්ගේ කන්ඩායමේ පිරිසමය.

ඔවුන් මහින්ද ළඟ කෙතරම් අසරණ පිරිසක්ද යන්න අලි පාටියේ අය කියනා කරුනුවලට අමතරව මෑතකදි කුප්‍රකට වීඩීයෝවක් හේතුවෙන් වඩාත් කතා බහට ලක් වූ හරීන් ප්‍රනාන්දු මහින්ද ඉදිරියේ හැසිරුන අකාරයෙන්ම මනාව ඔප්පු කර අවාසානය.

තිස් වසක යුද්ධය නිමා කිරීම පමණක් නොව. අති සාර්ථක කොරෝනා මැඩපැවැත්වීමකද නිරතවූ රාජපක්ෂලාගේ ජයග්‍රහණය ඉර හඳ මෙන් විශ්වාසය . එය තුනෙන් දෙකේ බලයක් ලෙස සාක්ෂාත් කර ඉතිහාසගත වීම පොහොට්ටුවේ ක්‍රියාකාරිකයින්ගේ වගකීමය.

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*