මෑතකදී දුටූ ආශ්වාදනීයම විස්සයි විස්ස ගැටුම මෙයයි.

මෑතකදී දුටූ ආශ්වාදනීයම විස්සයි විස්ස ගැටුම මෙයයි.

.

Rishie Bro

.

ඉනිම ආරම්භ කළ ශ්‍රි ලංකා කන්ඩායමේ පළමු කඩුල්ල එලෙස කොදෙව් කෝඩුකාර Sinclairගේ ගිණුමට බැර වෙන්නේ අපූරු සැමරුමකින් ඔහු ශ්‍රි ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස දනුෂ්ක ගුණතිලක දවා ගනිමිනි.

අනතුරුව දික්වැල්ල සහ කෝඩුකාර පැතුම් නිස්සංක හොද ජීවයක් ශ්‍රි ලංකා ඉනිමට එක් කලද සුපුරුදු පරිදි අනවශ්‍ය පහරවල්වලින් කඩුල්ල පූජා කිරීමට සමත් දික්වැල්ල ජේසන් හෝල්ඩර් මතින් දැවී යන්නේ අනතුරුව ෆැබියන් ඇලන් සහ වසර ගණනකින් පසු නැවත පැමිණි ෆිදෙල් එඩ්වඩ්ස් සහ නවක කොදෙව් වේග පන්දුවේ ජීවය ගෙන ආ මැකෝයිගේ පන්දු හමුවේ විටෙක එක් කඩුල්ලක් දැවී ලකුණු 71ක් ලබා සිටි ශ්‍රි ලංකා කන්ඩායම සැනකින් ලකුණු 106ක කඩුලු හයක් වැටෙමින් කොදෙව් පන්දුව ඉදිරියේ අසරණ වෙමිනි.

ශ්‍රි ලංකා ඉනිම එසේ ලකුණු 131කට සීමා වෙද්දි පිලිතුරු ඉනිම සදහා පිටියට පිවිසි කොදෙව් රාක්ෂයෙකු වූ එවින් ලුවිස් ප්‍රථම පන්දුවාරයෙන්ම මැතිව්ස්ගෙන් ලකුණු 19ක් උදුරා ගන්නේ ය.

කොදව්වන් ප්‍රථම පන්දුවාර තුන අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 48ක් ලබා සිටියදී නැවතත් ජාත්‍යන්තර ආගමනය සිදු කළ අකිල දනංජය සිය සුපුරුදු හැකියාව මොට වී නොමැති බව පෙන්වමින් ගේල්, පුරන් වැනි විශිෂ්ඨයින් දවා ගනිමින් විස්සයි විස්ස පිටියේ කඩුලු ත්‍රිත්වයක් වාර්තා කරමින් සැනකින් තරග ය ශ්‍රි ලංකාව දෙසට ගෙන එන්නේ ය.

කෙසේ නමුත් හයවෙනි පන්දුවාරයේ කඩුලු ත්‍රිත්වයක් දවාගත් අකිලට එරෙහිව ක්‍රියාත්මක වූ කිරන් පොලාර්ඩ් හයේ හයක් එම පන්දුවාරයේ වාර්තා කරන්නේ දිනෙක එක්දින පිටියේ හර්ශල් ගිබ්ස් සහ 2007 විස්සයි විස්ස ලෝක කුසලානයේ යුවරාජ් සිංට පසු එවන් හැකියාවක් ජාත්‍යන්තර පිටිය තුළ ප්‍රදර්ශනය කළ අසමස කොදෙව් උන්මාදය වපුරමිනි.

මෙය මෙම තරගයේ ප්‍රධාන හැරවුම් ලක්ෂය වූ අතර පසුව වනිදු හසරංගගේ ආක්‍රමණශීලී කඩුලු තුන මෙන්ම හෝල්ඩර් ලබාදුන් උඩ පන්දුවෙන් ශ්‍රි ලංකාව වෙත තිබූ අවසන් බලාපොරොත්තුවත් ගිලිහී යන්නේ ය.

හෝල්ඩර් තරගයේ ඉවසිලිවන්ත ඉනිම දියත් කරමින් කොදෙව් කන්ඩායම ජයග්‍රහණය කර කැන්දාගෙන යද්දි නායක කිරන් පොලාර්ඩ් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලබන්නේ නිසැකවම මෙම තරගයේ කොදෙව් ජයග්‍රහණයේ හැරවුම් ලක්ෂය පොලාර්ඩ් විසින් අකිලට එල්ල කළ මාරාන්තික හයේ පහරවල් හය නිසාමෙනි.

විටෙක කඩුලු ත්‍රිත්වයක් විටෙක පන්දුවාරයක් තුළ හයේ පහරවල් හයක් වැනි විරල හැකියාවන් මෙම ලකුණු 132ක ඉලක්කය තුළ සටහන් වෙන්නේ එසේ ලෝක විස්සයි විස්ස පිටියේ තවත් විචිත්‍රවත් තරගයක් නිම වෙමිනි.

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*