මැච් එකත් ඉවරයි.

මැච් එකත් ඉවරයි.

.

Rishie Bro

.

මැච් එකත් ඉවරයි.මේ තිබ්බ තත්ත්වය එක්ක පරාජය පුදුමයක් නෙමෙයි.සෙන්චූරියන් වල අප්‍රිකාව ගහපු ටෙස්ට් මැච් 20න් 15ක් එයාලා දිනලා තියෙයි.3ක් ඩ්‍රෝ වෙලා තියෙයි.මැච් දෙකයි මේ වෙනකල් මේ පිට්ටනියේ එයාලා පැරදිලා තියෙන්නේ…මේ මැච් එකත් එක්ක එයාලා මැච් 16ක් වින් කරලා තියෙයි මේ පිට්ටනියේ…එහෙම බැලුවාම මේ පරාජය ලොකු දෙයක් නෙමෙයි.අරවින්ද අර්ජුන සනා මාවන් සංගා මහේල මුරලි වාස් වගේ අය ඉදලත් මේ ඉරණම වෙනස් වුනේ නැති එකේ මේක මහ ලොකු පරාජයක් නෙමෙයි.

ඉතිං මේ මැච් එකේ හොද වගේම නරක දේවලුත් හුගාක් වුනා.අපේ පන්දු ‍යැවිමේ බල ඇණිය කොච්චර දුර්වලද කියලා ආයෙමත් පෙනුනා.වේග පන්දු තණතිලිවල ක්‍රීඩා කරපු නැති අය වගේ පන්දු ‍යැව්වේ…ගියපාර හොදටම කරපු විශ්වටත් ලොකු දෙයක් කරන්න බැරි වුනා.

හැබැයි චන්දිමාල් කියන ක්‍රීඩකයා ආයෙමත් ලකුණු අතරට ආපු එක අපේ ටීම් එකට පට්ට වටිනවා.

අනිත් කෙනා තමයි වනිදු හසරංග…බෝල් කරද්දි අනිත් අයට වඩා ලකුණු ලීක් වෙද්දි හුගාක් අය එයාට බැන්නා.හැබැයි එයා ත්‍රිත්ව තරග රටාවන් වලට ගැලපෙනවා කියලා පෙන්නුවා.

මේ දකුණු අප්‍රිකාවේ සෙන්චූරියන් ක්‍රීඩා පිටිය….හුගාක් වාසිය තියෙන්නේ වේග පන්දු යවන්නන්ට…දකුණු අප්‍රිකාවේ දග පන්දු ‍යවන්නාට එක විකට් එකක්වත් වැටෙන්නේ නැතිකොට තණතිල්ලේ වාසියත් නැතුව එයා පලවෙනි මැච් එකෙන්ම කඩුලු හතරක් දවාගෙන එයාගේ හැකියාව පෙන්වනවා.

ඒ වගේම තමයි පිතිකරුවෙක් විදිහට එයාට පුළුවන් වෙනවා ටීම් එක අමාරුවේ වැටුනු වෙලේ පනහක් ගහලා පරාජයේ ලකුණු පරතරය හරි අඩු කරන්න.මේ එයාගේ පලවෙනි මැච් එක…මිරැකල් කරන්න බැරි වෙන්න ඇති.ඒත් මේ කරපු හරිය හොදටම ඇති මේ වගේ පිටියක…

අනිත් කෙනා තමයි කුසල් පෙරේරා…ලකුණු අතරට ආවා.වැදගත්ම දේ මේ ගත්ත සාර්ථකත්වය ඉස්සරහට කොහොමද තවත් වර්ධනය කර ගන්නේ කියන එක…කුසල් පෙරේරා කියන්නේ දැන් ක්‍රිකට් පිටියේ පොඩි ළමයෙක් නෙමෙයි.එයාට තේරෙන්න ඕනි දැන් ඔලුව හදගෙන ලකුණු ගහන විදිහ…

ඔව් ආබාධ හුගාක් වුනා.දකුණු අප්‍රිකා එංගලන්ත ටෙස්ට් තරගාවලි දෙකටම එකම සංචිතයයි නම් කරලා තියෙන්නේ…

හුගාක් අයට ආබාධ…මේ තත්වය එක්ක ආබාධ වුනු අය හොද වුනත් ඊලග තරගයේදි විවේක ගැන්වුවා නම් හොදයි කියලා හිතෙනවා.

මොකද දකුණු අප්‍රිකාවේ අපිට ලොකු විශ්වාසයක් තියන්න බෑ දිනයි කියලා ලංකාවේ තියෙන එංගලන්ත තරගාවලිය තරම් අපිට…

ඉතිං එකම සංචිතයක් මේ තරගාවලි දෙකටම නම් කරලා තියෙන හින්දා අපේ හොදම අය එංගලන්ත තරගාවලියට රැකගෙන අරන් යන එක අපේ වැඩක්…

සමහර විට ඊලග මැච් එක ගහන්න වනිදු චන්දි කසුන් කියන අයට පුළුවන් වෙයි.ඒත් මං හිතනවා මේ ආබාධ තත්ත්වය සීයට සීයක් තියා අඩුම එංගලන්ත තරගාවලිය එනකල්වත් සුව වුනත් විවේකයක් දුන්නොත් මේ අයට එංගලන්ත තරගාවලියෙදි මෙයාලගෙන් සීයට සීයක් අපිට ගන්න පුළුවන් වෙයි කියලා.

ඉතිං ඊලග තරගයේදී චන්දි දනා වෙනුවට අපිට තිරිමාන්න මිනෝද් වගේ අයට ඉඩක් දෙන්න පුළුවන්…ඒ වගේම විශ්ව එක්ක චමීර අසිත කියන දෙන්නාටත් චාන්ස් එකක් දීලා බැලුවොත් හොදයි.

අනිත් කෙනා වනිදු හසරංග…
මේ තමයි කාලෙකින් අපි හොයා ගත්තු යතුර…

ටෙස්ට් ගස්සලා මෙයාගේ පන්දු හුරු කරලා ලිමිටඩ් ඕවර්ස් මැච් වලත් මෙයාව නැති කරනවා කියනවාටත් වඩා මේ ක්‍රීඩකයාව ආබාධ වලින් රැක ගන්නම ඕනි වෙනවා.හොදට කරනවා නම් මොන බෝලේ හදුන ගත්තත් තැනට දැම්මොත් විකට්ස් එයි.මොකද අජන්තට වගේ වනිදුට වනිදුගේ කියලා විකට්ස් ගන්න විශේෂ බෝලයක් තුරුම්පුව වෙලා නැ…වනිදු කියන්නේ විජ්ජාකාරයෙක් නෙමෙයි.ඉතිං ලොකුම ගැටලුව මේ ක්‍රීඩකයාව මැනේජ් කරන විදිහ…එංගලන්ත ටෙස්ට් තරගාවලියේ වනිදු ඉන්නම ඕනේ…ඒ හින්දා එයාට හොදටම ෆිට් වෙන්න ඊලග මැච් එකේ විවේකයක් දුන්නොත් හොදයි.

ඒ වගේම ලබන අවුරුද්ද දිහා බැලුවොත් අපිට අවුරුද්ද පුරා මැච් තියෙයි.ඒ වගේ වෙලාවක අපේ කී ප්ලෙයර් කෙනෙක් වෙච්චි වනිදුව පරිස්සම් කරන එක මැනේජ්මන්ට් එකේ වැඩක්…

එංගලන්ත කොදෙව් තරගාවලි දෙකෙන් පස්සේ අපිට බංගලාදේශ අයර්ලන්ත තරගාවලි දෙකක් එනවා.ඉතිං මේ තරගාවලි දෙකේ පුළුවන් ඕනි නම් අපේ අලුත් අයට ඉඩක් දීලා බලන්න.මොකද දැන් ටීම් එකේ ඉන්න අය මේ මැච් ගස්සලා ලකුණු ටිකක් ගහලා පෞද්ගලික ලකුණු සාමාන්‍ය හදා ගන්නවාට වඩා අලුත් මුහුණක් පායාලා ලෝකෙටම ඇණයක් වෙන්න ගත්තොත් ඒකේ වටිනාකම තියෙන්නෙත් අපිට…

ඒ වගේම තමයි මේ පාර එල් පි එල් එකෙන් වැඩක් වුනා නම් දනංජය ලක්ෂාන් රමේෂ් මෙන්ඩිස් කියන අයට විශේෂයෙන් ඉදිරි විස්සයි විස්ස තරග වල ඉඩක් එන්න ඕනි.

ඒ වගේම ලබන අවුරුද්දේ එල් පි එල් එකෙන් පස්සේ අපිට හුගාක් ටුවෙන්ටි මැච් නැ වර්ල්ඩ් කප් එකට…ඒක නිසා එළැඹෙන ආසියානු කුසලානෙන් වගේම හම්ඹෙන මැච් ටිකෙන් අපි අපේ හොදම ටුවෙන්ටි ටීම් එක හොයා ගන්න ඕනි…දක්ෂ නායකයෙක් පත් කර ගන්න ඕනි.ඒකට හොදම පුහුණු තරගාවලිය එළැඹෙන එල් පි එල් එක නෙමෙයි නිමා වුන එල් පි එල් එකයි.ඒ හින්දා මේ අවුරුද්දේ මුල ඉදන් අපේ මැනේජ්මන්ට් එක මොලේ කල්පනා කරලා ප්ලෑන් ගහන්න වෙයි.

එහෙම උනොත් මේ ලබන්නා වූ අවුරුද්ද ලාංකීකයින් ලෙස අපිට මිල කල නොහැකි අවුරුද්දක් වෙයි !!!

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*