පෙරේදා අවසන් වූ සියවසේ විශිෂ්ඨතම ටෙස්ට් තරඟය සහ තිරය පිටුපස කතා

.
.
විදෙස් කංඩායමකට ඕස්ට්‍රේලියාවේදි මොනම ක්‍රීඩාවක් කිරීමවත් ජයගැනීමවත් ලෙහෙසි නැත. ඕනෑම ක්‍රීඩා තරඟයකදි ඔසියෝ පිට්ටනියට නැත්තම් පිහුණුම් තටාකයට බහින්නේ ජය මිස ඉන් මෙහා දෙයක් ලබා ගැනීමට නොවේ. මෙය ක්‍රිකට් ක්‍රීඩාවටත් පොදුය.
බෝඩර්-ගවස්කාර් කුසලානය සදහා වූ තුන්වන ටෙස්ට් තරඟය සාම්ප්‍රදායිකව සිඩ්නි ක්‍රීඩාංගනයේදී ආරම්භ වූයේ නව වසරේ පලමු ජාත්‍යන්තර ක්‍රීඩා තරඟය ලෙසිනි. මේ තරඟයට එනවිට ඕස්ට්‍රේලියාවත් ඉංදියාවත් තරඟාවලියේ එක් තරඟය බැගින් ජයගෙන සම මට්ටමක සිටියේය.
මා කලින් ලිපියකත් කියූ පරිදි නව වසරේ පලමු තරඟය වන සිඩ්නි ටෙස්ට් තරඟය ඕස්ට්‍රේලියානු හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ග්ලේන් මැග්‍රාත්ගේ බිරිද ජේන් මැග්‍රාත් වෙනුවෙන් නම් කරන්නේය. ජේන් මැග්‍රාත් පියයුරු පිළිකාවකින් මියගිය අතර සිඩ්නි ටෙස්ට් තරඟයට අදාල සෑම දෙයක්ම හැඩවන්නේ රෝස පැහැයෙනි. තරඟයෙන් පසුව තරඟයට අදාල පුලුවන් හැම දෙයක්ම වෙන්දේසි කර ඒ මුදල “ජේන් මැග්‍රාත් අරමුදලට” බැර කරයි. ඒ මුදල් යොදාගන්නේ ඕස්ට්‍රේලියාවේ පියයුරු පිළිකා සඳහා සහ වෙනත් කාන්තා පිළිකා රෝග සඳහායි.

තුන්වන ටෙස්ට් තරඟයේ මුල් දින හතරේ සියලුම ගෞරවය දිනාගත්තේ ඕස්ට්‍රේලියාවයි. ඕස්ට්‍රේලියාව මුල් ඉනිමේ සියල්ලන්ම දැවී ලකුණු 338 ක් රැස් කලේය. ස්ටීව් ස්මිත් ලකුණු 132ක්, මානෙස් ලැබශාන් ලකුණු 91 ක් සහ සිය මංගල ටෙස්ට් තරඟයට ක්‍රීඩා කල විල් පුකොව්ස්කි ලකුණු 62 රැස් කලේය.
ජඩේජා ඉන්දියාව වෙනුවෙන් කඩුලු 4ක් දවා ගත්තේය.
ඩේවිඩ් වෝනාර් පලමු තරඟයේදි තුවාල ලැබීමත්, සංචිතයේ සිටි තවත් ආරම්භක පිතිකරුවන් දෙදෙනෙක් පුහුණුවීම් වලදී තුවාල ලැබීමත්, ජෝ බර්න් පලමු තරඟ දෙකේදීම අසාර්තක වීමත් නිසා ඕස්ට්‍රේලියානු තේරීම් කමිටුව පත්වූවේ බලවත් අපහසුතාවයකටය.

ඔවුන් සංචිතයේ නොසිටි වික්ටෝරියානු ප්‍රාන්තයට ක්‍රීඩා කල යුක්රේන සම්භවයක් ඇති විල් පුකොව්ස්කි තුන්වන තරඟයට ඩේවිඩ් වෝනාර් සමඟ ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කිරීමට යොදාගත්තේය. ඉතාම සාර්තක ඉනිමක් ක්‍රීඩා කල පුකොව්ස්කි සිය මංගල ටෙස්ට් ඉනිමේදීම අර්ධ ශතයක් රැස් කිරීමට සමත්විය. නමුත් අවසාන දිනයේ පන්දු රැකීමේදී ඔහුගේ වම් උරහිසේ ඇතිවූ ආබාධයක් නිසා පිටියෙන් ඉවත්වූ අතර අවසන් ටෙස්ට් තරඟයට ඔහුගේ සහභාගීත්වය අවිනිශ්චිතය.
පලමු ඉනිමේ ඉන්දියාව රැස්කලේ ලකුණු 244ක් පමණි. ආරම්භක පිතිකරු ගිල් සහ පුජාරා ලකුණු 50 බැගින් ලැබීය.
පැට් කමින්ස් ඉන්දිය කඩුලු 4 ක් දවා ගත් අතර ඉන්දිය පිතිකරුවන් තිදෙනෙකු දුවද්දි දැවී ගියේය.

ඕස්ට්‍රේලියානු දෙවනි ඉනිම ආරම්භ කිරීමේදී සහ එම ඉනිම අතරතුරදී ඉන්දියානු පන්දු රකින්නන් වන රවීන්ද්‍ර ජඩේජා, කඩුලු රකින ක්‍රීඩක රිශාබ් පාන්ට්, හනුමා විහාරි, රවිචන්ද්‍රන් අශ්වින් ඇතුළු සෑහෙන පිරිසක් ආබාධ ගොඩට එකතු විය. සමහරුන්ට නැවත සති දෙක තුනක් ක්‍රීඩා කිරීමට නොහැකි තරම් ඒ ආබාධ දරුණු ඒවා විය.
පලමු ඉනිමේ ඉංදියාව වෙනුවෙන් හොදින්ම පන්දු යැවූ ජඩේජාට දෙවන ඉනිමේ පිටියටවත් බැසීමට නොහැකි තරමට ඔහුගේ ආබාදය දරුණු විය. විහාරි ක්‍රීඩා පිටියට ආවේද නැත.
කඩුලු රකින ක්‍රීඩක පාන්ට්ගෙ වැලමිටේ අස්තියක් බිදීයාම නිසා කඩුලු රැකීම කලේ අතිරේක ක්‍රීඩකයෙකි.
ක්‍රිකට් තරගයක නිත්‍ය ක්‍රීඩකයෙක් ආබාදයට ලක්වූවොත් අතිරේක ක්‍රීඩකයෙකුට
පිතිකරනයට ඒමට, පන්දු යැවීමට, නායකත්වය දැරීමට නොහැක. ඒත් ක්‍රිකට් නීතිරිති වලට අනුව විනිසුරුවන්ගේ අභිමතය මත අතිරේක ක්‍රීඩකයෙක්ට කඩුලු රැකිය හැක. මෙය එතරම් සුලබ නැත. ඒත් මේ තරඟයේදි අතිරේක ක්‍රීඩකයෙක් කඩුලු රැක්කේය.
![Image may contain: one or more people, people playing sports and outdoor, text that says 'How sled ging played out Flashpoint: Tim Paine and Ravi Ashwin exchange words during a heated final session in Sydney AFP VIA GETTY IMAGES Paine: Can't wait to get you to the Gabba, Ash. Tell you what... Ashwin: Can't wait to get you to India, it'll be your last series. Paine: Maybe... are you a selector here as well? least my teammates like me, d---head. [Shortly after] Paine: How many IPL teams wanted you when you asked every single one of them?'](https://scontent.fcmb10-1.fna.fbcdn.net/v/t1.0-9/136146442_4235261393169440_2759890012818637843_o.jpg?_nc_cat=106&ccb=2&_nc_sid=8bfeb9&_nc_ohc=SsefGvaF6oMAX-3vbqd&_nc_ht=scontent.fcmb10-1.fna&oh=5477a384c02848e3f0bc1d1e2699c689&oe=6022AF18)
ඉන්දියාවේ ඉල්ලීමක් අහක දාන විනිසුරුවෙකු ක්‍රිකට් ලෝකයේ නැත. කෙසේ හෝ ඕස්ට්‍රේලියාව දෙවනි ඉනිම ක්‍රීඩා කලේම ජයග්‍රහනය අතමිට මොලවාගෙනය. පලමු ඉනිමේ හොදින් පන්දු යැවූ ජඩේජා නැති වාසිය ගත් ඕස්ට්‍රේලියානුවෝ කඩුලු හයකට ලකුණු 312 ක දැවැන්ත ලකුනු ගනනක් ලබා ගත්තේය. ස්මිත් 81ක් කැමරන් ග්‍රීන් වේගවත් ලකුණු 84ක් ලැබශාන් 73 ක් ලබා ගත්තේය.
අවසානයේ ලකුණු 406ක ජයග්‍රාහී ඉලක්කයක් ඉංදියාවට ලබා දෙන ලදි. හතරවන ඉනිමක මේ ලකුණු සංඛ්‍යාව යනු සිහිනයකි. ඕස්ට්‍රේලියානු තත්වය යටතේ මේ ඉලක්කය සපුරා ගැනීම ආබාධ සහිත ඉංදීය පිලට සිහිනයකටත් වඩා එහා ගිය එකක් විය.
ආරම්භක විකට්ටුවට ලකුණු 71 ක් ලබා ගත්තත් රොහිත් ශර්මා ලකුණු 52 කට, ආරම්භක පිතිකරු ගිල් ලකුණු 31 කට සහ නායක අජින්කෙයා රෙහානි ලකුණු 4 කට දැවී ගිය පසු ඕස්ට්‍රේලියාවට ජයග්රනය තිබුනේ අතට ගත් බත් ටික කටට දාගන්නවා වැනි පහසු දුරකිනි.

නමුත් ආබාධ මැද පිතිකරනයට පැමිණි කඩුලු රකින ක්‍රීඩක රිශාබ් පාන්ට් කලකට අමතක නොවන ඉනිමක් ක්‍රීඩා කරමින් ප්‍රවේගකාරී ලකුණු 97 ක් ලබා ගත්තේය. ඔහුට කදිම සහයක් දුන් පලපුරුදු ක්‍රීඩක චෙට්ස්වර් පුජාරා ලකුණු 77 ක් ලබා ගත්තේය. පුජාරා සහ පාන්ට් ගේ ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශය හමුවේ අසරණ වූ ඕස්ට්‍රේලියානුවෝ ඒ අවස්තාවේ ක්‍රීඩා කලේ තරඟය පරාජයෙන් බේරා ගැනීමටය. පාන්ට් නොදැවි සිටියා නම් එය ඉංදියාව ලබන ඓතිහාසික ජයග්රහනයක් වනවා ඇත.
ඔවුන් දෙදෙනා දැවී ගිය පසු නැවතත් තරඟය ඕස්ට්‍රේලියාව පැත්තට හැරුනි. නමුත් ඉතාම සටන්කාමී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කල කොන්දේ ආබාදයක් සැදී කලින්දා නොනිදා රැය පහන් කල රවිචන්ද්‍රන් අශ්වින් නොදැවී ලකුණු 39 ක් සහ ඇවිද ගැනීමටත් නොහැකිව ක්‍රීඩාංගනයට පැමිනි හනුමා විහාරි නොදැවී ලකුණු 23 ක් රැස් කලේය. ඇත්තෙන්ම ඉංදියාව ජයග්‍රහනය ලුහු බැදීම අත් හැරියේ හනුමා විහාරිට කඩුලු අතර දිව යාමට නොහැකි වූ නිසාය.

ඕස්ට්‍රේලියානු පන්දු රකින්නන් කොතරම් පීඩනයකට ලක්ව සිටියාදැයි කිවහොත් ස්ටීව් ස්මිත්ගේ සහ නායක ටිම් පේන්ගේ හැසිරීම එංගලන්ත හිටපු නායක මයිකල් වෝන් ඇතුලු ක්‍රිකට් විචාරකයන්ගේ දැඩි දෝශ දර්ශනයට ලක්විය.
පාන්ට්ගේ සීමා ඉර ස්මිත් විසින් මකා දමා වෙනස් කරනවා විකට්ටුවේ ඇති කැමරා වලින් පෙනුනි.
තරඟයේ දෙවන දිනයේ තරඟ විනිසුරු පෝල් විල්සන්ගේ තීරණයකට එරෙහිව යාම නිසා නායක ටිම් පේන්ට දඩ මුදලක් නියම කෙරිනි.
අවසන් දිනයේ අශ්වින් දවා ගැනීමට නොහැකි වූ විට ටිම් පේන් විසින් අශ්වින්ට dick head යන පරුශ වචනය භාවිතා කරමින් බැන වැදීම ක්‍රිකට් විචාරකයන්ගේ විවේචනයට ලක්විය. තරඟයෙන් පසුව පැවැත්වූ මාධ්‍ය සාකච්චාවේදී ටිම් පේන් මේ පිලිබදව ඉංදීය පිලෙන් සමාව අයැද සිටියේය.

තරඟයේ තවත් වැදගත් සිදුවීම් දෙකක් සිදුවිනි. එකක් නම් දෙවන ඉනිමේදී ඕස්ට්‍රේලියානු පිලෙන් දැක්වූ දුර්වල පන්දු රැකීමයි. උඩ පන්දු හයක් ඕස්ට්‍රේලියානු පිලෙන් ගිලිහී ගියේය. මෙයින් හතරක්ම අතෑරුනේ කඩුලු රකින ක්‍රීඩක නායක ටිම් පේන් අතින් වීම විශේෂයකි.
දෙවනි කරුණ නම් ටෙස්ට් තරඟය පැවැත්වෙන කාලයේම රාත්‍රියේ පැවති බිග්බෑෂ් ලීග් තරඟයක විස්තර විචාරක අට්ටාලයේ සිටි ලෝක පූජිත ඕස්ට්‍රේලියානු හිටපු පා දඟ පන්දු යවන ක්‍රීඩක ශේන් වෝන් සහ ඇන්ඩෘ සිමන්ඩ්ස් විසින් ඕස්ට්‍රේලියානු ක්‍රීඩක මානස් ලැබශාන්ව නිර්දය ලෙස විවේචනය කලේය.
මේ අවස්තාවේ තරඟය මොහොතකට නතර කර තිබූ අවස්තාවකි. නමුත් ඔවුන් දෙදෙනා ADHD නැමති මානසික රෝගයෙන් ලැබශාන් පෙලෙන බව අසභ්‍ය වචන භාවිතා කරමින් පවසනවා තරඟය නරඹන්නන්ට ශ්‍රවනය විය.
මේ පිළිබඳව ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් විකාශනයේ නිල රූපවාහිනය අයිතිය හිමි ෆොක්ස් රූපවාහිනිය අයත් “කායෝ ස්පෝර්ට්ස්” සමාගම වෝන්ගෙනුත් සිමන්ඩ්ස් ගෙනුත් සමාව ලබාගෙන තිබුණි.
පසු දිනයේ ටෙස්ට් තරඟයේදී ශේන් වෝන් උවමනාවටත් වඩා ලැබශාන් වර්නනා කරන්නට විය. මෙය ඕස්ට්‍රේලියානු මුද්‍රත මාධ්‍ය විහිළුවට හාස්‍යයට ලක් කර තිබුණි.
මේ තරඟය වින්ශ්චය කල පෝල් රයිෆල් සහ සිය දෙවන ටෙස්ට් තරඟය විනිශ්චය කල පොල් විල්සන්ගේ තීරන ඉතාම උසස් මට්ටමක පැවතුනි.
කෙසේ වෙතත් සිකුරාදා දිනයේ බෝඩර් ගවස්කාර් ටෙස්ට් තරඟාවලියේ අවසාන තරඟය පැවැත්වෙයි. මෙය පැවැත්වෙන්නේ ශේන් වෝන් සහ ඇඩම් ගිල්ක්‍රිස්ට් පවසා ඇති පරිදි දැනට ලෝකයේ වේගවත්ම තණතීරුව ඇති මගේද නගරය වූ බ්‍රිස්බන් හි ගැබා ක්‍රීඩාංගනයේදීය.
රාත්‍රියට මල් වැස්සකුත් දහවල් තද අව් රශ්මියකුත් ඇති නිසා ඉතාම හොද තණතීරුවක් ගැබා ක්‍රීඩාංගනයේ තණ තීරුව බාර ඩේවිඩ් සන්ඩුස්කි විසින් ලබා දෙනවා ඇත.
තරඟ එකක් බැගින් දෙපිලම දැනට තරඟ ජයගෙන ඇති අතර සිකුරාදා පැවැත්වෙන තරඟය ජයග්‍රහනය කරන කංඩායම තරඟාවලියේ ජයග්‍රාහකයා වනු ඇත.
ඉංදිය පිලේ සිටින එකම විදෙස් පුහුණුකරු වන්නේ ශ්‍රී ලාංකිකයෙක් වන මා මිත්‍ර නුවන් සෙනවිරත්නයි. (බව්වා) බව්වා නිසා මා බලාපොරොත්තු වන්නේ අවසන් ටෙස්ට් තරඟයේ ඉංදියාවේ ජයග්රහනයකි.