චමින්ද වාස්….

චමින්ද වාස්….

.

Hirantha Herath

.

හරියටම මොකද උනේ කියලා දන්නෙ නෑ. ඒත් වාස්ගෙ කතාවෙ මෙහෙම පැත්තකුත් තියෙනවා….

ශ්‍රී ලංකා ජාතික කංඩායමේ හිටිය වේග පන්දු පුහුණුකරු පැදුරටත් නොකියා සති දෙකකට කලින් ඉල්ලා අස්වෙලා යනවා.

ඒ නිසා වාස්ව වේග පන්දු පුහුණුකරු ලෙස පත් කරන්නේ බටහිර ඉංදීය කොදෙව් සංචාරයට දින දෙකකට කලින්. ඒ අරවින්ද, සංගා, රොෂාන් මහානාම සහ මුරලිගෙන් සමන්විත කමිටුවක නිර්දේශයෙන්. අනික් දෙන්නා ගැන නම් වැඩිය මොකුත් කියන්න දන්නෙ නෑ. ඒත් රොෂාන් අයියා සහ මුරලි කියන්නේ තීරණයක් ගන්නෙ බොක්කෙන්ම ක්‍රිකට් ගැන හිතලමයි. ඒ කමිටුව ගැන බලාපොරොත්තුවක් තියාගන්න පුලුවනුත් රොෂාන් අයියා සහ මුරලි නිසා.

ජාතික පිලක පුහුණුකරුවෙක් කියන්නෙ ස්වේච්චාවෙන් කරන, පාසලක දහතුනෙන් පහල අතිරේක කංඩායමක පුහුණුකාර තනතුරට වඩා වෙනස් දෙයක්.

ජාතික පිලක තනතුරක වගකීම වැඩියි, අවදානම වැඩියි. ප්‍රතිපල පෙන්නන්න ඕන. පුහුණුකරුවගේ ජීවිතයම ඒ පුහුණුකාර තනතුර වෙනවා.

ඒ වගේම ජාතික පිලක කුමක් හෝ තනතුරකට අදාල ගෙවීමක් තියෙනවා. තනතුර ලබා දෙන්නෙ ක්‍රිකට් ආයතනය විසින්. තනතුර ලබාගන්නෙ වාස් විසින්. ක්‍රිකට් ආයතනය ඒ තනතුරට අදාල ගෙවීමක් යෝජන්නා කලාම වාස් ඒ ගෙවීමට එකඟ නම් ඒක බාර ගන්න පුලුවන්. ඒ ගෙවීමට එකඟ නැත්තම් සාකච්චා කරලා එකඟතාවයකට එන්න ඕනේ. ක්‍රිකට් විතරක් නෙවෙයි ගෙදරක් ඉදිකරන්න එන මේසන් බාස් උන්නැහෙ කෙනෙක් වඩු බාස්සුනැහෙ කෙනෙක් උනත් සේවය සපයනවද නැත්ද කියලා තීරණය කරන්නෙ ඔය කාරණා උඩ.

සති අන්තය නිසා මා දන්නා පරිදි දින දෙකකට පෙර දුන්නු තනතුර ගැන සාකච්චා කිරීමට ක්‍රිකට් ආයතනයේ නිලදාරීන් නැහැ. ඒ සදහා අවස්තාවක් එන්නෙ නෑ.

අදාල සාකච්චාව කලාම ක්‍රිකට් ආයතනයේ කොන්දේසි සමඟ වාස්ට එකඟවෙලා තනතුර බාරගන්නත් පුලුවන්, දෙගොල්ලන්ටම එකඟවෙන තැනකට එන්නත් පුලුවන්, මේ මොකුත් උනේ නැතිනම් තනතුර බාර නොගෙන ඉන්න වාස්ට පුලුවන්. දැන් මේ අවසන් අවස්තාව තමයි වෙලා තියෙන්නෙ. ඒ කියන්නෙ ක්‍රිකට් ආයතනයේ කොන්දේසි වලට එකඟ නොවුනු නිසා වාස් තනතුර බාරගෙන නෑ.

වාස් කියන්නේ වසර තිහක් තමන්ගේ ශ්‍රමය ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් කැප කල ක්‍රීඩකයෙක් සහ පුහුණුකරුවෙක්. ලංකාවෙන් පිට ලංකාව ලබපු පලමු ටෙස්ට් ජයග්‍රහනයේ පුරෝගාමියා වාස්. 96 ජයග්‍රාහී ලෝක කුසලාන කංඩායමේ ප්‍රදානම වේග පන්දු යවන්නා. දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක්.

වර්තමානයේ වාස්ගේ වෘත්තිය සහ ඔහු ජීවත්වෙන්න කරන රැකියාව ක්‍රිකට් පුහුණුකරු තනතුර. ඔහුගේ රැකියාව බාර ගන්නවාද නොගන්නවාදැයි තීරණය කිරීමටත් කොන්දේසි සාකච්චා කිරීමටත් ඒවාට එකඟ වෙනවාද නැත්ද තීරණය කිරීමත් සම්පූර්ණයෙන්ම ඔහුගේ වැඩක්.

ඒක හරියට ආණ්ඩුව ගේන්න කඩේ ගිය අයෙක් යම් ආන්ඩුවට සම්බන්ද ආයතනයක වෘත්තීමය ලේකකයෙක් වෙනවා කියමු. සේවා කොන්දේසි සහ වැටුප ගැන සෑහීමකට පත්වෙනවා නම් විතරනෙ ඔහු ඒක බාරගන්නෙ. ඒවගේ දෙයක් මේක.

ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ මොනයම් හෝ ගිවිසුමක් ඇත්නම් ඔහුට මාධ්‍යයට ඔහුගේ පැත්තෙන් කරුණු කියන්න බෑ. ඔහුට පාර්ලිමේන්තු වරප්‍රසාදත් නෑ. වාස්ටත් දැන් ඔහුගෙ කතාව කියන්න බෑ.

ශ්‍රී ලංකා ක්‍රිකට් සහ වාස් අතර ඇති ගැටළුව නිරාකරනය කර ගැනීම වාස්ටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටත් අයිති වැඩක්.

-හිරන්ත හේරත්-

May be an image of 1 person and text that says 'THE FATHER SAID "I WANTED TO LET U NO THAT THE RIGHT PLACE VALUES UIN U THE RIGHT WAY.DON'T FIND YOURSELF IN THE WRONG PLACE & GET ANGRY IF YOU ARE NOT VALUED THOSE THAT KNOW YOUR VALUE ARE THOSE WHO APPRECIATE U,DON'T STAY IN A PLACE WHERE NOBODY SEES YOUR VALUE. KNOW YOUR WORTH'
Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*