ක්‍රිස් ගේල්

ක්‍රිස් ගේල්

.

Hirantha Herath

.

ඔහුගේ සම්පූර්ණ නම ක්‍රිස්ටෝපර් හෙන්රි ගේල්වේ. ඒත් ඔබ අප කවුරුත් ඔහුව දන්නේ ක්‍රිස් ගේල් නමිනි. ටෙස්ට්,එක්දින සහ ඨ් 20 පිටියේ ප්‍රවේගකාරී පිතිකරුවා එමෙන්ම ප්‍රියමනාප, විනෝදකාමී මිනිසා වන ක්‍රිස් ගේල්ට ක්‍රිකට් ක්‍රීඩාවට ඇලුම් කරන නොකරන සෑම දෙනාම ආදරය කරති.

ක්‍රිස් ගේල් උපත ලබන්නේ ජමෙයිකාවේ කිංස්ටන් හිදි 1979 සැප්තැම්බර් 21 වෙනිදාය. ක්‍රිස් ගේල්ට සහෝදර සහෝදරියන් පස් දෙනෙකි. ඔහුගේ පියා පොලිස් නිලදාරියෙකි. පියාගේ ආදායම ජීවත්වීමට මදි නිසා ක්‍රිස්ගේ මව නිවසේ සිටම කඩල මුරුක්කු ආදිය අසල්වැසියන්ට විකුණා අමතර ආදායමක් ලැබීය. ක්‍රිස් ගේල්ගේ කුඩා කාලය රෝස මල් යහනාවක් නොව කටු කොහොල් පිරුණු දුෂ්කර එකකි.

ක්‍රිස් ගේල් කුඩා කාලයේ ඔහුගේ හෘද ස්පන්දනයේ අක්‍රමිකතාවකකින් (අර්‍රහ්ය්ත්මිආ පෙලෙන්නට විය. ඔහු කුඩා අවදියේ ඉංදියාවේ කල සංචාරයකදී ඔහු පිතිකරනයේ නියැලෙන විට ඔහුගේ මේ සෞඛ්‍ය තත්වය නිසා ක්‍රීඩා පිටියෙන් ඉවත්වීමට පවා සිදුවිය. පසුව කල ශල්‍යකර්මයකින් ඔහු සම්පූර්ණ සුවය ලැබුවේය.

බංග්ලාදේශය සමග පැවති ටෙස්ට් තරඟයකදී ෂොවාග් ගාසී යැවූ තරඟයේ පලමු පන්දුවටම හයේ පහරක් එල්ල කර, එසේ ටෙස්ට් තරගයක පලමු පන්දුවට හයේ පහරක් එල්ල කල ප්‍රතම සහ එකම ක්‍රීඩකයා බවට ක්‍රිස් ගේල් පත්විය.

මීට අමතරව පල්ලෙකැලේ ක්‍රීඩාංගනය ඉදිකර එහි පලමු තරඟයේ යවූ පලමු පන්දුවට ක්‍රිස් ගේල් කඩුල්ල මුවා කිරීමේ වරදට දැවී ගියේය. පන්දු යවන්නා වූයේ සුරංග ලක්මාල් ය. මේ සිද්දිය මා සමඟ පැවසූවේ ඒ තරඟය විනිශ්චය කල සහ ගේල් දැවී ගිය ක්‍රීඩකයෙක් බවට තීරනය කල විනිසුරු මා මිත්‍ර බෲස් ඔක්සන්ෆර්ඩ් විසිනි. මෙය ක්‍රිස්, සුරංග සහ බෲස් එක්ව කල ලෝක වාර්තාවකි.

ටෙස්ට් තරඟයක ත්‍රිත්ව ශතකයක්, ඕවර් 50 තරඟයක ද්විත්ව ශතකයක් සහ ඨ් 20 තරඟයක ශතකයක් ලබාගෙන ඇති එකම ක්‍රීඩකයා වන්නේද ක්‍රිස් ගේල් ය.
බටහිර ඉංදිය කොදෙව්වන් ක්‍රීඩා කල සියවන ටෙස්ට් තරඟය නැරඹීමට ගේල්ගේ පළමු වසරේ ගුරුවරිය වූ ජූන් මහත්මියව නවසීලන්තයේ හැමිල්ටන් වලට රැගෙන ගොස් සියලු පහසුකම් ඇයට ලබා දීමට තරම් ක්‍රිස් ගේල් ගුණගරුක වී තිබුණි.

මෙතරම් දක්ෂකම් දැක්වුවත් ඔහු කුඩා කල සිටම ඉතාම අලස අයෙකු විය. අදටත් ඔහු පන්දු රැකීම, කඩුලු අතර දිවීම ආදිය කරන්නෙ බොහෝම කම්මැලි ස්වරූපයෙනි.

සාමාන්‍යයෙන් බටහිර ඉංදීය දූපත්වල ජීවත් වන්නන් අතිශයින්ම විනෝදකාමීන් ය. කෑලි හැලෙන රුපියල් ලක්ෂයක් වටිනා කාර් රටයකට වුවත් ලක්ෂ පහක් වටිනා සෙටප් එකක් මිල අධික බෆල් සෙට් එකක් සවිකර කන පැලෙන්න පොප් සංගීතය වාදනය කරමින් යාම ජැමෙයිකාවේ සුලබ දෙයකි. ඇති නැති පරතරය බොහෝ ඇතත් නැති එකා ඇති එකා දෙස කිසිම කුහක කමකින් නොබැලීමත් බටහිර ඉංදීය කොදෙව් දූපත්වාසීන්ගේ ලක්ෂනයකි.

ක්‍රිස් ගේල්ට අයත් පුද්ගලික නයිට් ක්ලබ් එකක් ජමෙයිකාවේ ඇත. එය නම් කර ඇත්තේ “ට්‍රිපල් සෙන්චරි ස්පෝට්ස් බාර්” ඨ්‍රිප්ලෙ Cඑන්ටුර්ය් Sපොර්ට්ස් ඹර් නමිනි. ගේල්ගේ වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 15කි.

හැඩි දැඩි ශක්ති සම්පන්න කලු සිරුරක් හිමි ජවසම්පන්න පැමෙයිකානුවන්ට ලොව පුරාම කාන්තාවන්ගේ ඇත්තේ මහත් ආකර්ශනයකි. එය ක්‍රිස් ගේල්ටත් පොදුය. ලොව කොහේ ගියත් ක්‍රිස්ට කාන්තා ආකර්ශනය නොඅඩුව හිමිවේ. එසේම ක්‍රිස් ගේල්ද කාන්තාවන්ට බෙහෙවින්ම ලැදිය.

ඒත් කොට්ටෝරුවා කෙසෙල් ගසට කොටන්නාක් සේ කාන්තාවන් නිසා ගේල් අමාරුවට වැටුන අවස්තාද ඇත.

ඕස්ට්‍රේලියාවේ බිග් බෑෂ් ලීග් තරඟාවලියේ ගේල් ක්‍රීඩා කලේ ලංකාවේ මුරලිදරන් ක්‍රීඩා කල මෙල්බර්න් ‍රෙනගේඩ්ස් පිලටයි.

රෙනගේඩ්ස් තරඟයකදී, වරක් ගේල් දැවී ගොස් ක්‍රීඩාගාරයට එනවිට ඕස්ට්‍රේලියානු චැනල් 10 රූපවාහිනියේ සුරූපි නිවේදිකා Mඑල් Mcළෞඝ්ලින්, ගේල්ගෙන් සජීවී කෙටි සම්මුඛ සාකචාවක් ගැනීමේදී “ඔබේ ඇස් ඉතාම ලස්සන බවත්, තරඟය අවසානයේ බීමකට යමුයැයි” ප්‍රසිද්දියේ ගේල්විසින් මෙල්ගෙන් ඇසීය.

මෙයින් මහත් අපසුතාවට පත්වූ මෙල්ට “ඩොන්’ට් බ්ලශ් බබ්ය්” යැයි පැවසීම නිසා ගේල්ට සදහටම බිග් බෑෂ් ලීග් තරඟ තහනම් විය.

කාන්තාවක් වාචිකව ලිංගික අඩත්තේට්ටමට ලක් කිරීම නිසා ක්‍රිස්ගේල්ට ඕස්ට්‍රේලියානු ජනතාවගෙන් එල්ලවූයේ දැඩි විරෝදයකි. මෙහිදි ක්‍රිස් ගේල්, මෙල්ට ලිංගික අඩත්තේට්ටම් කිරීම, රාජකාරී වෙලාවේදි ලිංගික හිංසාවක් කිරීම ආදි බරපතල චෝදනාවන්ට මුහුණ දීමට සිදුවිය. ගේල් ඕස්ට්‍රේලියාවෙන් පිටවූයේ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමකින් පසුවය.

මීට අමතරව බටහිර ඉංදීය පිලේ භෞත චිකිත්සකවරිය ඉදිරියේ ගේල් තමා ඇද සිටි තුවාය ගැලවීම නිසා වරක් උසාවි යාමට පවා ඔහුට සිදුවිය.
කෙසේ වෙතත් ගේල් වැනි දක්ෂකම් පිරිපුන් ක්‍රීඩකයෙක් නැවත බොහෝ කාලයකට බිහිවන්නෙ නැත.



පල්ලෙකැලේ ක්‍රීඩාංගනය ඉදිකර එහි පැවති පලමු ටෙස්ට් තරඟයේ සුරංග ලක්මාල් යැවූ පලමු පන්දුවට ක්‍රිස් ගේල් කඩුල්ල මුවා කල වරදට දැවී යාම ලබා දී ලෝක වාර්තාවක් තැබූ ICC විනිසුරු බෲස් ඔක්සන්ෆර්ඩ්




Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*