එලන් ඩීජෙනරස්ගෙ නම කියා ජෝ රූට් දවා ගත් මහේල…..

එලන් ඩීජෙනරස්ගෙ නම කියා ජෝ රූට් දවා ගත් මහේල…..

.

Hirantha Herath

.

පසුගියදා නිමාව දුටු තරඟ දෙකකින් සමන්විත වූ එංගලන්ත ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟාවලියේ වීරයා වූයේ ජෝ රූට් ය. මීට අමතරව අවසන් තරඟයේත් වීරයා රූට් ය.

දකුණු ආසියාවේ මන්දගාමී තණතීරුවල දඟ පන්දු යවන්නන්ට දකුණු ආසියාවෙන් පිට පිතිකරුවන් අසාර්තක වුවත් රූට් ඉතාම සාර්තකව මුහුණදෙයි. මේනිසා වර්තමානයේ පමණක් නොව, ලංකාවෙන් බිහිවූ ශූරම නායකයා වූ මහේලටත් ජෝ රූට් දවා ගැනීම අභියෝගයක් විය.

එක් ටෙස්ට් තරඟයක දිනය අවසානයේ ජෝ රූට් ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්ට සාර්තකව මුහුණ දී නොදැවී ලකුණු 40 ගනනක් ලබා සිටී.

එදින රාත්‍රියේ මහේලගේ දුරකතනයට කෙටි පණිවිඩයක් ලැබේ. ඉන් කියවෙන්නේ “උඹ එලන් ඩීජෙනරස් වගේ” යැයි ජෝ රූට්ට පැවසූවිට ඔහු අතිශයින්ම කලබල වන බවයි.
පසුදා තරඟය ආරම්භ කිරීමට ටිකකට පෙර මහේලට, කලින්දා ඔහුට ආ කෙටි පණිවිඩය මතක් වෙයි. එය ඇත්තක්ද නැත්තක්ද කියා මහේල නොදනී. ඒත් මහේල මේ බව ඩ්‍රෙසින් රූම් එකේදී තම කංඩායමේ අනෙක් සගයන්ට කියයි. ඉතුරු ටික මට මතක විදිහට මහේල කියූ ආකාරයෙන් මෙසේය.

“මං එලන් ඩීජෙනරස් ගැන කිව්වා. ඒත් අවාසනාවකට ටීම් එකේ කවුරුවත් එලන් ඩීජෙනරස්ව දන්නෙ නෑ.”

“අපි හැමෝම මැච් එකට හෝටලෙන් පිටත් වෙන්න කලින් අපේ මොබයිල් ෆෝන් එක ටීම් මැනේජර්ට දෙන්න ඕන. ඒක ICC ය පැනවූ නීතියක්. මට මේ ගොල්ලන්ලන්ට එලන් ඩීජෙනරස්ව පෙන්නන්න විදිහක් නෑ”

“මං මැනේජර්ගේ ෆෝන් එක ඉල්ලන් එයා ඉස්සරහ ටීම් එකේ අනෙක් අයට ගූගල් එකෙන් එලන් ඩීජෙනරස් ගේ පිංතූරයක් අරන් පෙන්නුවා. දෙන්නගෙම පෙනුම එකම වගේ.”

“අපි පිට්ටනියට ගියා. ‘ගුඩ් මෝනින් එලන් ඩීජෙනරස්’ කියලා අපේ කඩුලු රකින්නා බැට් කරන්න එන රූට්ට සුබ පැතුවා.

හෙල්මට් දාගෙන රූට් ලගම පන්දු රකින්න හිටපු අයත් ගිරව් වගේ එලන් ඩීජෙනරස්ගෙ නම කියන්න ගත්තා. රූට්ගේ මූණ හොදටම රතු උනා. එයා හොදටම කලබල උනා. කලින්දා තරඟය නතර කරනකොට හොදට පන්දුවට පහර දුන් රූට් එදා උදේ යවපු පලවෙනි ඕවරයෙන්ම දැවී ගියා. ඊට පස්සෙ ජෝ රූට් ඒ සංචාරයම සාර්තක උනේ නෑ”
මහේල මේ බව කියන්නෙ රූපවාහිනි වැඩසටහනකදීය. ඒ වැඩසටහන සෙව්වත් මට සොයා ගැනීමට නොහැකි විය. වසර ගනනකට පෙර මා නැරඹූ ඒ වැඩසටහන මතක විදිහට ලිව්වේය. සමහර විට මෙහි වාක්‍යයක් දෙකක් එහා මෙහා විය හැකිය.

මගේ ප්‍රශ්ණය එදා ගිරවෙකු මෙන් එලන් ඩීජෙනරස්ගෙ නම කියූ චන්දිමාල්ට මෙදා එය මතක් උනේ නැත්ද?

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*