ඉත්තන් යොදවා දෙපැත්තට මඩ ගසා ගන්නා කොත්තාරාමයේ ක්‍රිකට් නිලධාරියෝ – Exclusive Exposed

ඉත්තන් යොදවා දෙපැත්තට මඩ ගසා ගන්නා කොත්තාරාමයේ ක්‍රිකට් නිලධාරියෝ – Exclusive Exposed

.

Lanka Sports News

.

බලු පොරේට වැටෙනවා කියා පැරැන්නන් කීවේ එක හා සමාන පිරිසක් යමක් වෙනුවෙන් සටන් කිරීම හැදින්වීමටයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දේශපාලනයේ නිරත දෙපිරිසක් අතර එවන් සීතල යුද්ධයක් මේ වන විට ඇතිව තිබෙනවා. එය දෙපැත්ත බෙදී සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියේ මඩ ගසා ගැනීමක් දක්වාම වර්ධනය වී අවසන්. එක් පැත්තක් මෙය ක්‍රිකට් බහිරවයෙක් ලෙස අනෙකා හඳුන්වන විට ඊට ප්‍රතිචාර දක්වා ප්‍රකාශ කර ඇත්තේ නරින්ට උදව් කළ විට ස්තූති කරන්නේ හූ කියා ලෙසයි. සොර මුල් දෙකක් අතර ඇතිව තිබෙන ගැටුමක් ලෙස ඇතමුන් දකින මේ පිලිබද සවිස්තරාත්මක තොරතුරු මෙතැන් සිට දිග හැරෙනවා.

මේ කතන්දරය පළමුව එලියට එන්නේ විප්ලවවාදියා විප්ලවවාදියා කියන මුහුණු පොතේ පිටුව හරහායි. ඔහු තමන් විප්ලවවාදියා කියන නාමයෙන් හදුන්වා ගත්තත් ප්‍රසිද්ධියේ පෙනී සිටිමින් වීඩියෝ හා ඡායාරූපය නිකුත්කර තිබෙනවා. මේ කියන පුද්ගලයා බස්නාහිර පලාත් ක්‍රිකට් සංගමේ ඇති වැඩකුත් නැති, නැති වැඩකුත් නැති අයෙක් බව සදහන් කළ යුතුයි. මෙම පේජය මගින් ඔහු මඩ ප්‍රහාරයක් එල්ල කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාංගණ හා තණතිලි භාරකරුටයි. ඔහු ක්‍රිකට් නිලවරණයේ ඡන්ද හිමි ප්‍රභල භූමිකාවක් නිරූපණය කරන්නෙක් වනවා. එමෙන්ම කටුනායක ක්‍රිකට් ක්‍රීඩා පිටිය බද්දට ගෙන ආර්. ප්‍රේමදාසයේ සේවකයින්ව හොර පාරෙන් යොදවා නඩත්තු වැඩ කරවන්නෙක් බවට චෝදනා ලැබුවෙක්. මෙම වීඩියෝ වලට අනුව ක්‍රිකට් ක්‍රීඩාංගන සදහා නඩත්තු උපකරණ ගෙන්වීමේදී අයථා ගනුදෙනු කරන බවටත් චෝදනා එල්ල වනවා. කෙසේ වෙතත් පසුගියදා නිමාවා ලංකා ප්‍රිමියර් ලීග් LPL 2020 ක්‍රිකට් තරගාවලියේ තණතීරු උසස් ලෙස සැකසීමේ ගෞරවය හිමිවූයේද මෙම පුද්ගලයාටම බවත් මතක් කළ යුතුයි. 

.

.

Lankasportsnews අප වෙත වාර්තා වන පරිදි මෙම චෝදනා එල්ල කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයෙන් නෙරපූ බස්නාහිර පලාත් සංගමයේ නිලධාරියාගේ පැටිකිරියත් එතරම් හොද එකක් නොවේ. ඔහුගේ කිල්ලෝටයේ ඇති හුණු තලි අමතකර කර යන්න බැහැ. මේ පුද්ගලයා උඩුගම විදුහලක ක්‍රිකට් පුහුණුකරුවෙක් ලෙස සේවය කර තිබෙනවා. එහිදී ක්‍රීඩා පිටියක් ඉදි කිරීමට කියා විද්‍යාලයේ වටිනා ගස් හොරෙන් කපා හසුවී විදුහල්පතිවරයා ඉන් නෙරපූවෙක්. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ තරග පැවැත්වෙන විට එහි පිරිසිදුකිරීමේ කොන්ත්‍රාත්තුව ලබා ගෙන ඇත්තේද මොහුයි. හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ තරග පැවැත්වෙන විට තණතිලි ආවරණය කරන්නන්ගෙන් තරගය අවසන් වූ විට හැද සිටි ටී ෂර්ට් එක හා කලිසම ගලවා ගැනීමට කටයුතු කළේද මෙම වීඩියෝ ගෙන එන පුද්ගලයායි. සේවකයින්ගේ කලිසම් ගැලවීම මාධ්‍ය වාර්තා කිරීමත් සමග එය සිදු කළේ මොහු බව පවසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහුව සේවයෙන් පහ කරනුලැබුවා. එසේ දොට්ට දමා අනෙක් පැත්තෙන් යලි ඔහුට බස්නාහිර පලාත් ක්‍රිකට් සංගමයේ සේවයක් නැති තනතුරක් ලබාදී වැටුප් ගෙවීමට පියවර ගත්තා.

මෙවන් ඉතිහාසයක් ඇති මෙම විප්ලවවාදියා ලෙස තමන්ව හදුන්වා ගන්නා පුද්ගලයාගේ බිරිද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොහොත් පොහොට්ටුවේ ක්‍රියාකාරී සාමාජිකාවක් වනවා. එම හයියෙනුයි ඔහු පාරම් බාමින් ඇත්තේ. ඔහුට මෙම බස්නාහිර පලාත් ක්‍රිකට් සංගමයේ නිලධාරියා සමග ඇත්තේ පෞද්ගලික කෝන්තරයක් බව Lankasportsnews අප වෙත වාර්තා වනවා. එය ඇතිවී ඇත්තේ පසුගියදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඇතුලුවීමට යන විට නිසි සෞඛ්‍ය තත්වය නැතැයි කියා ඇතුලු කර නොගැනීම හේතුවෙනුයි. එහිදී මොහුගේ ශරීර උෂ්ණත්වය ඉහළ අගයක් සටහන්ව ඇතැයි සදහන්. එලෙස ක්‍රීඩාංගණයට පිවිසීමට සූදානම් වී ඇත්තේ එළඹෙන එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පිරිසිදු කිරීමේ කොන්ත්‍රාත්තුව ලබා ගැනීම සදහායි. එහෙත් එය ඉටු නොවීම හා ක්‍රිඩාංගනයට ඇතුලු කර නොගැනීම පිටුපස ඇත්තේ මෙම ක්‍රිකට් ක්‍රීඩාංගණ භාරකරු යැයි සිතා තරහින් පුපුරන විට ඊට පිදුරු දැමීමට එම නිලධාරියා සමග පෞද්ගලික කෝන්තරයක් ඇති තවත් ශ්‍රී ලංකා ක්‍රිකට් බස්නාහිර පලාත් නිලධාරියෙක්ම කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කොන්ත්‍රාත්තුවට අනුව ප්‍රසිද්ධියේ මෙලෙස ආයතනය විවේචනය කළ හැකි වන්නේ නැහැ. එහෙත් සිදුවන මෙම ක්‍රියාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුනිවත රකින්නේ ඉදිරි නිලවණයේදී මෙම දෙපාර්ශ්‍රවයේම ඡන්ද වැදගත් නිසා බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැහැ.

විප්ලවවාදියා කියන බස්නාහිර පලාත් ක්‍රිකට් සංගමයේ නිලධාරියා ඉදිරියට ඇමූ ඩමියක් පමණයි. ඔහුව මෙහෙයවන ඉහළ නිලධාරියා කලක සිට බස්නාහිර පලාත් ක්‍රිකට් සංගමයේ පල් වන අයෙක්. මේ වන විට ඔහුට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මාසිකව රුපියල් එක් ලක්ෂ 50,000 ක වැටුපක් සමග සියලු පහසුකම් සපයා තිබෙනවා. ඔහු පිළිබඳ Lankasportsnews අප ඊයේ අනාවරණය කළා. කෙසේ වෙතත් එකම කදවුරේ සිදුවන කුලල් කා ගැනීමෙන් වාසිය ක්‍රීඩාවට ලබා ගැනීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සමත් විය යුතුයි. ඔහු දේශපාලන පක්ෂපාතකම ඉදිරියට දාගෙන ඒක පාර්ශ්වික පරීක්ෂණයක් නොකොට දෙපැත්තම ගැන සොයා බැලිය යුතුයි. එවිට සැබෑ වැරදිකරුවන් හදුනාගෙන දූෂණයට වැට බැද ශ්‍රී ලංකා ක්‍රිකට් පිරිසිදු කිරීමට අමාත්‍යවරයාට හැකි වනවා. අනුන්ට කැපූ වලේ ඔහුත් සමගින් තමන්ද වැටෙන බව ලෝකයාට පෙන්වයිද නැත්නම් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සුපුරුදු නිහඬ ඇල් මැරුණු ස්වභාවය පෙන්වයිදැයි ක්‍රිකට් ලෝලීන් බලා සිටින බව අවසන් ලෙස සටහන් කළ යුතුයි. 

.

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*