අලුතින් උපන් කිවි පක්ෂියා

අලුතින් උපන් කිවි පක්ෂියා

.

Rishie Bro

.

නවසීලන්තයේ අලුතෙන් ආපු වේග පන්දු තරුව තමයි කයිල් ජෙමිසන් කියන්නේ…තාම ටෙස්ට් මැච් හයකට විතරයි සහභාගි වුනේ…හැබැයි මේ වෙද්දි කඩුලු 36ක් දවාගෙන තියෙනවා.හෝ….හෝ….දැන් කියන්න එපා ඔයත් නිකන් වැඩ පෙන්නපු ගමන් එක එකාව උඩ අරිනවනේ කියලා…ලංකාවේ එහෙම උනාට එයාලගේ එහෙම වෙන්නේ බොහොම කලාතුරකින් තමයි.අනිත් එක ෆේල් වෙවී ෆේල් වෙවී උන්ව පතුරු හරින්න කිවි ක්‍රිකට් බලධාරින් වැඩ කරන්නේ නෑ…ෆේල් නම් එළියට දැම්මා…අලුත් කෙනෙක් ගෙනාවා…ඒකත් නියම ප්‍රමිතියට කරනවා.අපේ වගේ ආවෝ ගියෝ කියන්නේ නැ…චුට්ටක් අවස්ථාව දීලා බලනවා.

ඉතිං ඔන්න ඔහොම ආපු කෙනෙක්ලුනේ ජෙමිසන් කියන්නෙත්….මෙයා 2014 තමයි අවුරුදු 19න් පහල කන්ඩායමට ක්‍රීඩා කරලා තියෙන්නේ…

දැන් වයස 26ක්ලුනේ…

නිමා වුන පකිස්තාන ටෙස්ට් තරගයේ ජෙමිසන්ට පුළුවන් වෙනවා එයා කවුද කියලා මුළු ලෝකෙටම පෙන්වන්න.හුගාක් අය මේ ටෙස්ට් තරගේ බලන්න ඇති….හේතුව අද ලෝකේ අංක එකේ ටෙස්ට් පිතිකරුවා වෙච්චි කේන් විලියම්සන් ගහපු ඒ මනරම් ද්විත්ව ශතකය හින්දාම හැමෝම මේ මැච් එකට ඔලුව දාගෙන ඉන්න ඇති…
ඉතිං එයා නවසීලන්ත ටෙස්ට් පන්දු යවන්නෙක් ටෙස්ට් තරගයක වාර්තා කරපු හොදම ටෙස්ට් පන්දු යැවීමේ ලිස්ට් එකේ මුල් දහදෙනා අතරට නම අරන් යන්න අද පුළුවන් වෙනවා.

තරගය පුරා පකිස්තාන කඩුලු 11ක් ලියවෙන්නේ ජෙමිසන්ගේ නමට….පිතිකරුවෙක් විදිහටත් ජාමේ ගැට ගහ ගන්න පුළුවන් කෙනෙක් නිසා ඉස්සරහට නවසීලන්තයට පට්ට වටින චරිතයක් වෙයි.

ටිම් සවුති,ට්‍රෙන්ඩ් බෝල්ට් කියන නම් දෙක එක්ක ක්‍රිකට් ක්‍රීඩාවේ තියෙන තරග රටා ත්‍රිත්වයටම ෆයිට් එකක් දෙන්න පුළුවන් කෙනෙක් වගෙයි ජෙමිසන් පේන්නෙත්… ඒ ස්පෙල් එක නවසීලන්ත ක්‍රීඩා ලෝලීන්ට නම් කවදාවත් අමතක වෙන එකක් නෑ…
අද ලෝකේ අංක එකේ ටෙස්ට් කන්ඩායම නවසීලන්තය වීම අරුමයක් නෙමෙයි.එයාලගේ ක්‍රිකට් වලට එන අලුත් මුහුණත් මේ වගේ දක්ෂතා දක්වනවා නම් ඉතිං කිවි ක්‍රිකට් ගැන අහන්නත් දෙයක්ද ???

අවුරුදු ගානක් ගියා කිවි ක්‍රිකට් මේ තැනට එන්න…එදා බ්‍රෙන්ඩන් මැක්ලම්ගෙන් පස්සේ ඒ ගත්තු සාර්ථකත්වය කේන් නායකයා විදිහට අද වැඩි දියුණු කරන විදිහ නම් කියන්න වචන නෑ…

එදා මෙදා ටෙස්ට් ඉතිහාසය ඇතුලේ නවසීලන්තය වෙනුවෙන් ක්‍රීඩා කරන හොදම කන්ඩායම අද බිහි වෙලා තියෙනවා ඉතිං…

ඉතිං ඒ කන්ඩායමේ ජෙමිසන් කියන අලුත් තරුව ඉස්සරහට බෝල්ට්ලා ප්‍රතිවාදින්ට වගේ දරුණු ඇණයක් වෙයි කියලා ඉගියක් දුන්නු හොදම මොහොත තමයි මේක….
විවාදයක් නෑ….

කයිල් ජෙමිසන් කියන්නේ සිරාම වැඩ්ඩෙක්…

කාලයක් රජ කරපු අවාසනාවන්ත කතිකාවට නැවුම් එලියක් එකතු කරන්න කේන්ට හම්ඹුන බලගතුම තුරුම්පුවක් විදියට අද ජෙමිසන්ගේ පන්දු යැවීම දැක්කා නම් බලා ගන්න පුළුවන් !!!

හෝ….හෝ… වැඩි කතා නැතුව වාරය දෙමු කාලයට….

දැන් නම් මං නවසීලාංකිකයෙක් වෙලා ඉවරයි.

ලංකාවට සමානව ක්‍රිකට් පිස්සුව අලුත් නවසීලන්ත ක්‍රිකට් පරම්පරාව ප්‍රේක්ෂක ලේ වලට පොම්ප කරලා තියෙයි.

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*