19 සියවසේ ජීවත්වන විසාකා විදුහල්පතිනිය…..

19 සියවසේ ජීවත්වන විසාකා විදුහල්පතිනිය…..

.

Hirantha Herath

.

කොළඹ විසාකාවට අලුතෙන් උසස්පෙල සිංහල සහ සාහිත්‍ය ඉගැන්වීමට ආ ගුරුවරයාගෙ පත්වීම් ලිපිය විසිකර ආරක්ෂක අංශ යොදා ඔහුව පාසලෙන් එලියට එලවීමට විසාකා විදුහල්පතිනිය කටයුතු කර ඇත.

ඇය ජීවත්වන්නේ කොයි ශත වර්ෂයේ කොයි ග්‍රහලෝකයකදැයි සොයා බැලිය යුතුය.
19 වෙනි සියවසේ එංගලන්තයේ රජකම් කල වික්ටෝරියා රැජින ඇති කල දැඩි නීතිරිති තවමත් හිස් මුදුනින් පිලිගන්නා රටක ජීවත් වන විදුහල්පතිනිය වික්ටෝරියා රැජින ඒ නීතිරීති පැනවූයේ ඇයිදැයි සොයා බැලිය යුතුය.

19 සියවසේ එංගලන්තයේ තදින්ම පැතිරුනු සිපිලස් ඇතුලු සමාජරෝග මර්ධනයට ඇය මේ නීති රීති පැනෙව්වාය. කතානායක, සුප්‍රිම් නඩුකාරවරු ජනාධිපති නීතිඥයන් හිසේ පලදන සුදුපාට “විග්” එක ආවේත් සමාජරෝග නිසා හිසෙන් ආ දුර්ගන්දය වැලැක්වීමටය.

වික්ටෝරියානු රැජින කලක් ලෝකයේ බලවත්ම කාන්තාව උවත් ඇයත් තදබල සමාජ රෝගයකින් පෙලුනාය. පාලතේ කිට්ටුවීමට බැරි තරම් දුර්ගන්දයක් ස්නානය නොකරන ඈ වෙතින් ආවේය.

කාන්තාවන් දෙවනි පුරවැසියන් ලෙස සැලකූ යුගය නිමාකලේ බුදුන් වහන්සේය. කාන්තාවටත් පිරිමින්‍ටත් සමතැන් දුන් උන් වහන්සේගේ සමාජ කියවීම පසෙකට දමා වික්ටෝරියානු සම්ප්‍රදාය කරේ තබා ගෙන යන මෙවන් උමතු ගැහැනුන්ට බෙහෙත් කල යුතුය.

සිංහල සාහිත්‍ය කාව්‍ය රචක තොටගමුවේ රාහුල හිමියෝ එහිමියන්ගේ පන්සලේ දායක දායිකාවන් පිරිසක් සමග ට්‍රිප් එකක් ගියෝය. හරි වන්දනා ගමනක් ගියේ කියමුකො.
උදේ පාන්දර අවදි වූ රාහුල හිමියෝ දැහැටි කූරක් හපමින් සක්මන් කරන විට මුලුතැන් ගේ කඩිගුලකට උනු අළු වැටුනාක් බදු වී ඇති බව දුටුවෝය.

රාහුල හිමියෝ මුලුතැන් ගෙට යනවිට උපාසිකාවෝ පස්සවල් විකාගෙන ස්වමීන් වහන්සේලාට හීල් දානයත් ගිහියන්ට උදේ ආහරයත් සකසමින් සිටිති.

රාහුල හිමියන් අසලම සිටි කාන්තාව දනිස් දෙකෙන් දෙකට නැමී ලිපිට පිඹිමින් සිටියාය. එසේ පිඹින විට ඇයට මහ හඩින් වාතයක් පිට විය.

ඒ ඇසුනු රාහුල හිමියන්ට කවි සිතුවිල්ලක් පහල විය. උන් වහන්සේ ශබ්ද නගා එය කිව්වේ මෙහෙමය;

වෙන ලිය ගිණි පිඹිනේ දෙතොලස්සෙන
මේ ලිය ගිණි පිම්ඹේ පිටිපස්සෙන
කියාය.

ඕවා ලස්සනට ඉගැන්විය හැක්කේ පිරිමි ගුරුවරයෙකුට පමණය.

කාන්‍තා ගුරුවරියන්ගෙන් පමණක් විසාකාවේ ඉගෙනගත් කාටත් ආදර්ශමත් කාන්තාවන් දෙදෙනෙක් මෙහිදී මට සිහිපත්වේ.

අයෙක් හිරුණිකා ප්‍රේමචන්ද්‍රයි. අනෙක් කෙනා මල්ෂා කුමාරතුංගයි.

-හිරන්ත හේරත්-

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*