“මේ නත්තල ඔවුන් දන්නවාද?”

“මේ  නත්තල  ඔවුන් දන්නවාද?”

.

Sujeewa Kokawala

.

ඉතියෝපියාව…

1974 එවකට උන්නු අධිරාජයා එළවා දමා ඉතියෝපියානු හමුදාවේ මාක්ස්වාදි කල්ලියක් රටේ බලය ලබාගන්නවා. ඊට පස්සෙ සෝවියට් කියුබන් ආදි රටවල සහයෙන් රටෙ පාලනය ගෙනියනව මාක්ස්වාදි ජුන්ටාවක් ලෙස.

සාමාන්‍යයෙන් මාක්ස්වාදි රටවල වුණා වගෙ සමස්ත ශ්‍රම බලකාය ගොවිතැනට මෙහෙයවන ප්‍රතිපත්ති ඔවුන් ක්‍රියාවට නගනව, කළින් කළට අධිරාජ්‍යයේ විවිධ පෙදෙස් වල එන නියන් තත්ව සහ සාගත ඉතියෝපියානු අධිරාජ්‍යයෙ ඉතිහාසයේ සළකුණක්. ඒ නිසා නව රජය සමාජය ග්‍රාමිය සහ නාගරික ලෙස බෙදල ඒ ග්‍රාමිය පවුල් විසින් සම්මත මිළකට නාගරික පවුල් පවත්වා ගන්න අවශ්‍ය ධාන්‍ය සපයන්න ඔනෙ කියල නීතියක් ගේනව.

හැබැයි මේ ධාන්‍ය මිළ ඉතාම අඩු මිළක්. ඒ නිසාම ග්‍රාමිය ජනයාට ගොවිතැන් කිරීමේ තේරුමක් නෑ. රජය ධාන්‍ය තොග වෙළදාම තහනම් කරන නිස වෙලෙන්දන්ටත් තේරුමක් නැතුව යනව. ගොවීන් ගොවිතැනින් ඈත්වෙන බව දකින රජය හැම ගොවි පවුලක්ම අඩුම ගානෙ එක්තරා ධාන්‍ය ප්‍රමාණයක් සපයන්නම ඔනෙ කියල නීතියක් ගේනව එසේම ගොවි පවුල්වල අයට වෙනත් රැකියා කරා යාම තහනම් කරනවා.

ඒ වෙද්දි ඉතියෝපියාවෙ හැම ප්‍රාන්තෙකම වගේ මාක්ස්වාදි ජුන්ටාවට එරෙහි කැරැලි පැන නැගෙමින් තියෙන්නෙ. ඒත් උන්ගෙ ප්‍රබලම සහ සාර්තකම කැරලි කල්ලිය ඉන්නෙ උතුරෙ තියෙන ටිග්‍රේ ප්‍රාන්තයේ (ඊට හේතුව මාක්ස්වාදි ආණ්ඩුව බලේට එන්න කළින් උන් අඳිරාජ්‍යයෙන් වෙන්ව යාමේ බෙදුම්වාදි සන්නද්ධ මාවතකට පිවිස සිටීම).

මාක්ස්වාදි රජය තව පිස්සු කෙළිනව. ගොවි ගම්මාන කියල ජාතියක් හදල ගොවි පවුල් අල්ලගෙන බලෙන්ම ඒවයෙ පදින්චි කරනව. මේ ගොවි ගම්මාන වල මූලික පහසුකම් පවා නැති අවස්තා තියෙනව.

1980 දශකය එන්නෙ මෙහෙම තත්වයක. 1980 දශකය අරගෙන එන්නෙ නියන් කාලයක්. ඒ අතරින් ටිග්‍රේ සහ අසල්වාසි වොලෝ ප්‍රාන්ත දෙකට වැසි සැපයෙන වෙදර් පැටන් එක සපුරා අක්‍රිය වෙනවා.

මාක්ස්වාදි රජය මේ අවස්තාවේදිවත් නියන් වලට සහන සපයන්නෙ නෑ. ඒ වෙනුවට අර පෙර කී අවම ධාන්‍ය කෝටාව සපයන ලෙස ටිග්‍රෙ ඇතුලු නියන් කලාපෙ ගොවි පවුල් වලට බල කරනවා. ඒත් නියගය එකක් ගොවිතැන් කරන්නත් බෑ. මිනිසුන්ට ගෙදර කන්නවත් දෙයක් නෑ. ඒ මිනිස්සු ගෙදර උන් බඩගින්නෙ ඉද්දි බ්ලැක් මාකට් ප්‍රයිස් එකට ධානය් මිලට ගෙන ඒව අර ආන්ඩුවෙ නියමිත අවම මිලට ආන්ඩුවට දෙනව කෝටා එක නොදී දඩුවම් විදින්න වෙන හින්දා. බොහෝවිට ආයෙ බ්ලැක්මාකට් අධිමිලට එන්නෙ ධාන්‍ය මයි.

එසේම වාර්ගික ප්‍රදේශ බෙදුනු අධිරාජ්‍යයක් වන ඉතියෝපියාවෙ ගොවි පවුල් බලෙන් උස්සන් ගිහින් වෙන වෙන පැතිවල දාන එකෙන් වලකින්න මිනිස්සු නිවෙස් වලින් පළා යනවා.

ටිග්‍රෙ මහජන විමුක්ති පෙරමුණ සන්නද්ධ සටන් වැඩි කරනවා. ආණ්ඩුව ලොකු මිලිටරියක් හදන්න හිතන් තියෙන රිසෝසස් ආමි එකට දානව. ටිග්‍රේ සන්නද්ද සටන බේරගන්න අමාරු වෙද්දි ආණ්ඩුව ටිග්‍රේ වලට සැපයුම් කපනව. ඒ අනුව මිනිසුන්ට කන්න කියල ලැබුනු අන්තිම සෝස් එකත් සමහර විදෙස් ආධාරත් නොලැබි යනවා. මේ මොහොතෙ ටිග්‍රේ වල ජනයාට කිසිම ආහාරයක් නෑ. මේ තත්වය වොලෝ ඇතුලු අසල්වැසි ප්‍රාන්ත වලටත් යනව. එක්සත් ජාතින් ආධාර දුන්නට ඒව බොහොමයක් ආණ්ඩුව හරහ දෙන්න ගිය නිසා බහුතර ආහාර ආදාර මිලිටරි සහ මිලිශියාවල භාවිතයට යනව මිස සාගතෙන් පෙලෙන ටිග්‍රේ සහ අවට ප්‍රාන්ත වල මහජනයාට යන්නෙ නෑ.

අසුව දශකයෙ වසර කීපයක් ටිග්‍රේ සහ අවට නියන් තත්වය සහ මේ නීතිරීති වල බලපෑම නිසා මිනිස්සු කෙමෙන් අසල්වැසි සුඩානය දිහාට යන්න පටන් ගන්නව. සුඩානයේ එක්තර ස්තානයක හැදෙන කුඩා අනාත කදවුරු කීපයක් හිටි ගමන් විශාල අනාතයින් පිරිසකගෙන් වැහිල යනවා. ලෝක මට්ටමින් කෙතරම් ආධාර ආවත් මිනිස්සු එන වේගය ඊට වැඩියි. සති ගානක් කන්න නැතුව ඉදල අවුරුදු ගානක් සෞඛ්‍ය පහසුකම් නැතුව ඉදල කිමි සියගානකුත් ගෙවාගෙන එන මිනිසුන්ගෙ දරාගැනීමෙ හැකියාව අවමයි. කදවුරු වල ආහාර හිගය උන්ට දරාගන්න හැකිවන්නෙ දින කීපයක් පමණයි. මිනිස්සු කදවුරු වල මැරෙන්න පටන් ගන්නව, මරණ දවසට සිය ගාණක් දක්වා ඉහල යනවා, සහන සේවකයින්ට සිද්ද වෙනව පෝලිමට ඇටසැකිලි දරුවන් තියාගෙන ඉන්න ඇටසැකිලි අම්මල මැද්දෙන් ගිහින් ආහාර දෙන්න නියමිත දරුවන් කීපය තෝරන්න, ඒ කිව්වෙ අනිත් දරුවන් එදා මැරෙන්න අරිනව කියන එක.

ඇත්තෙන්ම ඉතියෝපියාවෙ උතුරුදිග පලාත්වල මැරුන තරම ලොකුයි සුඩානෙ කෑම්ප් වලට වඩා. මේ ඔක්කොම ලක්ශ පහේ සිට මි 1.2 දක්වා මලා කියල හිතනව. ඒකෙ ලොකුඅම් භාරය ටිග්‍රේවරුන්.

අසුව දශකයෙ නියන් තත්වය ලොකුවයින් අමුතු එකක් නොවන බවත් ලේසියෙන් මැනේජ් කල හැකි බවත් මරණ සියල්ලම වාගෙ රජය විසින් මැනිපියුලේට් කළ තත්ව වල වෙච්ච බවත් තමා කියන්නෙ. ඒ අතර කැරළි කණ්ඩායම වට්ටන්න හිතාමත ආහාර කපා දාපු එක දැන දැන ම කළ සමූළ ඝාතනයක්.

කෝම වුණත් මේ සාගත එක්ක රටේ කැරලි තත්වය එන්න එන්නම උත්සන්න වෙනව. මාක්ස්වාදි රජයට එරෙහි කැරැලි කණ්ඩාය එකතු කරල නායකත්වය දෙන්න ටිග්‍රෙ මහජන විමුක්ති පෙරමුණ සමත් වෙනව. අනු එක විතර වෙනකොට මාක්ස්වාදින් එළවා සන්නද්ද කණ්ඩායම් එකතුව බලය ගන්නව. ඒකට නායකත්වය දෙන ටිග්‍රෙ මහජන විමුක්ති පෙරමුණේ නායකය රටේ නායකය වෙනව. එහෙම වෙලා වසර විස්සකට වඩා පාලනය කරල ඉතියෝපියාව කලාපෙ සාපෙක්ශව දියුනු රටක් දක්ව ගේන්න ඔහු මාවත සකස් කරනවා.

හැබැයි ගැටලු කීපයක් තියෙනව. එකක් තමයි ටිග්‍රේ කියන්නෙ රටෙන් 6% වගෙ ජනකොටසක්. මේන්ස්ට්‍රීම් ඉතියෝපියන් අධිරාජ්‍යයෙන් පොඩ්ඩක් කැපිල ඉන්න පිරිසක්. එසේම මාක්ස්වාදෙන් පස්සෙ රටේ ප්‍රාන්ත හදනකොට වාර්ගික සීමා මත තමයි බෙදන්නෙ. ඒ වගේම ඒ කාලෙ මාක්ස්වාදි රජයට එරෙහිව සටන් කළ සන්විදාන බහුතරයකුත් මතවාදිව අර්ධ සමාජවාදි දැක්මක් තියෙන අය. ඒ කිව්වෙ රාජ්‍ය ධනවාදයක් වගේ. එතනින් උඩින්ම ඉන්න ටිග්‍රෙ මහජන විමුක්ති පෙරමුණ සමාජවාදි පක්ශයක්. රට පාලනය කරන්න මේ පක්ශ වල සභාගයක්, උන් 90% ට වඩා ආසන දිනන අතර ඉතිරි ටිකත් උන්ට වක්‍රව සහය දෙන නිසා විපක්ශයක් නැති රටක් පවතින්නෙ.

2012 ඒ නායකය මැරුණට පස්සෙ ආයෙ බලයට එන්නෙත් සුළු ජාතිකයෙක්. මේක රටෙ වඩාත් විශාල ජන වර්ග වල අප්‍රසාදයට ලක්වෙනව. ලොකුම ජනවර්ගය වන ඔරෝමෝ වරු මේකට එරෙහිව උද්ඝෝශණ කරන ගානට එනව. එතකොට තමා ඒ ජනාදිපති බලයෙන් ඉවත් වෙලා ඔරෝමෝ කෙනෙක් බලයට එන්නෙ.

ඔහු ආපු ගමන් තීරණය කරනවා වාර්ගික බල සීමා වලින් තියෙන ප්‍රාන්ත වෙනස් කරන්න එසේම වාර්ගික සමාජවාදි පක්ශ එකතුකරන් ඉන්න පාලක සභාගය වෙනුවට තනි පක්ශයක් හදන්න සහ අර්ධ සමාජවාදය වෙනුවට ලිබරල් ධනවාදය වෙතට පිවිසෙන්න. මේකට එකග නොවෙන්නෙ සමාජවාදි සහ බෙදුම්වාදි අරටුවක් තියෙන ටිග්‍රෙ මහජන විමුක්ති පෙරමුණ තමා. මාක්ස්වාදි ජුන්ටාවට එරෙහිව සටනට නායකත්වය දීල රටෙ බලය අරන් අවු 20 කට එහා පාලනය කරල ඒ පක්ශය හිමිකරගත් වරප්‍රසාද ලාභි තත්වය ඔරෝමෝ කෙනෙක් බලයට ආවාම අහිමි වීම සහ ඔවුන් ටිග්‍රේ ප්‍රාන්තයට සීමා විම එක්ක උන් කෝමත් ඉන්නෙ තරමක කේන්තියකින්.

පවතින යුද්දයට පසුබිම හැදුනෙ ඔහොම.

ආයෙමත් ඉතියෝපියන් හමුදාව ටිග්‍රේ වල ටිග්‍රේ මහජන විමුක්ති පෙරමුණ එක්ක යුද්දයක. පළාතට තියෙන සියලු සැපයුම් කපා හැරලා. විදුලිය අන්තර්ජාලය ආහාර ජලය පවා නෑ. ටිග්‍රේ ප්‍රාන්තය නියගයක්ම නොවුනත් තරමක ජල හිගයක ඉන්නෙ.
1984 වසරේ මේ කිසිවක් නොදන්නා ලෝකයා මවිත කරමින් බීබීසිය සාගතය ගැන වැඩසටහනක් කරනවා. ඒක දකින බ්‍රිතාන්‍ය සහ අයර්ලන්ත සන්ගීතකාරයො සෙට් එකක් මේ සමග ශෙයා කරන ඇල්බම් එක එක දවසකින් කරල රිලිස් කරනවා ආධාර පිණිස. ඒක ඒ කාලෙ ඒ රටේ වේගෙන්ම විකිණෙන ඇල්බම් එක. සතියකදි මිලියනයක්. පසුව ලොකෙ ලොකුම ආධාර වැඩසටහනක් ලෙස සැලකෙන ලයිව් ඒඩ් වලට පදනම දාන්නෙ ඒකෙන්.

“මේ නත්තල ඔවුන් දන්නවාද?”

නත්තල ළගයි. අවු හතලිහකට ආසන්න කාලයක් සුඩානෙ ඔහෙ අතැරල දාපු කදවුරු වල වහලවල් කැඩිල. හදිසියෙම හිටිගමන් ආයෙත් මිනිස්සු පෝලිමේ ඒ දිහාට ඇදිල යනව. කනන්බොන්න මොකවත් නෑ ඇදිවත පමණක් එක්ක දුවන මිනිස්සු.

මේ පාරත් නත්තලට ඔය සින්දුව කියන්න වෙයිද? කළින් පාර වගේම මේකත් නොබෙල් සාම ත්‍යාග ලාබු අගමැතිවරයාගෙ ආණ්ඩුවෙ සැලසුම් මිස්ෆයර් වීමක් කියල තීන්දු වේවිද?

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*