බුරිය සහ රෙද්දක් ගැන කතාවක්

බුරිය සහ රෙද්දක් ගැන කතාවක්

.

Lalith Karunaratne – ‘ජ්‍යෝෆ්‍රී බේකන්’

.

අග මුල නැති දෙයක් සාමාන්‍ය ජීවිතයේ ඔබ දැක තිබේද ? සමහර පළාත් වල මුහුදු තීරයේ වැවෙන ‘අග මුල් නැති වැල්’ කියා කියන වැලක් ඇත. මේ වැලට සමහර අය කියන්නේ නම් රාවණා වැල් කියාය. ඒ ආකාරයටම, මේ කතාවටත් කිසිම අගක් මුලක් නැත. වැල වල් විවිධය. රෙදි වැල යනු තවත් වැලකි.  

ඔබ එහෙ මෙහෙ යනවිට වටපිට දකින දේවල් අතරින්, “රෙදි වැලක්” යන්න එතරම් දකින්නට වැදගත් දෙයක් නොවෙන්නට පුළුවන. එහෙත් සබ්ජෙක්ට් කාරයෙක්ට නම් එහි ඇති යට ජංගි වැනි දේ දුටු විට ‘කොකියනවා’ වගේ අදහසක් එන්නටත් පුළුවන. ගැහැණු පිරිමි භේදයක් එතන නැත. එවැන්නෙක් ඒ ‘වැල අදින්නට’ ඉඩ ඇති හෙයින්, ඒ ආකාරයේ කෙනෙක් ගෙන් එය ඇසිය යුතුය.

ජෙරුසලමේ ඇවිදින විට නම් ඒ රෙදි වැලවල් දෙස බැලීමේ ප්‍රයෝජනයක් ඇත. ඔබ අළුත් දෙයක් ඉගෙන ගන්නවා ඇත. එතෙන්ට පසුව එමු.   

එහෙත්, අද කතාව යට ජංගි ගැන නොව එක්තරා රෙද්දක් සහ ඒ අදාළ සිරුරු කොටස් ගැනය. මෙය කියවා ඉවර වූ පසු ඔබ ,… “අප්පට සිරි,…ඒක ආච්චිගේ රෙද්දක් නේ …! යයි කියනු නිසැකය. පසුගිය කතාවක ඔබ Fornication Under the Consent of the King යන්නේ කැපිටල් අකුරු වලින් කියැවෙන දේ ගැන දැන ගත්තේය.

කෙටියෙන් කිවහොත් ඒ වචන සටහන් කර ඇති කොඩිය පල්ලියෙන් රැගෙන නිවසේ ඉදිරිපිට ඔසවා තැබීමෙන් දෙයියන්ට අමතරව, අවට මිනිසුන්ටද පණිවිඩයක් යවනු ලැබිණි. පණිවිඩය වන්නේ, … “අද අපි දරුවෙක් හැදීම සඳහා ලිංගිකව එක්වෙමු” …යන්නය. මධ්‍යතන යුගයේ එකළ ලෝකයේ ආදරයද පල්ලියෙන් පාලනය විය. 

මක්නිසාදයත්, ලිංගිකව එක්වීම පළමු පාපය හෙයිනි. සර්පයා හෙවත් සාතන් මගින් දිරි ගන්වා, ඒ මුල්ම පාපය හෙවත් තහනම් ගෙඩිය කෑම ආදම් සහ ඒව විසින් කළහ. අතුරු කතාවක් වන්නේ, ඉන් පෙනෙන්නේ ආදම් සහ ඒව කිසිසේත්ම චීන ජාතිකයන් නොවන බවය. ඒ දෙදෙනා චීන යුවලක් වුවා නම්, මුලින්ම කන්නේ ඇපල්  ගෙඩිය නොව, සර්පයාවය.

චීන්නු හෙළවෙන ඕනා දෙයක් කති.

මානව සංහතියට වැරදුණු මුල්ම තැන ඔන්න ඔතනය. එනම් ඒ වෙලාවේ සර්පයාව මරාගෙන කෑවා නම්, අද සාතන් කෙනෙක් නැත.

කෙසේ හෝ, “ඇපල් ගෙඩියක් තහනම් ගෙඩිය” යයි කියමින් කරන විකාරයේ ඇත්ත කතාව ඔන්න ඕකය. එනම් ලිංගික එක්වීමය. තවද ආදම් සහ ඒව යන ඔවුන්ගේ සිරුරේ නැති, එහෙත් අපට ඇති දෙයක් ගැන ඔබ දන්නේද ? ඔබටත් මටත් ඇති ඒ පොදු දෙයක් ශරීරයේ ඇත. ඒවා නම් ස්ත්‍රී පුරුෂ භේදයක් නැතිව පවතින ‘බුරි’ වේ. පෙකණි වැලක් නැතිව ඔවුන් දෙවියන් විසින් එකවර මැවූ හේතුවෙනි.

හැම දේම ශ්‍රේණිගත කරන මිනිසා, බුරිද කොටස් හයකට බෙදා ඇත. ඒවා පින්තුරයේ ඇත.

උපන්නායින් පසු කිසිම තේරුමක්, නිශ්චිත හැඩයක් නැති බුරියෙන්, මා දන්නා ආකාරයට නම් කිසිම ප්‍රයෝජනයක් නැත. හුදෙක් බැක්ටීරියා එක්වන්නට ස්ථානයක් පමණි. එය තියෙනවාටත් පාඩුය. හෝදන්නට සබන් වැය වෙනවා පමණි. සමහර බුරි වල හැඩය හිනා වෙනවා වැනිය. සමහර ඒවා අඬනවා වැනිය. තව සමහර ඒවා ඔරවා ගෙන ඉන්නවා වැනිය. තව සමහර ඒවා,…එක්කෝ ඕනා නැහැ …

දැන් මේ කතාව කියවා, මේ වෙලාවේ පහත් වී ඔබේ බුරිය බැලීමෙන් වළකින්න. වෙන දෙයක් ඔබ බලන්න හදන්නේය යයි කෙනෙක් සිතන්නට ඉඩ ඇත.

අසා ඇති එකම ප්‍රයෝජනය වන්නේ, බුරිය යනු මිනිස් ශරීරයේ ගුරුත්ව කේන්ද්‍රය ඇති තැන බවය. ඇත්තද නොදනිමි. පරීක්ෂා කර බලන්න එකෙක් හෝ එකියක් ඇත්තේද නැත. එහෙම පරීක්ෂා කරන්න ගියොත් උන්ගේ බුරිය හිල් වෙනු ඇත. නැත්නම් උන් මගේ බුරිය හිල් කරනු ඇත. එය කරන්නට සර්කස් කාරයෙක්ම අවශ්‍ය වේ. මක්නිසාදයත්, රිටක් උඩ එකෙක් බැලන්ස් කරම එය කල යුතු බැවිනි.

නමුත් මෙහිදී ‘විතර්කය’ ඇති කෙනෙක්ට ගැහැණු සහ පිරිමි ගුරුත්ව කේන්ද්‍ර එකමද යයි සිතෙනු ඇත. දැන් ‘විතර්කය’ යනු කුමක්ද යයි අහන්න එපා. පන්සලේ හාමුදුරුවන්ගෙන් අහන්න. 😉

අත් සහ කකුල් තියාගෙන ඉන්නා ආකාරයට ඒ ගුරුත්ව කේන්ද්‍ර ලක්‍ෂයද වෙනස් වේ.

එහෙත් ‘සීරුවෙන්’ සිටින ගැහැණියෙක් ගේ සහ පිරිමියෙක් ගේ ගුරුත්ව කේන්ද්‍ර, ‘බුරිය’ ඇති තැන තිබේ යයි අසා ඇත්තෙමි. රිටකින් ගැහැණියක් සහ පිරිමියෙක් ඔසවා බලන්නේ නැතිව ඒ ගැන කිව නොහැක. ගැහැණුන්ගේ පයෝධර නිසා වෙනස් වන භාරය, මිනිසුන්ගේ ලිංගේන්ද්‍රිය නිසා වෙනස් වේ යයි සිතමි. ඒවාද අඩු වැඩි වන හෙයින් ගුරුත්ව කේන්ද්‍රය බුරියට පැමිණීම අධ්‍යනය කල යුතුය.

මේවා කුණුහරුප නොව, පශ්චාත් උපාධියක් සඳහා යොදාගත යුතු භෞතික විද්‍යා සංකල්ප වේ.  

සමහර ගැහැණු අය පැෂන් කිරීමට බුරිය භාවිතා කරන වගක් පෙනේ. බුරිය පෙන්වීම සාමාන්‍යයෙන් කෙරේ. මක්නිසාදයත් ගැහැණු අය සමහරක් බුරිය පෙනෙන්න සාරි අඳින හෙයිණි. වඩාත් සාහසික වන ගැහැණියක් එය හිල් කර මුද්දක් දමයි. එය නහයට දැමිය යුතු බව එවැනි අය නොදනී. මීට වඩා වාසියක් බුරියේ නැත. සමහරවිට මා පිරිමියෙක් නිසා ඒ පැෂන් කේස් නොතේරෙනවා වෙන්නත් ඇත. එය වෙන කතාවකි.

ඇම්ඩන් ගේ කතාවෙන් බුරියේ කතාව ඉවර කරමි. වයස අවුරුදු පහේ ඇම්ඩන් ඔහුගේ පන්තියේ ලස්සණ ගුරුවරියට කියා සිටියේ, ඇය සමඟ රාත්‍රියේ තුරුල් වී නිදා ගන්නට කැමතිය කියාය. හුරුබුහුටි චුටි කොලු පැටියා තුරුල් කරගෙන නිදා ගත්තාට මොනවා වෙනවාද සිතු ඇය, එදින ඔහුව තම නිවසට වඩාගෙන ගොස් ඔහු සමඟ නිදා ගත්තාය.

ඒ අතර ඇම්ඩන් ඇයගෙන් ඇසුවේ, …”ටීචර්, ටීචර්ගේ බුරියට ඇඟිල්ල තිබ්බාට කමක් නැද්ද කියාය”… ඕකට මොකද, පොඩි එකාගේ ආසාව නේ,.. කියා සිතූ ඇය, “හා” කීවාය. ඉන් පසු කළුවරේ ඇති වූ සාකච්චාව මෙසේ විය.

ටීචර්:- ඇම්ඩන් හිතා ගෙන ඉන්නේ, “එතන” බුරිය කියලද ?
ඇම්ඩන් :- ටීචර් හිතාගෙන ඉන්නේ, “ඒක” ඇඟිල්ල කියලද?   

දන්නෙම නැතිව වැලෙන් බුරිය වෙත කතාව මාරු වුනේය. වැදගත් කතාවක්, පලක් නැති බුරියක් ගැන කියා කාලය නාස්ති කල යුතු නැත.  

ආගමකින් මිනිසුන්ට විය හැකි හදියක් ගැන ඉහත කියන ලද කොඩියට වඩා කතාවක් නැත. නමුත් අද දින ඔබගේ සතුට සහ විනෝදය සඳහා ඊට වඩා වටිනා දෙයක් ගැන කියන්නෙමි. රෙදි වැලට නැවතත්.

ඊශ්‍රායලයේ පෙදෙසක ඔබ ඇවිදින්නේ නම්, මින් පසු රෙදි වැල වල් දෙස ඕනාකමෙන් බැලීම වටී යයි කීවෙමි. ඔබ එහි සමහරවිට හිලක් සහිත රෙද්දක් දකිනු ඇත. ඉහත කී අකුරු හතර අඳින ලද කොඩියට අමතරව මේ රෙද්ද පල්ලියෙන් එකළ ඉල්ලා ගත යුතු විය. ලිංගික ක්‍රියාවළිය ගැන ඔබට අලුතෙන් විස්තර කල යුතු නැත. එනම් ඒ ක්‍රියාව කල යුත්තේ එම ශුද්ධ වූ වස්ත්‍රය හරහා විය යුතුය.

අද දිනත් එය ඔවුන් කරන්නේද නැද්ද ගැන නම් නොදනිමි.

මෙවන් ආකාරයේ රෙදි වැලක් යටින් ගිය ගැහැණු කෙනෙක් ඒ සිදුරු සහිත රෙද්ද සිරුරේ ගෑවීම සහ පල්ලියේ අතීතයේ භාවිතා කල රෙද්ද මතක් වී, කිහිප වතාවක් ස්නානය කල බව කියා සිටියාය. වාසනාවට ඒ රෙද්ද එහා පැත්තේ පිරිමියෙක් හිටියේ නැතිලු. එසේ වූවා නම් අද ඇයද මවකි.

මේ විකාර කතාවට අනුරූපව ලිංගික ක්‍රියාවළිය විසි එක්වන සියවසේ දීද කරනවා නම් එය ලොකුම පුදුමයකි. ඊටත් වඩා පුදුමය වන්නේ ලෝකයේ දියුණුම සහ වඩාත් දැනුම ඇති මිනිසුන්ය කියන යුදෙව්වන් සිටින ඊශ්‍රායලයේ මෙය කරනවා යයි සමහරුන් කියන හෙයිණි. ඇත්තටම ඔවුන් එය කරන්නේද ? 

එසේ නැත්නම් ඒ පුරාණ සිරිත අනුව පැමිණි සම්ප්‍රදායෙන් ඉතිරි වූ සළකුණක්ද ? 

.

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*