නොමැරෙන මිනිස්සු

නොමැරෙන මිනිස්සු

.

RAMESHA SIRIWARDANA – 3mana.com

.

කිසලොව්ස්කිගේ චිත්‍රපටවල ප්‍රධාන තේමාවක් වන්නේ, අහම්බය විසින් ඔබේ දෛවය වෙනස් වීමට හැකි විභවය විය හැකි භාවයක් බවට පත් කිරීමයි. ඔබට කෙනෙකුගෙන් සැබෑ ආලය හමු නොවුනහොත්, ඇය හෝ ඔහු අතහැර ඔබට අලුත් සහකාරියක් හෝ සහකරුවෙකු සමඟ සැබෑ ආලය නැවත අත්හදා බැලීමට හැකි ය. වීඩියෝ ක්‍රීඩාවලට බහුතර දෙනා ඇබ්බැහි වන්නේ ද මෙම ආත්මමූලික රාමුව නිසා ය. ඔබට වරක් ක්‍රීඩාවකදී වෙඩි වැදී මලොත් ඔබට නැවත ක්‍රීඩාව ආරම්භ කර අලුත් ජීවිතයක් ලැබීමට හැකි ය. හෛඩගර් වැනි දාර්ශනිකයෙකු ‘මරණය’ ජීවිතයේ සීමාව ලෙස සැලකුවත් වීඩියෝ ක්‍රීඩා වලදී ඔබ අමරණීය සහ අකාලික පුද්ගලයෙක් වෙයි. මෙය අලුත් වර්ගයක ෆැන්ටසියකි. මෙම ෆැන්ටසිය හරහා ඔබට බලය නම් බාධාව; වේශ නිරූපණය සහ වසඟය හරහා සර්පිලයක් කළ හැකි ය. ‘මිය යාම’ ඔබට බියක් ජනිත කළත් අකාලික බව ඔබට එන්නත් කරන්නේ චිත්ත පීඩාවකි. අකාලිකත්වය නම් සර්පිලයේ දැවටුණු ලංකාවේ සමහර චරිත කිහිපයක් අපි පරික්ෂා කරමු. 

අප මේ ගෙවමින් සිටින්නේ සැනකෙළි සමයකි. රාජපක්ෂ ආණ්ඩුවකි. අරගල කරමින් නොකරමින් සිටිනා විපක්ෂයකි.පරණ පුරුදු ලෙසටම පාරට බසිමින් නොබසිමින් සිටිනා වමකි. අපගේ චූන් එක බලන්න යැයි කෑ ගසනා ජනප්‍රිය විපරිතයින් කොටසකි. පොප් කෝන් කමින් සැණකෙළිය නරඹන තවත් කොටසකි. ලංකාව යනු මහ රෝහලකි.

අපි දිගු කාලයක සිට පැහැදිලි කරමින් සිටියේ මේ සැණකෙළියේ රෝගීන් සහ මූලික රෝග ලක්ශණයි. විනෝදය පිනිස සමස්ත සමාජයම පීඩාවට ළක් කරමින් උනුනුත් පීඩාවට පත් වෙමින් සිටින  විපරිතයින් , සයිකෝසිකයින්, හිස්ටරිකයින්, හින්නොන්මාදී ආත්මයන් පිළිබඳව අප පැවසූ අනාවැකි ඔප්පු වී ඇත. ඉතිං නරුමයින් ගොළුය.

මේ වන විට පෙරටුගාමී පක්ශය අනෙකා කරගනිමින් හැසිරෙන වාමාංශික පක්ශ හා දේශපාලනික කණ්ඩායම් මෙන්ම හුදකලා ෆේස්බුක් අරගල කරන “පළුදු වුනු කළු ගල්” බඳු සහෝදරවරුන් පවා අපෙන් ඉල්ලා සිටින්නේ ” අනේ මා දෙස බලන්න ” යනුවෙනි.  මෙවැනි සයිකෝසික , විපරිත සමාජ අවකාශයක සිට අප පක්ශයේ මනෝවිශ්ලේෂන අධ්‍යනය තවදුරටත් ඉදිරියට ව්‍යාප්ත කරනවා විනා අපට විපරිත සැණකෙළි දෙස බලමින් පොප් කෝන් කන්නට වෙලාවක් නැත. 

නදී වාසළමුදලිගෙන් පුවත්පත් මාධ්‍යවේදීයකු ඇයට ගැඹුරු සාහිත්‍ය කියවීමක් සමඟ ගැට ගැහෙන්නට බලපෑවේ දීප්ති දැයි  ඇසූ ප්‍රශ්නයට ඇය පිළිතුරු දී තිබුනේ ” පදනමක් ලෙස ඔව්. නමුත් මට ගැඹුරු කියවීමක්  පුහුණු කළේ රුසියානු පොත් “ යනුවෙනි.

එකී මාධ්‍යවේදියා ඇයගෙන් මෙසේ ද අසයි. ඔබ කිසිම දේශපාලන කණ්ඩායමක දැන්  නැත්තේ ඇයි? දීප්තිලාගෙනුත් ඈත් උනාද ? 

මෙවැනි ප්‍රශ්න ඇයගෙන් අසන විට හා ඒවාට උත්තර දෙන විට ඇය ලබන්නේ විනෝදයකි.දීප්ති යන වචනය ඇසෙන විට ඇය පරිපූර්ණත්වයට ලඟා වන්නට ඉතා ආසන්නද වෙයි. එකී ප්‍රශ්නයට ඇය ලබා දෙන පිළිතුරේ තැනක මෙසේ කියයි.

” මම දීප්තිලා එක්ක දේශපාලනය කරේ නැහැ. කොහොමත් පිළිගත හැකි දේශපාලන කණ්ඩායමක් ලංකාවේ නැහැ නෙ ” . 

නදී ගේ පිට උගුරේ හිර වෙන සැබෑ පිළිතුර ඇය වෙනුවෙන් ලබා දෙන්නට මට හැක. 

” මම දීප්තිලාගෙ පක්ශෙට ගියේ සෑහෙන්න ………මම ඉගෙන ගන්න ගියේ නෑ.මම ඉතා තදින් මගේ අනන්‍යතා අර්බුධය එක්ක මාත් සමඟම ගැටුමක නිරත වෙලා හිටියේ.එතනිදි මම හොයා ගත්තා පෙම්වතෙක්. පස්සේ ඉබේටම කවි පොතක් ලිය වුනා. ඊටත් පස්සේ මම ඒ පෙම්වතාව දාලා ගියා.මට දේශපාලනය කරන්න උවමනාවක් නෑ..මට දැන් මුකුත් ලියවෙන්නෙත් නෑ “. 

නදී ගේ සත්‍ය එය යි.එකී පුවත්පත් ලිපියටම ඇය මෙසේද කිය යි. ” සිරසේ ඉන්නකොට මාව කවුරුත් දන්නේ නෑ ” . 

අප පක්ශයට හිස්ටරික ස්ත්‍රියන් ආවා ගියා ය. නතර වූයේ නැත. අප ප්‍රතිකාර ලබා දුන්නේද නැත. අප දේශපාලන පක්ශයක් විනා කොළඹ රෝහලේ ඇක්සිඩන්ට් වාට්ටුව නොවේ.

 යමෙක් කස පහරවල් ඉල්ලා අප වෙතට  ඒමට බලාපොරොත්තු වේ නම් කරුණාකර නොපැමිණෙන්න. 

අපගේ අවධානය දිනා ගන්නට දඟලන විපරිතයින් ට දේශපාලන න්‍යායක් නැත.සියල්ලන්ගේම කණ්නාඩි පිටුපස ඇත්තේ වේදනාවෙන් පීඩාවෙන් සතුටු වන පුද්ගලයින් පමණි.ෆ්‍රොයිඩියානු විශ්ලේෂණය ට අනුව අවිඥානය යනු අප දන්නා බව නොදන්නා සිතුවිලිය. “ ඔබ දන්නේ යැයි ඔබ නොදන්නා ඔබේ සිතුවිලි අප දනී. “. එනිසා අපගෙන් පරිපූර්ණත්වයට පත් වන්නට ගන්නා උත්සාහයන් අපිට හසු වේ. 

 ඕශෝ සහ චේ ගුවේරාගේ තඩි පින්තූර දෙකක් ගැසූ බිත්තියක් ඉදිරියෙහි කොකා කෝලා සමඟ ෂැන්ඩි කරමින් අරක්කු  බොමින් බයිට් කමින් වයසක නිරුවත් උඩු කය පෙන්වමින් පීඩා විදින සිරිමල් ව දුටු විට මගේ මනසේ එක්වරම ඇඳී ගිය රූපය වන්නේ අතැර දැමූ ගොවිපළක සියල්ලන්ටම අමතක ගිය රෝස පාට …..

අරක්කු බී මත් වූ වා යැයි රඟපාමින් නන්දොඩවන පිරිමි ( ගැහැනු) අප කොතෙකුත් දැක ඇත.කිසිවෙකුත් ඒවාට සවන් දෙන්නේ නැත.  ඒවා සහ මුළුනින්ම ස්වපීඩා විළාපවල් ය. රොක්ලන්ඩ් අරක්කු වීදූරුව කටට හළා ගන්නා සිරිමල් රා, කසිප්පු උගුරක් බීවාක් මෙන් කට ඇඹුල් කර පිටි අත්ලෙන් කට පිහියි. පසුව මතක් වී ටිශූ කඩදාසියක් ගෙන යන්තමින් කට වටා තෙත මාත්තු කරගනී. ඔහුගේ සැබෑව ඇත්තේ එතන යි.

සිරිමල් ඔහුගේ ෆේස්බුක් පිටුවේ අතීතයේ ඔහුගේ හිත ගිය තරුණියකට ලියූ කවියක් පළ කර එහි කමෙන්ටුවක මෙසේ කිය යි. ” ඔව් මම බඩුකාරයෙක්,හිතන තරම් මම නාකි නෑ, නාකි මිනිස්සු තමයි හොඳ සෙල්ලං දන්නේ “. 

දේශපාලනිකව සහ ආත්මීයව ෆේල් වුනු චරිත අපිට ඉතිහාසය පුරාවටම හමුවෙයි.

“මේ ආණ්ඩුවට මම බය නෑ.මට ඕනේ එකක් කරපන්.මගේ යාලුවො මට කිව්වා මචං උඹ පරිස්සම් වෙයන් කියලා.ඒත් මම බය නෑ.” 

මෙසේ කියන්නේ සිරිමල් ය. මොන ආණ්ඩුවකින්වත් සිරිමල්ව උස්සන් යන්නට සතයක් වැය කරන්නේ නැති බව ඔහුද දනී. එහෙත් එවැනි ෆැන්ටසියක් තුළ සිටීම ඔහුට සැනසීමකි.සිරිමල් කරන්නේ ගෙයි දොරකඩ වී සද්දෙට පිහියා මුවත් කිරීම පමණි.

සිරිමල් ගැන ලියන්නට කතා කරන්නට එතරම් දෙයක් ඇත්තේ නැත.ඔහු විසින් යු ටියුබ් වීඩීයෝ සහ ෆේස්බුක් මාධ්‍ය හරහා මුදා හරින ඔහුගේ වේදනාව පැහැදිලිය. 

සිරිමල් හිත ගිය තරුණියකට ලියූ කවියක් ඔහු විසින්ම එලියට මුදා හරින අතර එම කවි පේළියේ තැනක ඔහු මෙසේ ලියයි. 

 දිව ගානා මුදු මුදු යටි පතුළ 

සිහිනය පිපී පිබිදෙයි නුඹ ළය මඩළ මත ” 

එක්තරා ෆේස් බුක් පිටුවක් ඇත. එහි නම ඇත්තේ ” යටි පතුල් පිස්සෝ ” යනුවෙනි. සිරිමල් පුළුවන් නම් එම පිටුවට ගොස් පීඩාව මුදා හැර සැනසෙන්න.

මිනිසුන් තමන්ගේ නිදහස යනුවෙන් ඉල්ලා සිටින්නේ විඳවීමට ඇති අයිතිය යි.ඔවුන්ට අවශ්‍ය ශාරීරික විඳවීමකි. සන්නස්ගලගේ රෝයල් තැප්‍රොබේන් හරහා සිදු වන්නේද එකිනෙකා තම තමන්ගේ වේදනාව  ව්‍යුහගත කිරීම යි.මෙතන්ට වැඩිපුර එකතු වෙන්නෙ ස්වපීඩා හිංසකයින්.එයාලා මූණ දෙන්නේ ඕපපාතික හිංසනයට. තමන්ම තමන්ට හිංසා කරගන්නවා.එයාලා එකතු වෙලා එලියට මුදා හරින්නෙත් ඉරොටික් ආර්ට්. ඔවුන් විනෝදය ලබන්නේ සංකේතීය නීතිය කඩමිනි.චින්තන ධර්මදාස වැනි අය නිරන්තරයෙන් ත්‍රීසම් ,ෆෝසම් ගැන කතා කරන්නේ අතිරික්ත විනෝදයක් පිළිබඳව විශ්වාස කරන හෙයිනි.

ඔබ නිවැරිදි මනෝවිශ්ලේෂන අධ්‍යනයක් සිදු කළහොත් මෙකී විපරිත චරිත විසින් සිදු කරමින් සිටින සමාජ අලාභය විල්පත්තු වන විනාශයට වඩා බරපතල බව ඔබට වැටහී යනු ඇත.

සන්නස්ගල  විනෝදයේ උපරිමයට ලඟා වීමට බිය ය. සෝඩා බෝතලය කැඩූ විගසම ඉවර වෙන සොඩා බෝතලයේ චූන් එකට ඔහු බිය ය. ඒ නිසා දිගු කාලයක් මේ පීඩාවේ විනෝදය රඳා තබා ගැනීමට ඔහු විසින් සියළුම රෝගීන්ට එක වාට්ටුවක් ලක්ෂ ගණනක් වියදම් කර සැදූ අතර  දැන් ඔහු අපගේ විනෝදය දෙස බලන්න යැයි ලවුස් පීකර් වලින් හඩ නඟමින් සමාජයට බල කර සිටියි. 

අපි නොවිඳින විනෝදයක් ඔහු ලබමින් සිටිනවා යැයි කොටසක් ඔහුට වෛර කරන අතර තවත් කොටසක් ස්ව කැමැත්තෙන් රෝගී වී රෝයල් වාට්ටුවට ඇඩ්මිට් වේ. මේ චූන් එක මොකක්දැයි කිසිවක්ම නොදන්නා අයෙක් වෙතොත් ඔවුන්ට ඉතා සරළව මෙය වටහා ගත හැක්කේ මෙසේය.

නිවසක චිමිනියෙන් නඟින දුම් හා කබල බැදෙන සද්දය අසා බඩගිනි වූ අයෙක් ඒ නිවසේ කුස්සියට ගොස් බැලූ විට දැක ගත හැකි වූයේ මැහැල්ලක් බුර බුරා ගිනි දැල් නැගෙන ලිපක් මත තැබූ වැලි තාච්චියක් සද්දෙට කාර ගාමින් සිටින ආකාර යි. 

අනෙකා විඳිමින් සිටිනවා යැයි ඔබ උපකල්පනක කරන විනෝදය යනු එකී නිවසේ මැහැල්ල කාර ගානා වැලි තාච්චිය යි. වෙන කිසිවක්ම එහි නැත. 

අපිට නිවෙස් අහිමි වී ඇත. අප සියල්ලම දැන් රඟන්නේ එළිපිට පොදු අවකාශයකය.පුද්ගලිකත්වය යන සංකල්පය පවා අහෝසි වී ඇත.පැයෙන් පැයට ෆේස්බුක් ලයිව් එන කැරෝකේ වසන්ත දෙස බලන්න.ඔහුට නිවසක් නැත.ඔහු ජීවත් වන්නේ පොදු විපරිත අවකාශකය.ඔහුගේ විනෝදය රඳා පවතින්නේ තමන්ව නරඹමින් සිටින ප්‍රේක්ෂකයින් වැඩි වෙන තරමටය.. ඔහු තමන්ගේ දරුවන් සමඟ දිවා ආහාරයට තරු පහේ හෝටලයකට යයි. විනෝදයක් නැත.එහෙයින් ඔහු කෑම මේසයේ  සිට ෆේස්බුක් ලයිව් එයි. කෑම පිඟන් එකින් එක පෙන්වයි. නරඹන්නන් වැඩි ය.වසන්ත විනෝද වේ.. බිරිඳ කොණ්ඩය කපන්නට සැලෝන් එකට යයි.වසන්ත සැලෝන් එකට ගොස් ෆේස්බුක් ලයිව් එයි.බිරිඳ ව සමාජයටම පෙන්වයි.නරඹන්නන් ” එළ වසන්ත අයියේ.නෝනා ලස්සනයි කියයි.”. වසන්ත චූන් වෙයි. පංසලට යයි.හාමුදුරුවන්ට ඉතා ඉහළින් දානය පිරිනමයි.කරේ ඇති රත්තරං මාලය ගලවා සහෝදරයාගේ ගෙලට දමයි.මේ සියල්ල වීඩීයෝ කර දමයි.” වසන්තගේ විනෝදය කුමක්ද? අනෙකා තමන් දෙස බලන තාක් කල් වසන්ත  විනෝද වෙයි. මේවා ගමේ භාශාවෙන් කියනවා නං මහ දෙකයි පනහේ ගොබ්බ වැඩ  යැයි නීරෝගී පුද්ගලයින්ට සිතෙන්නට පුළුවන.එහෙත් සැබවින්ම මේවා ඉතා බරපතල රෝගයන් ය.මෙකී රෝගයන් හා රෝග වාහකයින් ගැන දැනුවත් කිරීමක් විනා විපරිතයින්ගේ පීඩා ලෝකයන්ට මැදිහත් වීමට අපට අවශ්‍ය නැත.අපගේ අරමුණ අතැර දමා ගිය ගොවිපළවල් වල හුදකලා ඌරන්ට වඩා ආලෝක වර්ෂ ගණනකින් දුරය.

විනෝදය කියන්නෙම වේදනාත්මක සත්‍යයක්. විනෝදය තවදුරටත් පවත්වාගෙන යාමට නම් පොදු සතුරෙක් විසින් ඒ විනෝදය තර්ජනයට ළක් කළ යුතුය.මේ පොදු සතුරා සැබවින්ම පවතින්නේ නැත.ඒක ෆැන්ටසි ආඛ්‍යානයක්. කිසිවෙකුටත් පරම ප්‍රමෝදයට ළක්විය නොහැක. ඔවුන් තුළම එයට ප්‍රතිවිරෝධයක් ගොඩනැගෙන අතර එකී සත්‍ය මඟ හැර ඔවුන් පිටතින් පොදු සතුරෙකු සොයා ගනී. බොහෝවිට හා නිරන්තරයෙන් ඒ පොදු සතුරා වන්නේ අපයි.

විපරිතයින්ගේ උමතු ලෝකය හඳුනාගත හැක.එහෙත් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන රෝගීන් භයානකය.නීරෝගී ඔබ පරිස්සම් විය යුතු වන්නේ එවන්නවුන්ගෙනි. මේ උමතු සැණකෙළියේ කතුරු ඔංචිල්ලාවක් තදින් බදාගෙන වේගයෙන් උඩටත් පහළටත් යන හින්නොන්මාදී ආත්මයන් අතර අප තවමත් නතරව අපගේ අරමුණ කරා ගමන් ගනී. එය අප පක්ශයක් ලෙස අත් කරගෙන ඇති ජයග්‍රහනයකි. 

රෝයල් වාට්ටුවල සිටිමින් තමන්ගේම හදවත් ගලවා වීසි කරනා ස්වපීඩාකාමීන් මෙන්ම මුබයෙන් ප්‍රමෝදමත් වන රැඩිකල් ස්ත්‍රීන් විසින් මේ පොළොවේ කිසිදා රෝස මල් වවන්නේ නැත.

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*