තෙල් හැදිලා පේසාලෙන් ගොඩට ඇදීම සහ නුවණැති ඉන්දියානුවා.

තෙල් හැදිලා පේසාලෙන් ගොඩට ඇදීම සහ නුවණැති ඉන්දියානුවා.

.

ලලිත් කරුණාරත්න (‘ජ්‍යෝෆ්‍රී බේකන්’)

.

කලකට පෙර විදේශීය රටකදී ද්‍රවිඩ ඉන්දියානුවෙක් හමුවිය. ඔහු මා සමඟ සෑහෙන හොඳ සිංහළ භාෂාවෙන් කතා කළේය. මෙතරම් හොඳින් සිංහළ ඉගෙන ගන්නට ලංකාවේ කොපමණ කාලයක් සිටියේද යයි ඇසූ විට ඔහු දුන් උත්තරය පුදුමාකාර විය. එනම් ඔහු සිංහළ ඉගෙන ගත්තේ කලකට පෙර රූපවාහිණියේ ප්‍රචාරය වූ ‘දිමුතු මුතු’ ටෙලිනාට්‍යය මගින් බවය.

එදා නම් මා එය විශ්වාස නොකලෙමි. එහෙත් අද දින රූපවාහිනියේ යන ඉන්දියානු පඩංගු ටෙලි නාට්‍ය වලින් එක හොඳ දෙයක් වන බව නම් දැක ඇත්තෙමි. එය නම් විශේෂයෙන් අපේ ගෘහණියන් හින්දි භාෂාව අවබෝධ කර ගැනීමය. ඉහත සඳහන් කල ඉන්දියානුවාද එසේ සිංහළ ඉගෙන ගන්නට ඇත. ඔහු කියා සිටියේ රූපවාහිණී සඥාව අල්ලා ගන්නට උන බම්බු දෙක තුන එකට එකතු කර, ඇන්ටෙනා උසින් සවි කර ඒ නාට්‍යය බැලූ බවය. එකල අපට වර්ණ රූපවාහිණී තිබිණ. ඉන්දියාවේ එකල තිබුනේ කළු සුදු රූපවාහිණිය විය.

පසු කලෙක රූපවාහිණිය ඩිජිටල්කරණය වන විට, රූපවාහිණී මාධ්‍යයේ තාක්ෂණික පාර්ශවයේ ඉතා වැදගත් කඩ ඉමක් සනිටුහන් කරන, “Digital Betacam” නම් යන්ත්‍ර 6ක් භාවිතා කරන ලදී. එකලද, ඉන්දියාව මේ ආකාරයේ යන්ත්‍ර හෝ ඩිජිටල් කරණය කිරීමක් ගැන සිතාවත් නොතිබිණි. නමුත් වර්ගවාදී යුද්ධය නිසා අපව අඩ පණ වන කාලයේ ඉන්දියාව සිය අළු ගසා, දැළි මකා ගෙන ඉදිරියට පැමිණ සිටියේය. ඉහත කී යන්ත්‍ර ඉන්දියාවේ අස්සක් මුල්ලක් පුරා පැතිර ගියේය.

උන බම්බු අටවා ‘දිමුතු මුතු’ නැරඹු ඉන්දියානුවන් කලේ එකල ඔවුන්ට වර්ණ රූපවාහිණි නොතිබීම නිසාය. ඒ හා සමාන තවත් දෙයක් සිහිපත් වේ. නොරොච්චෝලේ තාප බලාගාරය තැනූ පසු, “ඉන්දියාවෙන් භාගයකට බල ශක්තිය ලබා දිය හැකිය” යයි එක්තරා දේශපාලනඥයෙක් කියා සිටියේය. ඊටත් පෙර ලංකාවේ පේසාලෙන් ෆොසිල ඉන්ධන ලැබුනා යයි රාවයක් ගියා පමණක් නොව, ඊට ගීතයකුත් තැනී තිබිණ. එහි එක පදයක් නම් මතකය. … 🙂

… “අපේ දුක් ගී ඇහිලා හැඬූ ලක් මවගේ හදවතේ – අනාදිමත් කලක පටන් ලේ උණු වෙනවා”
… “ ඒ උණු ලේ කඳුළු වෙලා හෙළූ කඳුළු එකතු වෙලා – තෙල් හැදිලා පේසාලෙන් ගොඩට ඇදෙනවා”
… “හා යමන් පුතා – හෙමින් හෙමින් හපුතලේ කන්ද අදිනවා”…

තෙල් හැදිලා පේසාලෙන් ගොඩට ඇදීම කෙසේ වුවද, ඒ ගීතය කියු කෙනාට නම් තෙල් ලිඳක් හමු වී, තානාපති කමක්ද ලැබිණ.

දැන් ලෝකයට තෙල් ළිඳෙන් නම් එතරම් ප්‍රයෝජන නැත. කෙමෙන් කෙමෙන් තෙල් ළිඳ පුනර්ජනනීය බලයෙන් ගොඩ වීම ආරම්භ වී ඇත්තේය. එහෙත් තවමත් ත්‍රිපිටකයේ පායාසී සූත්‍රයේ එන හණ මිටි කර තබා ගත් ලංකාවේ විශේෂඥයන් ෆොසිල ඉන්ධන ගැන බලාපොරොත්තු තබා ගනිමින් සිටිති. ඒ අතරේ යාබද ඉන්දියාවේ නවදිල්ලියෙන් මෙසේ කතාවක් ඇසේ.

2030 වන විට සූර්ය බලශක්ති පිරිවැය ඉන්දියාවේ ඒකකයකට රුපියල් 1.9 දක්වා පහත වැටෙනු ඇත. කාර්යක්ෂමතා මට්ටම ඉහළ නංවන නව තාක්‍ෂණයන් සමඟ 2030 වන විට ඉන්දියාවේ සූර්ය බලශක්තිය උත්පාදනය කිරීමේ පිරිවැය ඒකකයකට රුපියල් 1.9 ක් දක්වා පහත වැටෙනු ඇත. එක්සත් ජනපදයේ චින්තන ටැංකි දේශගුණික ප්‍රතිපත්තියේ ඒකාබද්ධ අධ්‍යයනයක් මේ බව අනාවරණය කර තිබේ.

“2030 වන විට සුළං හා සූර්ය පිරිවැය කිලෝවොට් පැයකට (ක්Wහ්) රුපියල් 2.3-2.6 ත්, කිලෝවොට් පැය 1.9-2.3 ත් අතර වනු ඇතැයි අපි අපේක්ෂා කරමු. ගබඩා කිරීමේ පිරිවැය සියයට 70 කින් පමණ පහත වැටෙනු ඇත.

අධ්‍යයන ඇස්තමේන්තුව අනුව 2030 වන විට සූර්ය විදුලිය කිලෝවොට් පැය 2.30 ක් තරම් ලාභදායී විය හැකි අතර ලාභදායී සූර්ය පිරිවැය පවා කිලෝවොට් පැයකට රුපියල් 1.90 බැගින් ලබා ගත හැකි වනු ඇත. වත්මන් මට්ටම්. එලෙසම, සුළං සඳහා, වර්තමාන උස මීටර් 80 සිට 100 දක්වා සහ මීටර් 120 දක්වා ඉහළ යන විට, සුළං මට්ටම කිලෝවොට් පැය 2.58 ක් සඳහා 2030 සඳහා වන මූලික ප්‍රක්ෂේපණය රුපියල් 2.26 ක් තරම් අඩු විය හැකිය.

මීට වෙනස්ව, 2030 වන විට ගල් අඟුරු වලින් ලැබෙන බල ශක්තිය කිලෝවොට් පැය 6.98 ක් තරම් මිල අධික විය හැකි අතර ඒ වන විට ලාභදායී පිට්හෙඩ් ගල් අඟුරු කිලෝවොට් පැයකට රුපියල් 4.85 ක් වනු ඇත. සූර්ය බලයේ පැය තුනක ගබඩා කිරීමේ පිරිවැය කිලෝවොට් පැය 13.6 සිට කිලෝවොට් පැය 6.34 දක්වා පහත වැටෙනු ඇත.

ගබඩා කිරීමේ පිරිවැය පහත වැටීම විදුලිබල පද්ධතියේ සූර්ය ශක්තිය විනිවිද යාමට පහසුකම් සපයයි.

ඉන්දියාවේ බලශක්ති අංශය අද ජපානය මෙන් පිරිසිදු වනු ඇත, එය ඉන්දියාවේ ඒක පුද්ගල ආදායම් මට්ටමේ රටකට ඉමහත් ජයග්‍රහණයකි. එය පෙර නොවූ විරූ ආකාරයේ පිරිසිදු විදුලි පද්ධතියක් වෙතට පිම්මක් නියෝජනය කරනු ඇත. ටෙලි නාට්‍යයෙන් සිංහළ ඉගෙන ගන්නවා වැනි වේගයෙන් දෙයක් අවබෝධ කර ගන්නා ඉන්දියානුවා, දියුණු ලොව වෙත වේගයෙන් ගමන් කරනු ඇත.

එවිටද අප පේසාලෙන් තෙල් ලැබෙන තෙක් උඩ බලමින්, … “හා යමන් පුතා – හෙමින් හෙමින් හපුතලේ කන්ද අදිනවා”… යයි තාලෙට කියමින් සිටිනු ඇත.

https://energy.economictimes.indiatimes.com/news/renewable/solar-power-cost-will-fall-to-rs-1-9-per-unit-in-india-by-2030-teri-study/67972162

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*