ගස් බිලියනයේ වැඩ සටහනේ තවත් පියවරක්

ගස් බිලියනයේ වැඩ සටහනේ තවත් පියවරක්

2050 දි ගස් බිලියනයක් මව්බිමට දායාද කිරීමෙ අරමුණෙන් පැවැත්වූ ජාතික මහෝත්සවයේ සමාරම්භක අට විසි බෝධීන් වහන්සේලා වැඩම කරවීමේ පෙරහැර සහ, සිංහල දෙමළ අලුත් අවුරුදු පැළ සිටුවීමේ නැකත වෙනුවෙන් පැළ සිටුවිම සනිටුහන් කරමින් පැවැත්වූ සමාරම්භක පුන්‍යමහෝත්සවය 2021/ 04/ 16 වන සිකුරාදා දින මැදවච්චිය , කණුගහවැව , සංගිලිකණදරාව, ගල උඩ භාවනා මධ්‍යස්ථානයෙහිදි උඩුගම අරියබුද්ධි නායකහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් උදෑසන 6.40 පිහිටි රුක් රෝපණ නැකතෙන් ආරම්භ කරන ලදි.


මෙම අවස්ථාවට හිටපු වනජීවි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා සමඟ මඝ මානවක පරපුරෙහි සම කැඳවුම්කරුවන් වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දිත් සමරසිංහ, මඝ මානවක පරපුරෙ මහ ලේකම් ඔනිල් රුක්මන් එදිරිවීර , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රණවීර පතිරණ , සමඟ හිටපු උතුරුමැද පලාත් විපක්ෂනායක කස්තුරි අනුරාධනායක යන මහත්වරුන් සහභාගි වු අතර ප්‍රදේශ වාසින් දෙසීයකට ආසන්න පිරිසක් සහභාගි විය.
මෙහිදී අට විසි බෝධීන් වහන්සේලා එම විහාරස්ථානය වැඩම කරවු අතර පැළ 453 ක් රෝපණය කරන ලදි.

ඉන් අනතුරුව මඝ මානවක පරපුරෙ නිළධාරි මණ්ඩලය විසින් රුවන්වැලිමහසෑයේ විහාරාධිපති , උතුර උතුරුමැද දෙපලාතේ උප ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලෙගම හේමරතන හිමිපාණන් බැහැ දැක මඝ මානවක පරපුරෙ දසවැදෑරුම් ප්‍රඥප්තිය උන්වහන්සේ වෙත ඉදිරිපත් කලේය.

උන්වහන්සේ එහිදී මෙම වැඩසටහනෙ පසුවිපරම් කිරීම අනිවාර්ය බව මඝ මානවක පරපුර ට අවවාද අනුසාශනා කරන ලදි.

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*