ගල් අඟුරු බලාගාර ආර්ථික වශයෙන් අලාභ බව එක්සත් ජාතීන් ගේ සංවිධානයද පිළිගනී.

ගල් අඟුරු බලාගාර ආර්ථික වශයෙන් අලාභ බව එක්සත් ජාතීන් ගේ සංවිධානයද පිළිගනී.

.

ලලිත් කරුණාරත්න (‘ජ්‍යෝෆ්‍රී බේකන්’)

.

මේ බව ප්‍රකාශ කරමින්, එක්සත් ජාතීන්ගේ මහලේකම් “ඇන්ටෝනියෝ ගුටරෙස්” එතිහාසික කතාවක් කළේය.

එනම් ජපානය විසින් පවත්වනු ලබන දේශගුණික සමුළුවකදී ගල් අඟුරු සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලෙස ඔහු සියලු රටවලින් සහ විශේෂයෙන් ජී 20 රටවලින් ඉල්ලා සිටියේය. ඔහු මෙසේ කීවේය. … “අපි තවත් පියවරක් ඉදිරියට තැබිය යුතෙමු”… “එනම් සියලු පොසිල ඉන්ධන ලොවෙන් ඉවත් කළ යුතුයි”…

ගල් අඟුරු බලාගාර ඉදිකිරීම සඳහා මුදල් සැපයීම නවත්වන ලෙසත් හරිත බලශක්තිය වෙත වේගයෙන් යොමු වන ලෙසත්, මහා ලේකම් ගුටරෙස් ජපානයෙන් ඉල්ලා සිටියේය. 2011 මාර්තු භූමිකම්පාවෙන් පසු න්‍යෂ්ටික ව්‍යසනයකට පසු න්‍යෂ්ටික බලාගාර වසා දැමූ නිසා ජපානය සිය අපිරිසිදු ගල් අඟුරු පුරුද්ද අත්හැරියේ නැත.

ජපානයේ පරිසර අමාත්‍යංශය විසින් “2020 නැවත සැලසුම් කිරීම යන්නේ COVID-19 සඳහා තිරසාර මාර්ගගත වේදිකාව” නම් ඉලක්කයේ, වෙබ් අඩවිය පවසන්නේ එය “රටවල් වල දේශගුණය සහ අනෙකුත් පාරිසරික ප්‍රතිපත්ති හා ක්‍රියාකාරකම් ඒකාබද්ධ කරන සැලසුම් කර ක්‍රියාත්මක කල යුතුය යන්නය. 

“ඇසෝසියේටඩ් ප්‍රෙස්” පුවත්පතට අනුව ගුටරෙස් මෙසේ පැවසීය.

… “හරිත” රැකියා සඳහා ප්‍රමුඛතාවය දීම, පොසිල ඉන්ධන භාවිතය සඳහා සහනාධාර අවසන් කිරීම සහ සියලු තීරණ වලදී බලශක්ති හා දේශගුණික විපර්යාස පිළිබඳ කරුණු සැලකිල්ලට ගැනීම ප්‍රමුඛතා වේ.”…” පිරිසිදු බලශක්තිය වැඩි රැකියා, පිරිසිදු වාතය, වඩා හොඳ සෞඛ්‍ය සහ ශක්තිමත් ආර්ථික වර්ධනයක් ලබා දෙයි,” ගුටරෙස් පැවසීය.

“ගල් අඟුරු බලාගාර සඳහා මුදල් පුච්චා දැමීම ආර්ථික වශයෙන්ද කිසිම තේරුමක් නැති අතර එය ඉතා ඉක්මනින්, “අතරමං වූ වත්කම්” [stranded assets] බවට පත්වනු ඇත.” කිසිදු ආයෝජන සැලැස්මක් තුළ ගල් අඟුරු බලශක්තිය සඳහා තාර්කික කමක් නොමැත.

2030 වන විට ගෝලීය විමෝචනය අඩකින් අඩුවීම සහ 2050 වන විට ‘කාබන් උදාසීනත්වය’ ළඟා කර ගැනීම – ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සීමා කිරීමේ එකම හැකියාව සාක්ෂාත් කරගත හැකි බව ගුටරෙස් පැවසීය. ලබන වසරේ “COP26”* සම්මේලනයට පෙර වඩාත් අභිලාෂකාමී සැලසුම් සහ දිගුකාලීන උපාය මාර්ග ඉදිරිපත් කරන ලෙස ඔහු සමුළුවට සහභාගී වන රටවලින් ඉල්ලා සිටියේය.COP 26 යනු පාරිසරික සම්මේලනය නියෝජනය කරන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාමුව වේ. ඒ සම්මුතියට (UNFCCC) අත්සන් කළ රටවල් COP26 සම්මේලනයට සහභාගී වනු ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් කෙනෙක් හිතුමතේට මේ ආකාරයේ ප්‍රකාශ කරන්නේ නැත. බොහෝවිට ඔවුන් කරන ප්‍රකාශ ලිඛිත ප්‍රකාශයක් කියවමින් කරන බව අප දැක ඇත්තෙමු. එනම් එවැනි ප්‍රකාශ ඔවුන් කරන්නේ මනා අධ්‍යනයකින් පසුව බවත් හුදෙක් අපේ උන් කතා කරනවා මෙන් කට වාචාල කමට නොකරන බවත් පැහැදිළිය.

ලංකාවේ තවත් ගල් අඟුරු බලාගාර අවශ්‍ය යයි කියන ඉහළ තීරණ ගන්නෙක් වන කෙනෙක් කියා සිටින්නේ, ආරම්භ කල ව්‍යාපෘති දිගටම කල යුතු බවය. ආරම්භ කල ව්‍යාපෘති වෙනස් නොකළ යුතු බවය. කාලීන වශයෙන් සීඝ්‍රයෙන් වෙනස් වන බල ශක්ති පරාමිතික මෙහිදී නොසලකා හැරිය යුතු බවක් ඔහු ඉන් අදහස් කරයි. මෙය නම් ඉරට්ටේ ගොන් කමකි. “සෑම දෙයක්ම වෙනස් වේ”, යන සර්වත්‍ර සත්‍යය නොදැනීම අවාසනාවකි. අලාභය මැන බලා අනවශ්‍ය නම් ඉවත් කල යුතුය යන්න මෙවැනි ඕලමොට්ටලයන්ට නොතේරීම අපේ අවාසනාවකි.

කාලීන විපර්යාස තියා සාමාන්‍ය දැනුමවත් නැති, එක්සත් ජාතීන් ගේ සංවිධානයටත් උගන්වන ආකාරයේ ඔල මොට්ටල විශේෂඥයන් ලංකාවේ සිටී.      

Climate Crisis Weekly: ‘Coal plants make no sense economically’

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*