ගන්නවා ඕයි ඔය පොට්ටනිය අහකට

ගන්නවා ඕයි ඔය පොට්ටනිය අහකට

.

By – Shanika Pawani Hewage

.

මතක පොත ……

මම යන්නෙත් අමාරුවෙන්. ගන්නවා ඕක අහකට……🤣🤣🤣🤣

මේ කතාව බස් කතාවක්. අවුරුදු ගානකින් බස් එකක නොගියත් මට තියෙනවා බස්වල අපූරු ආගිය කතා ටිකක් . මේ ඉන් එක කතාවක්.
මම අවුරුදු ගානක් පුත්තලම් ප්‍රදේශයේ පාසලක ඉගැන්නුවා. ඒ ඉතිං බොහෝම තරුණ කාලේ. ⁣උදේ පාන්දරින්ම ගෙදරින් පිටත්වෙලා බස් කීපයක එල්ලිලා ගිහිල්ලා ළමයි එක්ක ඉහගහලා ඉවරවෙනකොට හොඳ ගණන් .හිටගෙන ඉන්නත් පණ නැහැ. හැබැයි උදේ ගමනාගමනයෙ තියෙන දුෂ්කරතා හවස නැහැ .අපිටම වෙන් වෙච්ච වගේ බස් කීපයක්ම තිබුණා පුත්තලමෙන් පටන් ගන්න. ඉතිං නිදහසේ ඉඳගෙන එන්න පුළුවන් . ගොඩක් වෙලාවට අපි බස් එකට නගිනවා විතරයි මතක.

එතන ඉදං එකම නින්දයි . හීනත් පේනවද මංදා.හැමදාම යන හින්දා කොන්දොස්තර වගේම ඩ්‍රයිවර් අපි බහින තැන් දාන්නවා.බහින තැනින් බස් එක නවත්තලා කතා කරලා බස් එකෙන් බස්සන අවස්ථාත් තිබුණා. කොහොම හරි මේ බස් වල වැඩි හරියක් මේ වෙලාවට ගියේ ගුරුවරු .ඒ නිසා අපි කිසිම බයක් හැකක් නැතිව බස් එකට නැගපු ගමන් හොඳට නිදා ගන්නවා . සමහර වෙලාවට ඔළුවේ තියෙන්නේ අනිත් කෙනාගේ උරහිසේ .

කොහොමින් කොහොම හරි මේ බස් වලට නගින එක මනුස්සයෙක් හින්දා අපේ නින්දට කණකොකා ඇඬුවා. මොකද මේ පොර බස් එකට නැගලා ඉඳගන්න ෂීට් තිබුනත් ඉඳන් ඉන්න අයගේ උරහිසට හේත්තු වෙලා හිට ගෙන තමයියන්නෙ.ඒ වෙලාවට අපි එහෙට මෙහෙට ඇඹරෙනව මිනිහව එතනින් අයින් කර ගන්න .ඒත් පොර වගේ වගක් නැතුව හේත්තුව දාගෙන යනවා . බ්රේක් ගහද්දි ඇඟටම එනවා.

මටත් කීප දවසක් මේ සංගෑදිය වුණා .පස්සෙ පස්සෙ අපි පුරුදු වුණා ජනේලය අයිනෙ ෂීට් එකකම ඉඳ ගන්න . අනිත් පැත්තෙ ඉන්න එකීට තමයි එදාට චාන්ස් එක . මේ බස් වල ගොඩක් ගියේ පලවෙනි පත්වීම ලැබුණු බොහෝම තරුණ ගුරුවරියෝ. .ඒ නිසා මේ වගේ දේ වෙනුවෙන් කතා කරන්න ලැජ්ජයි .

මේ පොර හැමදාම එකම තැනින් නැඟලා හලාවතින් බැහැලා යනවා.

අපිත් එක්ක ආවගිය අපිට වඩා වැඩිමහලු කටකාර ගුරුවරියක් හිටියා .එයා දවසක් කිව්වා අද නම් මම අරූට හොඳ වැඩක් කරනවා කියලා .ඒකී එදා ජනෙල් ළඟ නැතුව අනිත් පැත්තෙන් ඉද ගත්තා . අර පොරත් වෙලාවට වගේ එතනට ඇවිල්ලා හේත්තුව දා ගත්තා .අපි දැනගත්තා අද මූ ඉවරයි තමයි කියලා.අපිත ඉතිං පුල පුලා බලන් ඉන්නවා .අරකි කනේ පාරක් ගහනකං .

ටික වෙලාවක් ගියා .කිසි සද්දයක් නැහැ. දෙන්නම වගේ වගක් නැතිව යනවා. පොරත් හේත්තුව දාගෙන ඉන්නවා .බස් එකේ සෙනඟ ටික ටික වැඩි වෙනවා. එක පාරටම අපේ යාළුවා මුළු බස් එකටම ඇහෙන්න හයියෙන් කෑ ගහලා මෙහෙම කිව්වා .

” මේ හලෝ . උදේ ඉදං මහන්සිවෙලා මමත් මේ යන්නෙ හරිම අමාරුවෙන්. තමුසෙගෙ ඔය පොට්ටනියත් මට කරේ තියං යන්න බැහැ. ගන්නවා ඕක අහකට”. බස් එක එකම හිනා සාගරයයි. කලබලෙන් බස් එකේ බෙල්එක ගහපු පොර බස්එකෙන් බැහැලා ගියා. එදායින් පස්සේ අපි කොච්චර බලන් හිටියාත් පොර ආපහු ආවෙ නැහැ.

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*