කොවිඩ් මාරයාට එරෙහිව තවත් ගෝලීය එන්නතක්…

කොවිඩ් මාරයාට එරෙහිව තවත් ගෝලීය එන්නතක්…

.

Mahesh Hapugoda

.

එක්සත් ජනපද ඖෂධ නිෂ්පාදන දැවැන්තයෙක් වන මොඩනා (Moderna) සමාගම විසින් කොවිඩ් 19 පැන්ඩමිකයට එරෙහිව තවත් සාර්ථක ගෝලීය එන්නතක් අද (16) හඳුන්වා දී තිබෙනවා. mRNA -1273 නමින් හැඳින්වෙන මෙම වැක්සීනය මින් පෙර ෆයිසර් (Pfizer) සහ බයෝඑන්ටෙක් (BioNTech) සමගම් විසින් හඳුන්වා දුන් එන්නතට සෑම අයුරින් ම සමාන වුවද ෆයිසර් සමාගමේ එන්නතට වඩා ලාභදායී බව එම සමාගම පවසනවා. එසේම ඇසුරුම් කිරීම, ප්‍රවාහනය කිරීම සහ සකසුරුවම් බවෙන් ද මෙම එන්නත අනෙක් ඒවාට වඩා ඉහල මට්ටමෙන් පවතින බව මොඩනා සමාගමේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය ස්ටීවන් හොග් (Dr. Stephen Hoge) සඳහන් කරනවා.

ෆයිසර් සමාගමේ එන්නත 90%ක සාර්ථක බවක් අත්පත් කර ගන්නා විට මොඩනා එන්නත 94%ක සාර්ථක ප්‍රතිපල පෙන්වා ඇතැයි සී. එන්. එන්. ප්‍රවෘත්ති සේවය පෙන්වා දෙනවා. එසේම ෆයිසර් සමාගමේ එන්නත ඇසුරුම් කිරීම සඳහා සෙල්සියස් සෘණ -70ක අධි ශීතලක් අවශ්‍ය වන විට මොඩනා එන්නත සඳහා අවශ්‍ය වන්නේ සෙල්සියස් සෘණ -20ක පමණ සාමාන්‍ය ශීතකරණ උෂ්ණත්වයක්.

එන්නත් දෙකකින් සමන්විත මේ වැක්සීනයේ මාත්‍රා මිලියන දෙසීයක් මේ වනවිටත් එක්සත් ජනපද ආණ්ඩුව විසින් ඉල්ලුම් කර තිබෙන අතර තවත් මාත්‍රා මිලියන 160ක් යුරෝපීය හවුල විසින් ඉල්ලුම් කර තිබෙනවා. නමුත් එක්සත් රාජධානිය විසින් ඉල්ලුම් කර තිබෙන්නේ ෆයිසර් සමාගමේ එන්නතයි.

ඒ නිසා 94% සාර්ථක ප්‍රථිපල ඇති එන්නතක් නිපදවා තිබියදී 90% සාර්ථක එන්නතක් ඇණවුම් කිරීම ගැන එක්සත් රාජධානියේ වෛද්‍යවරු සැක පළ කරමින් ප්‍රකාශ කරන්නේ ෆයිසර් සමාගමේ එන්නත ලබාගැනීම වෙනුවෙන් එම රජය හදිසි වුවා වැඩි ද යන්න ගැනයි. ලෝක ආර්ථිකය වේගයෙන් පහළ යමින් පවතින මෙවන් අවස්ථාවක ඕනෑම රජයක් එන්නත් ගැන කලබල වීම තේරුම් ගැනීමට අපහසු දෙයක් නම් නොවෙයි.

කෙසේ වුවත් හෙට දවසේ තවත් සමාගමක් පැමිණ 100%ක් සාර්ථක තවත් අලුත් එන්නත් ගැන වුවද ප්‍රකාශ කල හැකියි. ඒ නිසා ගෝලීය වසංගතය මෙන්ම ගෝලීය එන්නත් තරඟය ද දැන් යුද්ධයක තත්වයට පැමිණ තියෙනවා.

තරඟය විසින් ම මේ ගෝලීය වසංගතය සඳහා එන්නතක් නිපදවීම වේගවත් කරන විට ලාභ යුද්ධයද එයට නිරායාසයෙන් තරඟකාරීව ගෑවෙමින් තිබෙනවා. ඒ කොවිඩ් පදනම් කරගත් ජාතික රාජ්‍ය යුද්ධයට අමතරවයි.

CNN/Boston Globe/Dailymail

Image@Getty Images

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*