ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරිය

ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරිය

.

Ganga Kumari Perera

.

Oxford dictionary එක ජීවිතෙ එක වරක් හරි ප්‍රයෝජනයට නොගත් කෙනෙක් ඉන්නවා කියලා මම නම් හිතන්නේ නෑ. ඒ තරමට ⁣මෙම ශබ්දකෝෂය අපේ දැනුමට ප්‍රයෝජනවත්. මේක ගැන වඩාත්ම කතාකරන්න හිතුවෙ මෙම ශබ්දකෝෂය සම්පාදනය කරන්න වඩාත්ම දායකත්වයක් දුන් කෙනෙක් නිසා.

ඒ William Chester Minor. ඇමරිකානු හමුදා ශල්‍ය වෛද්‍යවරයෙකු වන මෙයාගේ උපත අපට විශේෂයි. ඒ ඇයි දන්නවා දන්නවාද? මොහු ඉපදිලා තියෙන්නේ, 1834.ජූනි. 22, ශ්‍රී ලංකාවේදී. එංගලන්ත දේවගැතිවරයකු වූ ඊස්ට්මන් ස්ට්‍රෝංග් මයිනර් සහ ලුසී බේලි විලියම් ගේ මව්පියන්.

වයස 14 දි සිය දෙමාපියන් විලියම් ව ඇමරිකාවට යවනවා එහි ජීවත් වන සිය ඥාතීන් පිරිසක් සමග ජීවත් වෙන්නට. එහිදි රසල් මිලිටරි ඇකඩමියට ඇතුලත් වෙන විලියම් ඒ සමගම Yale Medical School හී වෛද්‍ය ශිෂ්‍යයෙකු ලෙස ඇතුලත් වෙනවා. එහිදී ඔහු වෙබ්ස්ටර් ශබ්දකෝෂය නැවත සකස් කිරීමේ සහයකයෙකු ලෙසද ක්‍රියා කරන අතර 1863 Comparative Anatomy පිළිබඳව විශේෂ උපාධියකටද හිමිකම් කියමින් කෙටි කාලයක්, New Haven හි පිහිටි Knight General Hospital හී සේවය කර හමුදාවට ශල්‍ය වෛද්‍යවරයෙකු ලෙස සේවයට බැඳෙනවා.

1864 Battle of wilderness නම් සිවිල් යුධ බිමෙහි සේවය කල විලියම්ගේ දරුණු ක්‍රියා පිළිබඳව එහිදී සතුටට පත් නොවන තොරතුරු වාර්තා වන අතර සිවිල් යුද්ධය අවසානයේ ඔහු නැවත පුරුදු රෝහල් සේවයට එකතු වෙන්නේ නැහැ. දැඩි ලෙස ගණිකා ඇසුරට ලොල්වන විලියම් නිතරම රෙඩ් ලයිට් ප්‍රදේශවල සැරිසරමින් ගණිකාවන් පසු පස යමින් කල් ගතකිරීමේ චාර්යාව හමුදාවට ආරංචි වීම ඔහුව සිය ධුරයෙන් පහතට දමා වෙනත් ප්‍රදේශයයකට මාරු කෙරෙනවා.

1868 ඔහුගෙ මානසික තත්ත්වය අවුල් වන අතර ඔහුව Elizabeth Hospital නම් මානසික රෝහල්ගතකරනවා. 1871 සිය මානසික තත්ත්වය වෙනස් කරගැනීම උදෙසා ලන්ඩනයට යන විලියම්ට එහිදී මුඩුක්කු පරිසරයක ජීවත් වන්නට සිදුවීම ඔහුව පරන පුරුදු අයාලෙ යන ජීවිතයම උරුම කරනවා. Paranoia නම් මානසික ව්‍යාධියෙන් පෙලීම හේතුවෙන් විලියම් George Merret නම් පුද්ගලයෙකුට වෙඩි තබනවා. දරුවන් සය දෙනෙකු සහ ගැබිණි බිරිඳ රක්ෂා කිරීම උදෙසා සිය රැකියා ස්ථානයට යන ගමන් මෙම අවාසනාවන්ත තත්ත්වයට පත්වන මෙරට්, විලියම් ගේ මානසික රෝගයේ ගොදුරක් වන නමුත් නඩු විභාගයෙදී විලියම් සිය මානසික රෝගී තත්ත්වය නිසා බේරී නැවත මානසික රෝහල්ගත කරනවා. එහිදී ඔහුගෙ හමුදා තත්ත්වය සහ සාමාන්‍ය තත්ත්වය සලකා ඔහුට එහිදී පොත් මිළදි ගන්න සහ කියවන්න ඉඩ ලැබෙනවා.

ඒ තත්ත්වය මත ලන්ඩනයේ පොත් ව්‍යාපාරිකයන් සමග ඇති සමීප සම්බන්ධය එවක Oxford dictionary නම් ශබ්දකෝෂයේ ආරම්භය පිළිබඳව දැනගන්නට ලැබෙනවා. එහිදී සිය ජීවිත කාලයෙන් වැඩි කාලයක් එහි සම්පාදන කටයුතු සඳහා සිය ශ්‍රමය කැප කල විලියම් විටින් විට ඔහු විසින් මරණයට පත් කල මෙරට් ගේ වැන්දඹු බිරිඳද හමුවන්නට යනවා. එහිදී ඇය විසින් විලියම්ට ශබ්දකෝෂය උදෙසා අවශ්‍ය පොත්පත් පවා ලබා දුන් බව තොරතුරු සඳහන් වෙනවා.

වසර ගණනාවකට පසු OED හි කතුවරයා වූ James Murray, විලියම් ගේ අනගි දායකත්වය ගැන දැනගන්න අතර 1891 ඔහුව හමුවී සිය ප්‍රණාමය මෙලෙස , “we could easily illustrate the last four centuries from his qualifications alone” පුදකරනවා.

1902 වනවිට ඔහුගෙ තත්ත්වය කෙමෙන් පිරිහෙන්නට වන අතර ඔහුගෙ රෝගී මායා තත්ත්වය නිසා ඔහුව රාත්‍රියෙ බලහත්කාරයෙන් ඉස්තාන්බුල් වැනි දුරබැහැර පවා පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් විකෘති ලිංගික ක්‍රියාවන් වල යෙදවූ බවද සඳහන්. එහිදී ඔහු සිය ශිෂ්ණය පවා පිහියකින් කපාගත් බවත් (Autopenectomy) සඳහන්. ඔහුගෙ තත්ත්වය එන්න එන්නම දරුණු වූ අතර Murray විසින් ඔහු ගලවාගැනීම උදෙසා විශාල උත්සාහයක් දැරූ අතර 1910 එවක ස්වදේශ අමාත්‍යවූ Winston Churchill විසින් ඔහුව මානසික රෝහලෙන් නිදහස් කර නැවත ඇමරිකාවට පිටුවහල් කරනවා. එහිදී St. Elizabeth රෝහල විසින් ඔහු Schizophrenia නම් රෝගීයෙකු බව තීරණය කරනවා. 1834 ශ්‍රී ලංකාවේ උපන් විලියම් 1920 දි Hartford, Connecticut හී වැඩිහිටි මානසික නිවාසයදී සිය ජීවිතය අවසන් කරනවා. නමුත් Oxford dictionary එකට ඔහු සැපයූ උපුටන අපි අදත් ප්‍රයෝජනයට ගන්න බව, පොත් වසන්තය එළඹි සමයේ, අප අමතක නොකල යුතුබව අවසානයේ කියමි.

ඡායාරූප විස්තර අන්තර්ජාලය.

.

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*