අපි හැමෝටම වගකීමක් තියෙනව…

අපි හැමෝටම වගකීමක් තියෙනව…

.

Dr Lakmal Kulasekera

.

ඉන්දියාවෙ ලොකු ප්‍රශ්නයක්…මරණ ගොඩයි…
ඔව්, ඇත්ත…
අපෙත් රෝගීන් හමුවෙනව වැඩියි..
හැබැයි ඉන්දියාවෙයි අපෙයි සමාජ හැඩරුව, ගතිපැවතුම්, සෞඛ්‍ය පුරුදු වෙනස්….
ඉන්දියාවෙ නවදිල්ලියේ මිනී පුච්චන්නෙ දර වලින්…
හැබැයි අපේ ගම්වලත් ගෑස් ආදාහනාගාර තියෙනව…
මේ එක උදාහරණයක් විතරයි…
ඒ හින්ද ඉන්දියාව පෙන්නල නුවුමනා බයක් ඇති කරන්න අවශ්‍ය නෑ…
අවශ්‍ය නම් ඉන්දියාවෙන් මිනිස්සු එන එක නවත්තන්න පුලුවන්.

දැං මේ වැඩි වීමට කවුද වගකියන්න ඕනෙ?

ජනාධිපති? රජ පවුල? ෂොපිං ගිය අය? අවුරුදු කාපු අය? බයියො? හැටනව ලක්ෂෙ?
ඔහොම කියාගෙන යතහැකි…
එහෙම කියල මම හෝ අපි හැර අනිත් ඔක්කොම වැරදි කියල අතපිහගන්න පුලුවන්…
ඇත්ත ඒක නෙවෙයි…

තියෙනව නම්, හෘදය සාක්ෂියට තට්ටු කරල බලන්න…

ඔබ හැම විටම පරිස්සම් වුනාද?
පාටි දැම්මෙ නැද්ද?
ඇඳුම් ගන්න ගියෙ නැද්ද?
උත්සව වලට ගියෙ නැද්ද?
ඔෆිස් එකේ තේ බොද්දි කෑම කද්දි එකට කෑවෙ බීවෙ නැද්ද?
සාතිශය බහුතරය ඔය ඔක්කොම කළා…
ඒක වරදක්ම නෙවි…

මිනිහා කියන්නෙ සමාජමය සත්ත්වයෙක්…
ඒකාට සමාජ ඇසුර නැතිව බෑ…
මෙච්චර කල් ඉවසන් ඉන්න කොහොමටත් බෑ…
අවදානම අඩු වෙලා කියන අදහස ඔලුවට ආවම කොහොමටත් බෑ…
ඇත්තටම වුනේ ඕකයි.
ආන්න එතැනදි තමා රජයක වගකීම එන්නෙ…
අවදානම අඩුනැති බව ඒත්තු ගන්නන එක රජයක වගකීම…

මිත්‍රවරුනි, මේක ශ්වසන රෝගයක්…
දැං කියන හැටියට වාතයෙන් පවා යම් දුරකට බෝ වෙනව…
අපි හිතපු වෙලාවට වැඩි වෙලාවක් මේක වාතයෙ තියෙනව…
ඉතිං, මේ වගෙ ලෙඩක් වලක්වගන්න එක ජනාධිපතිගෙ රජයක සෞඛ්‍ය ඇමතිගෙ හෝ සෞඛ්‍ය අංශයෙ තනි වගකීමක් නෙවි…

ප්‍රශ්නයක් වෙච්ච ගමන් “රට වහපල්ලා” කියල බෙරිහන් දෙන එකවත්,
තමන්ගෙ ඔපිසිය හෝ සායනය වහගෙන තමන් විතරක් පරිස්සම් වෙන එකවත් වැඩකට ඇති දේවල් නෙවෙයි…
එහෙම කරන්නෙ නාහෙන් එහාට පේන් නැති ලෝකෙ තමාගෙ වටේ කැරකෙනව කියල හිතන ආත්මාර්ථකාමී මිනිස්සු.

පැහැදිලිවම රජයට වගකීමක් තියෙනව…
මේකෙ විද්‍යාව තේරෙන,
මේකෙ සමාජ ආර්ථික බලපෑම තේරෙන
පොළොවෙ පය ගහල ඉන්න
දක්ෂයො ටිකක් එකතු කරගෙන ප්‍රායෝගික ක්‍රමවේදයක් හදල වැඩේ කරන එක දේශපාලන නායකත්වයෙ වගකීම…

හැබැයි රජයට වගේම පුරවැසි වගකීමකුත් තියෙනව…

අවශ්‍ය සෞඛ්‍ය පුරුදු පිළිපදින ගමන් රට ඉස්සරහට ගෙනියන්නත්, එදිනෙදා ජනජීවිතය අඩාල නොකර ගන්නත්, පුරවැසි අපටත් වගකීමක් තියෙනව…

දැනටමත් ආරථික අගාධයක ඉන්න රට නොවැටී තබාගන්න අපටත් වගකීමක් තියෙනව…

කළ යුත්තෙ අප හැම දෙනාම තමතමන්ගෙ වගකීම ඉටු කිරීම…

පරිස්සම් වෙන ගමන්
තමන්ගෙ යුතුකම සහ වගකීම රට වෙනුවෙන් ඉටු කීරීම…

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*