අනේ රත්න ශ්‍රී ඇයි අපිට මෙහෙම වද දෙන්නෙ?

.
.
1990 දශකයේදී ගුණදාස කපුගේ ගේ කම්පන ප්‍රසංගය වෙනුවෙන් රත්න ශ්‍රී ලියපු ගීතයක් මට මතක් වෙනවා. ඒ ගීතයේ එක තැනක මෙහෙම තියෙනවා.
අම්මලා කිරට හරවන
පියවුරුන් හෙළූ දහදිය
ගලයි උණු ලෙයට පෙරලී යුද්ධ භුමියේ
විනාස ව සියලු ගේ දොර
සුවහසක් උතුම් ජීවිත
ලෙයින් පෙගුණ රණ බිම මත නැගුණ සේසතේ
සෙවණ යට හිදිනු කවුරුද
නුඹ ද මම ද ඒ සොහොයුර
නොවෙයි අප නොවෙයි අප හැම එක ම කදවුරේ
2009 දී යුද්ධය අවසාන උනේ කලාකරුවකු හැටියට රත්න ශ්‍රී දැකපු මානයෙන් නොවේ. ඊට පස්සේ රත්න ශ්‍රී කරේ රත්න ශ්‍රි ගේ රසිකයින් හීනෙකින්වත් නොහිතපු වැඩක්.
මෙන්න බොලේ උන්දා ගෝඨාභය උඩ දම දම සිළුමිණට කවි ලියනවා. (ගෝඨාභයට විතරක් නෙමෙයි මහින්ද, සහ සරත් ෆොන්සේකාටත් කවි ලිව්වා. මට ඒ කවි මතක නැහැ ) දැන් මොකද තත්වය. ගෝඨාභයගේ පාලන කාලය තුළ සිංහරාජෙ කැළේ කපනවාට උන්දැ උරණ වෙලා.
ඉතිං දැන් උන්දැ භාග්‍යා හොයාගෙන යනවා. හෙට තත්වය ගැන හිතන කොට ඉතිං මට නම් චූ යනවා.
අනේ රත්න ශ්‍රී ඇයි අපිට මෙහෙම වද දෙන්නෙ?
ඔන්න මම සිදුවීම් සිදු උන පිළිවෙල මතක් කරයි කියලා මෙතැනින් පස්සෙ තවත් කට්ටියක් මාත් එක්ක තරහා වේවි.
දවසින් දවස අපි පාලු කාන්තාරයක තනි වෙනවා. අනේ පව් අපි.