20 අවජාතකද..? කාගේ වැඩක් විය හැකිද..?

20 අවජාතකද..? කාගේ වැඩක් විය හැකිද..?

.

Priyantha Hewage Maathalan

.

20 ට උනේ මාරම වැඩේය. ආන්ඩුවේ පළමුවෙනි වැඩේම අංජබජල් වෙලාය. ආන්ඩුවේ උන් සෙට්ටෙකත් හරියට මූදූ රැල්ල වගේය. වෙලාවක මූද (මහින්ද) පැත්තට ගලනවාය. වෙලාවට ගොඩ පැත්තට (බැසිල් ඇන්ඩ් ඝෝඨා) ගලනවාය. කොයි පැත්තට ගැලුවත් හැම එකාගේම එකම බලාපොරොතුව 20 ගෙනැල්ලා හෝ ඒකට කෙලලා ගොඩ යන එකය.

දැන් 20 ට අම්මෙක් අප්පෙක් නැතිය, අවජාතක කේස් එකක්ය. අම්මා අප්පා හොයන්න තවත් කමිටුවක් දාන්නත් ඉඩ තියෙනවාය. දැන් ලංකාවේ තියෙනා දැවන්තම පුරස්නේ මේකය. සමහර විට මේක, ඔය ජනතාව අස්සේ රිංගන කොට අපි වාගේ ආන්ඩුක්‍රම විසේසග්නයෙක් ඉඳලා, ඝෝඨා සර්ට දුන්නා වෙන්නත් පුළුවන්ය. මොකෝ මක්කා කොලත් එයා ඉන්නේ අපිත් එක්කය. අපිත් තාමත් ඉන්නේ එයා එක්කය.

කලින් ලීවා වාගෙම ආන්ඩුවේ 20 අද අන්ත අසරණය, නන්න පෝල්ය. මට පේන්නේ මාතලන් ඇර ලංකාවේ හැම එකාම මේකට අදින්නේ කොක්කය. මම නම් කියන්නේ අමු එකාධිපති ව්‍යවස්ථාවක් නැතිව මේ රට ගොඩ දාන එක නම් බොරු කියලාය. ලංකාව ලද යම් දෙයක් වේද, ඒ සියල්ල ලැබුනේ විධායක බලය යටතේය. එහෙම නොවුනා නම් යුද්ධයත් තාම තියෙනවාමය.

පාර්ලිමේන්තුවෙන් ඇපෲවල් අරගෙන ගහන්න ගියා නම් තාමත් ගහනවාය. ඒකේ ඒ කාළේ හිටපු උන් බැලුවේ, කොක්ක ඇදලා යුද්ධය නවත්තන එක නවත්තන්නය. හරියට ඝෝඨා බලයට ආපු වෙලේ අතුරු සම්මත ගිණුමක් පාස් කරගන්න ගිය වෙලේ දෙන්න ගිය ගේම දෙන්නය. එහෙම උනා නම් අද ලංකාවේ ජනාධිපති මිස්ටර් ප්‍රභාකරන් උන්නැහේය. අගමැති උගත් බුද්ධිමත් සහරාන් පුතාය. රාජපක්ෂලා වැඩ්ඩෝ නිසා අවස්ථා දෙකේම ගේම අදින්න ආපු උන්ට නැට්ට පුකේ ගහගෙන යන්න උනේය.

ඝෝඨා ඇවිත් අවුරුද්දක් ගිහිල්ලාත් තාම වාහනේ කොට උඩය. ආපු ගමන් සෙල්ලම් දමා සද්දේ දමා හැදූ සිස්ටන්වලටත් කෙලවෙලාය. RMV එක පෙර පරිදිමය. රාජ්ජ ඇමති කෙනෙක් උන්නාට ඒ මහත්තයාට වෙන වැඩ ඇතිය. තවත් නාපූ නෑම් නම් බොහෝය. කාරේක කොට උඩින් බාලා පාරේ යන්න නම් 20 ගේන්නම වෙනවාය. මොකෝ පාර්ලිමේන්තුව නම් පැරණි ගවගාලමය. හැබයි වැඩේ හිතන තරම් ලේසී නැති වගකුත් පෙනෙන්නේය.

සිරිසේනට මක්කත්ම නැත. මහින්දගේ තිඹිරිගෙය වෙන, සිරි ලංකා නිදහස් පක්ෂයේ ලේඛම් ඇමතිකමක් ලිඛිතව ඉල්ලලාත් හම්බ උනේ බතික් රෙද්දක්ය. ඔය යකාට බතික් රෙද්දක්කත් හදන්න පුලුවන්නම් ඒකත් ලෝක වර්ථාවක් වනවා ඇත්තේය.

කරෝල පියදාස ලිස්ට්ටෙකෙන් දාන්නෙයි කිව්වාට බැසිල් ලොක්කා දැම්මේ, සුරේෂ් රාඝවන්ය. සිරිසේනගේ උකුස්සෝ සෙට්ටෙක ඇමතිකම් වලින් මෙන්ම රාජ්ජ ඇමතිකම්වලින්ද කැපුනේය. එහෙම බැලුවාම ඒ ආපු සෙට්ටෙකම ඉන්නේ අවස්ථාවක් ලද විගස බැසිල්ට ගේමක් දෙන්නටය.

විමලේයි ගම්මන්පිලයි වාසුයි ඉන්නේත් හරහටය. විමලෙයි ගම්මන්පිලයි දෙන්නා ඉන්නේ ගිවිසුමකට ගිහිල්ලාය. ඒකේ තියෙන්නේ එක එක උන් ඔබා ගන්නවා නම් එයාලා පෝට්ටුවෙන් යනවා කියලාය. කොහොමත් එයාලාත් බැසිල් ලොක්කා එක්ක ඉන්නේ හරහටය.

ඝෝඨා එක්ක සෙල්ලම් දැම්මත් බැසිල් එක්ක සෙල්ලම් වානා කියා ඒ ගොල්ලෝ ඇක්ස්පීරියන්ස් එකෙන්ම දන්නවාය. 2015 ට කලින් ආර්ථික ඝාතකයා කියා පැත්තක ඉන්න අහිංසක පුංචිම පුංචි බන්ඩා ජයසුන්දර මහත්තයාට ගැහුවේ කෙලින්ම බැසිල්ට ගහන්න බැරි නිසාය.

සම හරක් ආන්ඩුවේ රාජ්ජ ඇමති කම් වල ඉන්නේද වෙන කරන්නම දෙයක් නැති නිසාය. අනේ තොගේ පොටෝ තෝම ගහගනින් කියා සම හරක් උන් මාරුවෙලා ගියේ වැරදිලා නෙමේය. උන් ඉල්ලන්නේ කැබිනට් ඇමතිකන්ය.

ඊයේ පෙරේදා ආපු උනුත් ඉන්නේ, නියෝජ්ජ ඇමති කමක් හරි බලාගෙනය. එයාලාටත් පුලුවන් තරම් ඉක්මනට නාමල් රාජපක්ෂලා වෙන්න ඕනෑ වෙලාය.

පලා බබාලා නෙළුම් පොහොට්ටු මූලස්ථානේ නාහෙන් අඬනවාය. 20 පාස් කරන්න නම් මේ ඔක්කෝම සතුටු කරලා විපක්ෂේ උන් කීප දෙනෙක්ද සතුටු කරන්න වෙනවාමය.

දැන් බැලුවාම බයියන්ට හා ඝෝඨාට චන්දය දී වෙනසක් බලාපොරොත්තුවෙන් උන් සියල්ලන්ටම වෙන්නේ, පොරොන්දි පිට පොරොන්දු දී, ආපු ගමන් වෙනස් කරනවා කියා රැඹ ටෝක් දීපූ, රටේ පරිපාලනය උඩු යටිකුරු කරමින් රට විනාශ කල 19 ම කර තියාගෙන යන්නටය. එහෙම උනොත් නම් මේ රටට සම්මා සම්බුදු සරණම පමණමය.

ඝෝඨාභය සර්ටත් තියෙන්නේ, කොමිසම් වල ඉන්නා උන්ට ඕන විදියට කොරගනින් කියා… පිනක් දහමක් කොරගෙන දැහැමින් සෙමින් රජකම් කොරලා, සිරිසේන වාගෙම ආතල් එකේ ඉන්නා එකය….

මොකෝ අපේ උන් කැමති මක්කා හෝ කරනවාට වඩා…. මක්කත්ම නොකර ඉන්නා එකටය..

හැබයි පුලුවන්නම් යන්න කලින්, ව්ශ්‍රාම ගියාම ආතල් එකේ ඉන්න, කොළඹ හතෙන් බවනකුත් හදා ගත්තා නම්, තමන්ට හෝ මක්කා හරි කොර ගත්තා නේ කියා සැනසිල්ලේ ඉන්න පුළුවන්ය.

ඒ අපේ රටේ ප්‍රජාචන්චරවාදයේ හැටිය…

මක්කා නැතත් අපිට ඒක මාරම වටිනවාය…

ඒ වගත් මේසෙය………..

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*