හේ ඩොනල්ඩ් ට්‍රම්ප් නම් විය

හේ ඩොනල්ඩ් ට්‍රම්ප් නම් විය

.

Mahesh Hapugoda

.

ඉතිහාසයේ අප දැන සිටි බොහෝ ඇමෙරිකානු පාලකයින්ට වඩා ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනස් මිනිසෙක් විය. ඒ වගේම බොහෝ බටහිර යැයි අප දැනසිටි පාලකයින්ගෙන් ද ඔහු වෙනස් විය. ප්‍රබුද්ධ යැයි අප සිතා සිටි බොහෝ ගෝලීය රාෂ්ඨ පාලකයන්ගෙන් ද ඔහු වෙනස් විය. අවම වශයෙන් මෙතෙක් අප දැනසිටි රිපබ්ලිකන් නායකයින්ගෙන් ද ඔහු වෙනස් විය. ඒ දැවැන්ත වෙනස නිසාම හේ ඩොනල්ඩ් ට්‍රම්ප් නම් විය.

‘ඇමෙරිකන්’ යනුවෙන් අප සිතා සිටි ෆැන්ටසිය ඔහු කුඩු පට්ටම් කළේය. ඒ නිසාම ඔහුව විශ්ලේෂණය කළ හැකි නම් එය අපේ පැත්තෙන් අගනේය.

සියළු ම අගතීන් පසෙක තැබුවත් තව දශක ගණනාවක් යනතුරු ඔහු ගෝලීය දේශපාලනයේ පමණක් නොව ඇමෙරිකානු දේශපාලනයේ පවා ප්‍රධාන මාතෘකාවක් වනු ඇත. ඒ බොහෝ කතා තුළ ඔහුව උපුටණු ඇත්තේ නිශේධනාත්මක අර්ථයෙන් විය හැක. ඇත්තටම ඔහුට අවශ්‍ය වූවේද එයම විය හැක. ඒ ට්‍රම්ප් ගේ හැටිය.

ඔහු කටට ආ දේ ඇද නැතුව කිවේය. ඒ වංගු නැති, බ්‍රේක් නැති ප්‍රකාශ සිදු කළේ කිසිදු න්‍යායික වාදයක (‘ඉස්ම්’) සරණ නොමැතිවය. ඒ ‘අමු ප්‍රකාශ’ (රව් ස්ටටෙමෙන්ට්ස්) ගැන අනෙක් අය කුමක් සිතනු ඇත්ද යන්න ගැන කිසිවිටක ඔහු තැවුනේ නැත. කෝවිඩ් ගැන ඔහු කළ කී දෑ ගැන සිනා නොවුණු කෙනෙක් නැති ගණන් ය. එහෙත් අවසාන දවස තෙක් ඔහුගේ ඒ ප්‍රකාශ නැවතුණේ නැත. දැන් මේ මොහොත දක්වා ඇමෙරිකාවේ සිදු වෙමින් පවතින සියළු දේ ගැන ඔහු සිදු කරන ‘සාහසික ප්‍රකාශ’ (ඔඋට්‍රගෙඔඋස් ස්ටටෙමෙන්ට්ස්) කිසිම විදියකින් නැවතී ද නැත. ඔහු මිය යන තෙක් ඒවා නවතිනු ඇතියැයි කිසිවෙකුට සිතිය ද නොහැක. ඔහුගේ ‘නොහික්මුණ ස්වභාවය’ (බූරිශ් නටුරේ කිසිම විටක කිසිම අවාසිදායක තත්වයක් තුළ ඔහු අතහරින බවක් පළ කළේ ද නැත. ඒ නිසා හේ ඩොනල්ඩ් ට්‍රම්ප් නම් විය.

ඔහු පුරුෂෝත්තමවාදී විය. ඔබාමා මෙන් ආචාරශීලි නොවීය. බුර්ෂුවා සමාචාර විධි ගැන ඔහු එතරම් තැකුවේ නැත. මෙලානියා බොහෝ අවස්ථා වල ඔහුගේ අත ගසා දමනු උකුසු කැමරා ඇස් වලට හසු විය. මෙලානියා ට පසුපසින් ‘මහත්මයකු සේ’ ගමන් කරනවා වෙනුවට ඔහු ඔහේ ඔහුගේ ගමන යන්නට ගියේය. බ්‍රිතාන්‍ය රැජින ඉදිරියේ ද ඔහු සමාචාර වැරද්දුවේ ය. යටත් විජිත අධිරාජ්‍යයේ වැඩවසම් ආචාර විධි ගැන තවත් මුල්‍ය අධිරාජ්‍යයක කිරුළු පැළඳ සිටි ට්‍රම්ප් වද වුවේ නැත. ඒ ට්‍රම්ප් ගේ හැටි විය.

ඔහුගේ පවුලේ අය හැර අන් කිසිම කෙනෙක් ඔහු විශ්වාස කරන බවක් පෙනෙන්නට තිබුණේ ද නැත. ඔහුගේ ලඟම දේශපාලන හිතවතුන් පවා ඉවත් කරන්නට ඔහු කිසිසේත් මැළි වුවේ නැත. සර්කස් කණ්ඩායමක් සේ ඔහුගේ පවුලේ උදවිය ඔහු යන යන තැන ගියේය. සමහර විට ඒ ඔහු විශ්වාස කළ එකම දෙය නිසා විය හැක.

ලිබරල් ජනමාධ්‍ය ගසන ගේම් ගැන ඔහු දැන සිටි නිසා ඒවා තුට්ටුවකට මායිම් කළේ ද නැත. ඒ වෙනුවට ඔහු ඔවුන්ට අවශ්‍ය වූ නිශේධනාත්මක ප්‍රවෘත්ති සැපයීය. ඒ ඔස්සේ ඔහු ඔවුනටත් නොදැනී ඔවුන්ගේ ආලින්දයට ගියේය. සෑම රාත්‍රියකම කුසීත ලිබරලුන් ගේ රාත්‍රී කෑම මේසයේ මාතෘකාව බවට ඔහු පත්විය. ඔවුන් නින්දට ගියේ ට්‍රම්ප් ගැන නපුරු සිහින දකිමින්ය. ට්‍රම්ප් ඔවුන්ගේ සිහින ඩිස්ටබ් කළේය. ඒ නිසාම ඔහු ඩොනල්ඩ් ට්‍රම්ප් නම් විය.

කවුරුන් මොනවා කිව්වත් ට්‍රම්ප් ඒ සියලු දේ ඉදිරියේ උපේක්ෂා (ඉන්ඩිෆ්ෆෙරෙන්ට්) සහගත විය. ඒ සමගම බොහෝ තැන් වලදී ඔහුගේ කෝපය ඔහු වසන් කළේ ද නැත. එතැනදී ඔහු බොහෝ ලිබරල් ‘ශිෂ්ට’ පුද්ගලයින්ට වඩා තත්‍යවාදී විය (ඖතෙන්ටිc).

‘ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක්’ ලෙස ඔහුව හැදින්වූ බොහෝ දෙනෙක් අමතක කළ කරුණ නම් මිලියන ගණනක් සාමාන්‍ය ඇමෙරිකන් මිනිසුන් ඔහුට චන්දය දීමට ඉදිරියට පැමිණි බවට වන සත්‍යයයි. තවත් ප්‍රථිපල නිකුත් කෙරෙමින් තිබෙන මේ මැතිවරණයේ පවා මේ වනවිට මිලියන හැත්තෑවක් ඇමෙරිකානුවන් ඔහු කෙරේ විශ්වාසය පළ කොට ඇත. ඒ සත්‍යය ඉතිහාසයෙන් මකා දැමිය නොහැකි වනු ඇත.

සියළු ලිබරල් වටිනාකම් ඔහු මායිම් කළේ නැත. සියලු ලිබරල් ආයතන ඔහු ගණනකට ගත්තේ නැත. සංස්ථාපිතයන්ට පිටින් යන්නට ඔහු කිසිසේත් මැලි වුවේ නැත. කිසිදු සංස්ථාපිත මතවාදයකට ඔහු අවනත වන බවක් පෙන්නුම් කලේද නැත. ඒ ඔහු විශ්වාස කලේ ඔහු ගැන පමණක් නිසා සිදුවූ දෙයක් විය හැක. මට මතක් වන්නේ ථෙරෙ Wඉල්ල් ඹෙ ඹ්ලූඩ් නම් අඳුරු නීට්ෂයානු චිත්‍රපටයයි.

බිස්නස් මනසක් තිබූ ඔහු දිග්ගැස්සෙන යුද්ධයක පැටලුනේ නැත. පොරොන්දු වූ මහා තාප්පය ඔහු ඉදිකළේ ද නැත. තිබුණ තැනට වඩා ඇමෙරිකාව මහා ලොකු ශ්‍රේෂ්ට තැනක් කළේ ද නැත.
කළු ජාතික අරගලයේ (ඹ්ළ්M) අනන්‍යතා දේශපාලනය ඔහු නොරිස්සුවා පමණක් නොව දක්ෂිනාන්සික ‘ආඩම්බර කොල්ලන්’ ද (ඵ්‍රොඋඩ් ඹොය්ස්) ඔහු රිස්සුවේ නැත. දෙපැත්තේම හොඳ මිනිසුන් සිටින බව පමණක් ඔහු පැවසීය.

2016යේ මැතිවරණය වන විට වැඩ කරන ඇමෙරිකානු ජනතාවගේ බල නහරය ඔහු ඉතාම දක්ෂ ලෙස ස්පර්ශ කර තිබුණි. ඒ ඔස්සේ වැඩ කරන ජනතාවගේ කැමැත්ත ඔහු වෙත නොඅඩුව ලැබුණි. ඒ තුළ සුදු වර්ගවාදය නොතිබුණා යැයි මම නොකියමි. නමුත් ඒ තුලද අනෙක් අය අමතක කළ දේශපාලනයක් රැඳී තිබුණි. වැදගත්ම දෙය විය හැක්කේ එයයි.

ඇමෙරිකන් ජනාධිපතිවරයෙක් හැටියට ඒ තනතුරේ බොහෝ මුලිකාංග (ප්‍රොටොcඔල්ස්) බිඳ දැමීමට ඔහු බිය නොවිය. මා කලින් කීවාක් මෙන් ඔහු කිසිදු ‘වාදයක’ (ඉස්ම්) වහලෙක් නොවීම ඒ නිර්භය බවට හේතුව වූවා විය හැක. කවිච්චියේ දිගා කළ විට ඔහුගේ මුවින් ගලා එන වචන යනු ඔහුගේම වචන මිස කිසිදු වාදයක වචන නොවීම විශ්ලේෂකයකුට පහසුවක් දනවනු දෙයක් වනු නිසැකය. කොතෙක් ගැටළු තිබුණද ඒ නිදහස් බව වෙනුවෙන් සාමාන්‍ය ඇමෙරිකානුවන් පාවිච්චි කළ වචනය ‘ට්‍රම්ප්වාදය’ (ඨෘම්පිස්ම්) විය හැක.

ඒ නිදහස් බව වෙනුවෙන් සාමාන්‍ය වැඩ කරන පන්තියේ කැමැත්ත එකතු කිරීම එක්තරා ජනප්‍රියවාදයක් දක්වා ඔහු දිග්ගස්සනු ලැබිය. ඔබ හරියටම ට්‍රම්ප් විශ්ලේෂණය කරන්නේ නම් ඔහු යමක අවසානයක් සනිටුහන් කල තැනැත්තෙකු නොව ඔහුගේම ක්‍රමයකට යම් ‘ඇමෙරිකානු ජනප්‍රියවාදයක’ ආරම්භයක් සලකුණු කළ පුරෝගාමියෙක් ලෙස තේරුම් ගනු ඇත.

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*