“ස‘ ෆේල්“ නැහැ. ඒත් අපි “ෆේල් ස‘“

“ස‘ ෆේල්“ නැහැ. ඒත් අපි “ෆේල් ස‘“

.

Samila Muthumuni

.

මම හැමදාමත් කලේ, මම ගැන හිතන්නේ නැතුව ස‘ව ගොඩදාන්න කතාකරපු එකයි. ඒත් ආයිමත් එහෙම නොකරන්න කියලා හිතාගත්තා. ඒකට හේතුව විදියට කියන්න තියෙන්නේ අපි කොච්චර උත්සහා කලත් ස‘ ගේ ප්‍රගතියක් පෙන්වන්නේ නැති නිසයි. තවම හිතනවා, පසුගිය කාලයේ වුණු වැරදි හදාගෙන ඉදිරියට වැඩකරයි කියලා.
“ස‘ ෆේල්“ නැහැ. ඒත් අපි “ෆේල් ස‘“ කියලා කිවුවේ ඇයි?

අපි ස‘ ව බලයට ගෙනාවේ ඇයි?

(1): ඒකීය ශ්‍රි ලංකාවට බලපෑමක් කරන 13 වෙනි ව්‍යවස්ථාව ඇතුලත් වන 1978 ව්‍යවස්ථාව අහෝසි කරලා නව ව්‍යවස්ථාවක් ගෙනත් ඒකීය ශ්‍රි ලංකාව තහවුරැ කරගැනීමටයි.

ඒත් අද වෙන්නේ මොකක්ද? කවුරැවත් ඉල්ලන්නේ නැති පළාත් සභා මැතිවරණයක් පවත්වන්න හදනවා. අලුත් ව්‍යවස්ථාව ගැන කතාවක්වත් නැහැ. මොනවා වුනත් යහපාලන ආණ්ඩුවේ අගමැති වූ රනිල් වික්‍රමසිංහ වසරක් යාමට කලින් ඔහුගේ මතවාදය වූ ෆෙඩ්රල්වාදය මූලික කරගත් අලුත් ව්‍යවස්ථාවක් ගැන රටේ විද්වත් සාකච්ඡාවක් ගොඩනැගුවා. අපි එයට විරැද්ධ එක වෙනම දෙයක්. ඒත් වැදගත් වෙන්නේ ඒ සාකච්ඡාවයි. ජනාධිපතිතුමා බලයට පැමිණ අවුරැද්දකට වැඩිකාලයක් ගත වුනත්, තවමත් ඒ අලුත් ව්‍යවස්ථාව ගැන සාකච්ඡාවක් වෙනවාද? මොනවාද මේ ගැන රටේ මිනිස්සු කතාවෙන්නේ? යහාපාලනය මුල් අවුරැද්දේ අපි ඒ අය ගේන ව්‍යවස්ථාව ගැන ෆේස්බුක් එකේ තර්ක විතර්ක කලා. ඒත් දැන් මොනවාද අපි කතාකරන්නේ? ඉතින් අපි ෆේල් ස‘.

(2): මහා බැංකු හොරැන්ට දඩුවම් ලබාදීමට.

අද වෙනකොට මහා බැංකු හොරැන් ගැන මොනවාද කතාවෙන්නේ? එදා කියපු රටේ ආර්ථිකය විනාශ කල ඒ මහා බැංකු හොරැන් වෙනුවෙන් මොනවාද කරන්නේ? මහා බැංකු හොරකමට සම්බන්ධයි කියපු රනිල් වික්‍රමසිංහ හොදින් ඉන්නවා. රවී කරැණානායක හොදින් ඉන්නවා. කබීර් හෂීම් හොදින් ඉන්නවා. අර්ජුන් මහේන්ද්‍රන් හොදින් ඉන්නවා. දැන් මේකටද ඔබතුමා අපෙන් බලය ඉල්ලුවේ? ඉතින් අපි ෆේල් ස‘.

(3): පාස්කු ප්‍රහාරයේ මිනිමරැවන්ට දඩුවම් ලබාදීමට.

අද වෙනකොට පාස්කු ප්‍රහාරයේ මිනිමරැවන්ට මොකක්ද වෙලා තියෙන්නේ? පාස්කු කොමිසම දිනෙන් දින කල් යනවා. ඒ අතරතුර පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි කියපු අය නිදහස් වෙනවා. හිස්බුල්ලා, රිෂාඩ් බදුර්දීන්, වැනි අය නිදහසේ ඉන්නවා. අන්තවාදය පැතිරීමට බලපාපු මද්‍රසා පාසල් ඒ විදියටම ක්‍රියාත්මක වෙනවා. ඉතින් අපිට තවම පාස්කු ප්‍රහාරයේ මිනිමරැවන්ට නියමිත දඩුවම් ලැබේදැයි කියන බය තියෙනවා.

(4): රාජ්‍ය සේවය කාර්යක්ෂම සේවාවක් කිරිමට.

ඔබතුමා බලයට පත්වී අවුරැද්දකට වැඩි කාලයක් ඇතුලත් රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරිමට සිදුකලේ මොකක්ද? එදාට වඩා අද වෙනකොට එහි කල වෙනස්කම් මොනවාද? දැන් ඒ ආයතනවල ක්‍රියාකාරිත්වය හොදයිද? වංචා නැවැත්වීමට ඔබට හැකිවෙලාද? පෝලීමේ එන්නේ නැතුව, මිනිහෙක්ට ඉක්මනින් දෙයක් කරගැනීමට හැකි විදියට පත්කරලාද? ඔබ විසින් කල ආයතනික වෙනස මොකක්ද? සියළුම රාජ්‍ය ආයතන පරිඝණකගත කරලාද? යම් ක්‍රමවේදයක් අනුව ඒවා ක්‍රියාත්මක වෙනවාද?

(5): ජාතික සම්පත් ආරක්ෂා කරගැනීම.

එදා ඔබලා බලයට පැමිණියේ රටේ ජාතික සම්පත් ආරක්ෂා කරනවා කියලයි. යහපාලන ආණ්ඩුව විසින් චීනයට විකුණු හම්බන්තොට වරාය පවා නැවත පවරාගන්නවා කියලයි බලයට ආවේ. ඒත් දැන් වෙන්නේ මොකක්ද? අද අපිට කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබාදීම වෙනුවෙන් කතාකරන්න වෙලා. දැන් ඔබලා මොන කතා කිවුවත්, එදා ඔබලා අපිට කිවු දේද දැන් වෙන්නේ? එහෙනම් එදාම ඔබලාට මේ කතාව කියන්න තිබුණා.

(6): එක රටක් එක නිතියක් ගේනවා කිවුවා.

අවුල්ම දේ මේක තමයි. රටේ අධිකරණ ඇමතිවරයා විදියට පත්කරලා තියෙන්නේ ජාතිවාදය නැහැ කියලා රටට පෙන්වන, ඒත් අන්තවාදීම ඇමතිවරයෙක්ව. ඊයේ වෙනකොට ආරංචි වෙනවා කාති උසාවි සදහා පුද්ගලයන්ව බදවා ගන්නවා කියලා. දැන් මේ කියන විදියට සිංහලයන් සදහා ඒ වගේ උසාවි තියෙනවාද? අර තරැණ කාන්තාවන් අඩ අඩා කියනවා කාති උසාවිවලින් වෙන අසාධාරණ මොනවාද කියලා. ඒ කාලේ දෙරණ පෙන්නුවේම ඒවා. ඒ වගේම ඔය ළමා විවාහාවලට අවසර දෙන්නෙත් ඒ කාති උසාවිවලින්. ඉතින් ඒ දේම ඉදිරියටත් පවත්වාගෙන යනවා. එක රටක් එක නිතියක්නම් කොහොමද මේවා වෙන්නේ? අවුල් නේද ස‘. දැන් අර මන්නාරමේ ආරබි ආකෘතිය නැතිකලාද? ඒ විදියට හැදුව පරිසරය වෙනස් කලාද? අන්තවාදය නැතිකරන්න මොනවාද අරගෙන තියෙන පියවර?

ඇත්තටම ජනාධිපතිතුමාගෙන් අහන්න ඕනේ, ඔබ ශක්තිමත් නායකයෙක් විදියට ගත්ත තීරණ මොනවාද කියලා? අර විපක්ෂයේ පිරිස් කියනවා වගේ, අද ගන්න තීරණය හෙට වෙනස් වෙනවා. එක් එක් ඇමතිවරැ ඒ අයට ඕනේ ඕනේ දේවල් කියනවා. කිසිම විද්වත් සාකච්ඡාවක් නැතුව, ඒ ඇමතිවරැ හිතට එන දේ කියනවා. උදාහරණයක් විදියට, සරත් වීරසේකර ඇමතිවරයා කියනවා, වරදක් කරලා අහුවුනොත් ඔහුගේ සියළුම අනන්‍යතාවයන් මාධ්‍ය හමුවේ හෙළිකරනවා කියලා. දැන් මේ ගැන කොහේද කතාකලේ? ඔහුට රෑ නිදාගන්න කලින් හිතෙනවා, උදේ ඇවිත් මේක කියනවා. හොදයි, එහෙනම් කෝ දැන් ඒ කරනවා කියපු දේ? ඊයේ පෙරේදා කියනවා, 18 වැඩි සියළුම දෙනාට හමුදා පුහුණුව දෙනවා කියලා. මේවා කොහේද සාකච්ඡා කලේ? යම් තීරණයක් ගන්න ඕනේ, රටේ මිනිස්සු එක්ක සාකච්ඡාවකින් පස්සේ නේද? ඒ නිසා, මේ ජෝක්ස් නවත්වලා, හරි විදියට, සියළුම විධායක බලතල තියෙන නායකයෙක් විදියට තීරණ අරගෙන අපි බලාපොරොත්තු වුණු මේ දේවල්වලට විසදුම් දෙන්න. එතකොට අපිට ඔබ සමග හැමදාම ඉන්න පුළුවන්.

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*