සුළු ජාතීන්ගේ මහා ජාති

සුළු ජාතීන්ගේ මහා ජාති

.

කැලුම් ජයසුමන

.

ඉතිහාසය පුරා ලෝකයේ සෑම රටකම පාහේ ඒ ඒ රටවල ජීවත් වූ ජනතාව වසර සිය දහස් ගණනක් තිස්සේ නිශ්චිත භූමියක එහි ආර්ථික ක්‍රියාවලිය,සංස්කෘතිය,සභ්‍යත්වය ගොඩනැගීම සහ එම නිශ්චිත භූමිය සතුරන්ගෙන්,ආක්‍රමණවලින් ආරක්ෂා කර ගැනීම යනාදී සාමූහික ක්‍රියාවලියක ප්‍රතිඵළයක් ලෙස ජාතිය බිහි වීම සිදුවේ. ඒ අතර තුර වෙනත් පරිබාහිර හේතු එනම් වෙළදාමට පැමිණීම,ආක්‍රමණ නිසා පැමිණීම,සරණාගතයන් ලෙස පැමිණීම,වහළුන් ලෙස පැමිණීම,ශ්‍රමිකයන් ලෙස පැමිණීම,කල්ලතෝනි ලෙස පැමිණීම හෝ වෙනත් ආකාරයකින් පිරිස් වශයෙන් පැමිණ රටක ස්ථීර පදිංචිය ලබන ජන වර්ගද බොහෝ රටවල ජීවත් වෙති.

මෙසේ ජීවත් වන ජනවාර්ගික කණ්ඩායම් වලට ලංකාවේදී භාවිතා වන වචනයක් වන්නේ සුළු ජාතීන් යන්නයි. මා එයට එකඟ වන්නේ නැත. ඔවුන් ජාතීන් නොව ජනවර්ගයි. මෙසේ ජනවර්ග ලෙස ලංකාවේ ජීවත්වන පිරිස් වලින් විශාලම කොටස් පිලිවෙලින් ද්‍රවිඩ,මුස්ලිම්,බර්ගර්,මැලේ,අප්‍රිකානු වශයෙන් සැලකිය හැක. මෙයින් ද්‍රවිඩ සහ මුස්ලිම් පිරිස හැර අන් ජනවර්ග බොහෝ දුරට සිංහළ ජාතිය හා ස්වීකරණය වී ඇත. එනම් මහා සමාජයට අවශෝෂණය වී ඇත. ඔවුන්ගේ ආගමික හා සංස්කෘතික වෙනස්කම් එසේම තිබියදී සිංහල සංස්කෘතිය හා බුදු දහම විකර්ශණය නොව ආකර්ශණය වන ප්‍රපංචයන් බවට පත්ව ඇත. ලංකාවේ ජීවත්වන රෝමානු කතෝලික ජනතාව මෙන්ම ඔවුන් මහා සමාජයේ ක්‍රියාශීලී ක්‍රියාකාරී සාමාජිකයන් බවට පත්ව ඇත. ඒ නිසාම ඔවුන්ට වෙනම පරිපාලන ඒකක හෝ වෙනම රාජ්‍යයන් උවමනා නැත.

එසේ නම් මේ සම්පන්ධන්ලා ඉල්ලන්නේ කුමක්ද? මේ ඉල්ලීම් පිටුපස ඇති සත්‍ය උවමනාව අප තේරුම් ගත යුතුය. ඔටුවා කූඩාරමට රිංගීමට නොදෙවනි මේ ඉල්ලීම් පිටුපස ජ්‍යාත්යන්තර දේශපාලන බල උවමනාවද යහමින් ඇත. එනම් ඉන්දියාව කලාපය තුල පතුරවන තම දේශපාලන ආධිපත්‍යයේ දේශීය නිත්‍ය නියෝජිත තනතුර හොබවන දෙමල ජාතික සංධානයත් ඇමරිකානු උවමනාව වෙනුවෙන් ඇමරිකානු තානාපති කාර්‍යාලයෙන් නැටවෙන අනෙකුත් වාර්ගික සුළු පක්ෂත් කවර විසඳුමකින්වත් සෑහීමකට පත් නොවේ. බෙදුම්වාදී උවමනාව මේ මොහොතේ වඩාත් තීව්ර ලෙස ඇසෙන්නේ නැගෙනහිර ජැටිය ඉන්දියාව සතු කර ගැනීමට බැරි වීමේ වෛරය නිසා බව කුඩා දරුවෙකුට උවද වැටහේ. අනෙක් අතින් උතුරු නැගෙනහිර දෙමළ සංධානයේ බලය වේගයෙන් ගිලිහෙමින් ඇත. ආසන 16 ආසන 10 ට පසු බැසීම සහ නව ප්‍රවනතා උතුරෙන් මතුවීම ඔවුන් භීතියට පත් කර ඇත.

රටේ සියළු ජනයාට පොදු අපහසුතා හැරුනුකොට ඔවුනට ඇති සුවිශේෂ අපහසුතාවය කුමක්ද? වසර ගණනක් පුරා අසන මේ ප්‍රශ්ණයට එකදු බෙදුම්වාදියෙක් හෝ උන්ට කඩේ යන රාජ්‍ය නොවන සංවිධාන වලින් යැපෙන හෝහපුටෙකු පිලිතුරු දෙන්නේ නැත. ඒ වෙනුවට වෙන වෙන බයිලා ගසමින් වටේ යයි. නීතිය,අධ්‍යාපනය,සෞඛ්‍යය හෝ වෙනත් කිසිදු අවස්තාවක ජනවාර්ගික පදනමෙන් වෙනසක් නොවන්නේ නම් වෙනම බලයක් ඉල්ලීම යනු ඔවුනට සුවිශේෂත්වයක් බලාපොරොත්තු වීමකි. ඒ අසනීපයට බෙහෙත් වෙල්ලමුල්ලිවෛක්කාල් වලදී ලබා දී අවසානය. නැවතත් එකම බෙහෙත ඉල්ලීම උන්ගේ අණුවන කමක් මිස අපගේ දෝෂයක් නොවේ.

දින දින වැහැරී යන අන්ත ජාතිවාදී බෙදුම්වාදී අවස්ථාවාදය තවදුරටත් නඩත්තු කල නොහැක්කක් බව උන් තේරුම් ගත්තද නොගත්තද අප තේරුම් ගත යුතුය. උතුරු නැගානහිර ජනතාව සමඟ සම්බන්ධය තහවුරු කිරීම මිස අන්තවාදීන්ට බෙදුම්වාදීන්ට කප්පම් නොදිය යුතුය. උන්ගේ එම ඉල්ලීම් පිලිබඳ සාකච්ඡාවක් වත් කිරීමට අවශ්‍ය නැත. ඒ වෙනුවට ශ්‍රී ලාංකීය අනන්‍යතාව සහිත මහා සමාජයට ජනතාව අවශෝෂණය කර ජාතියක් ලෙස ලෝකයට මුහුණ දීමට අවැසි ශක්තිය වර්ධනය කල යුතුය.

-කැලුම් ජයසුමන

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*