සිස්ටම් චේන්ජ්ද..? (PCR මගඩිය)

.
Priyantha Hewage Maathalan
.
ලංකාවේ විශාලම මාෆියාව රාජ්ජ සේවය බව වටහා ගන්නා තෙක් මොන දේශපාලුවාත් කරන්නේ නා ගන්නා එකය..
මේ ගැන මාතලන් ලියූ වාර අනන්තය…
ඝෝඨාභය රාජපක්ෂ පාලනයක් යටතේ ජනතාව බලාපොරොත්තු වූයේ මෙන්න මේ මාෆියාවටත් කෙලවන එකය…
අදටත් ආන්ඩුව අපහසුතාවයට පත්වන සෑම අවස්ථාවකම පෙනෙන පැහැදිලි කාරණය නම්…, රාජ්‍ය සේවයේ අකර්යක්ෂමතාව බව මේ වන විට සිඳු වූ සියල්ලෙන්ම…, ඉතා පැහැදිලිව පෙනී යන කරුණය…
මේ අතරිනුත් දරුණුම මාෆියයවක් තියෙන්නේ සෞඛ්‍ය අමාත්යශයේය… ඖසධ වෙළඳාම ද්වැන්ත ජාවරමක් මෙන්ම අමු මාෆියාවකි….
මේ රැකියාව සඳහා සමාජයේ ඇති ගරුකටයුතුභාවය, මොනෝපෝලියාව හා බිය හේතුවෙන් බොහෝ දෙනෙක් ඒ ගැන කතා කරන්නට බිය වේ…
ලෝක වසංගතයක් හමුවේ අමාරුවෙන් දුවන ආර්ථිකයක් ඇති මේ මොහොතේ…, ඒ තුලිනුත් තම මඩිය තරකරගන්නවා පමණක් නොව.., ආන්ඩුව අපහසුතාවයට පත් කරන එකෙක් වේ නම්.., උන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුමය….
සෞඛ්‍ය මාත්යශය විසින් ගෙන්වූ PCR කට්ටල හා පරීක්ෂණ කට්ටල ගෙන ඒමේදී එකාධිකාරියක් ගොඩ නගාගෙන ඇති බවත්.., ටෙස්ට් කිට් (Test Kit) හා එක්ස්ට්‍රැක්ට් කිට් (Extract Kit) ගෙන ඒමේදී ලෝක වෙළඳ පොළේ මිළදී ගැනීමට හැකි මිළට වඩා දෙගුණයක් වියදම් කරමින් එවා ගෙන එන බවත් වාර්ථා වෙන්නේ මේ අතරේය…
එහිදි අඩු මිළට ඉදිරිපත් කරනා සමාගම් ලැයිස්තුවලින් කපා හැර ඇති අතර…, කෙනෙක් අඩු මිළට ඉදිරිපත් කරයි නම්.., එම මුදලටත් අඩුවෙන් තෝරාගත් සමාගමේ මිළ ගනන් සඳහන් කර එකම සමාගමකින් පමණක් මිළදී ගැනීම සිඳුකළ බවත් වාර්ථා වේ…
කෙසේ වෙතත් ඝෝඨා පාලනය යටතේ මේ පිළිබඳ විශේෂ පරීක්ෂණයක් ආරම්බ කර තිබීම සතුටට කරුණකි…
නමුත් ප්‍රශ්ණය තිබෙන්නේ මේ පරීක්ෂණ සාධාරණව සිඳුවේද යන්න පිළිබඳවය..
බොහෝ විට මෙතෙක් සිඳු වූයේ…, පරීක්ෂණ කන්ඩායම්ද මාෆියාවේ ගොදුරු බවට පත්වෙමින්… වංචාව සර්ව සාධාරන වී හොරකම නීතී ගත වීමය…
නාකොටික් එකේ උන්…, කුඩු මාෆියාවේම ගොඳුරු බවට පත් වීම.., ඊට දිය හැකි හොඳම උදාහරණයයි…
විශේෂයෙන් මේ සඳහා පත් කරනා කන්ඩායම් සමන්විත වන්නේද…, ක්ෂේශ්ත්‍රයේ ප්‍රාමාණික උගතුන්ගෙන්ම වීම ජනතාවගේ කරුමයකි…
පෙර පැවති ආන්ඩුව කාළයේද ලේ බැංකුවේ මහා වචාවන් සිඳු කරල එකා…, මේ රජය යටතේද තවමත් රාජ්‍ය සේවයේ යෙදේ…
සෑම දේටම එරෙහි වන ගොම සංගමයද මේවාට එදිරිව හඬක් නගන්නේ නැත… ඒ මා කලින් සඳහන් කළ හේතූන් නිසාමය…
අප මේ ආන්ඩුවෙන් බලාපොරොත්තු වූයේ සිල්ලර කාරනා නොවේ.. මෙන්න මේ කාළකන්නි හොරකම් හා දූෂණයන් හැකි තාක් අවම කර ගැනීමය…
එවා නැති රාජ්‍යක් ලොව ඇතයි කියා මාතලන් නම් සිතන්නේ නැතිය.. එහෙත් මේ රටේ පවතින්නේ මජර ගරානාවකි…
පසුගිය රජයෙන් ගෙන්වූ පිලිකා ඖෂධ කිසිම ගුණාත්මකභාවයකින් යුතු ඖෂධ නොවනා බව කියන්නේ දැන්ය… එහෙත් කිසි අවුලක් නැතිව…, දැන දැනම…, මෙතෙක් ඒවා රෝගීන්ට ලබා දුන්නේය…
ආන්ඩු පත් කර ජනතාව බලාපොරොත්තු වන්නේ මෙවන් කාළකන්නින් රාජ්‍ය සේවයෙන් එලවා දමා උන්ගේ දේපල රාජසන්තක කොට දඟගෙයි
ලෑමයි…
චීනයේ නම් මෙවන් කාළකන්නින්ට ලබා දෙන්නේ මරණ දඬුවමයි….
සිස්ටම් චේන්ජ් වී ඇත්දැයි අපට බලා ගත හැකි වන්නේ මේවාට ගන්නා තීන්දූ තීරණ අනුවය…
එතෙක් ජනතාවට කළ හැක්ක්කේ සුපුරුදු පරිදි හෙණ ඉල්ලීමම පමණමය..
ඒ වගත් මෙසේය…