සජිත්ගේ වැක්සීනය

සජිත්ගේ වැක්සීනය

.

Nilantha Sathsara Gamage

.

” ෆයිසර් (Pfizer) ආයතනය හා බියොන්ටික් ආයතනය එක්ව ද මොඩර්නර් ආයතනය ද කොරෝනා වලට බෙහෙතක් සොයා ගෙන තිබෙනවා. මේ රජය අපේ ජනතාව වෙනුවෙන් මේ බෙහෙත් තොග ඇනවුම් කරලා තියෙනවාද..? නෑ නේද..? “

” කැනඩා රජයේ මේ වැක්සීන් අතිරික්තයක් තියෙනවා. එම අතිරික්ත ලබා ගැනීමට මේ රජය කටයුතු කර තියෙනවාද..? ”

-වි.නා.ස ප්‍රේමදාස-

2020 නොවැම්බර් 20 එනම් ඊයෙ වි.නා.ස ප්‍රේමදාස මැතිතුමා කළ මේ කතාවත් සමඟ මට මේ රජය ගැන මහත් කලකිරීමක් දැනුණි. මම මෙහි ඇත්ත නැත්ත සොයා බලන්න තීරණය කොට ඇමරිකාවෙ නිව්යෝර්ක්හි පිහිටිෆයිසර් ආයතනයෙ දුරකතන අංකය එනම් 1-800-879-3477 ට කතා කර සියලුම විස්තර ලබා ගත්තෙමි.

📍ඔවුන්ගෙ වැක්සීන් තවමත් ඇත්තෙ පර්යේෂණ මට්ටමේය.

📍මෙම වැක්සීනය මේ වනවිටත් ලෝක සෞඛ්‍යය සංවිධානයෙ අවසර ලබාගෙන නැත.

📍 ෆයිසර් ( Pfizer ) ආයතනය මෙම වැක්සීනය නිෂ්පාදනයට USFDA එනම් United States Food and Drugs Administration හි අවසර ඉල්ලා ඇතත් එය තවමත් අනුමත වී නැත.

📍පර්යේෂණ මට්ටමේ සහ තවමත් අවසර නොලැබුනු වැක්සීනයකට ඔවුන් මහ පරිමාණ නිෂ්පාදනයක් ( Mass Production ) ආරම්භ කර නැත.

📍නිෂ්පාදනයක් නැති වැක්සීනයක් වෙනුවෙන් තොග ඇනවුම් කර හෝ පොරොත්තු ලේඛනයේ ( Waiting List ) හිඳ පලක් නැත.එමෙන්ම…

📍කැනඩාවේ කොරෝනා ආසාධිතයන්ගෙ වැඩිම වාර්තා වීම සිදුවුයේ ඊයෙ දිනයේය. ( චායාරුපය බලන්න )

📍එසේ රෝගය පාලනය කිරීමට නොහැකි වූ වැක්සීනයක් අප ලබාගෙන පලක් තිබේද..? ( අතිරික්තයක් තිබිමටවත් කැනඩාව වැක්සිනයක් පාවිච්චි කර නැත )

රටක විපක්ෂ නායකයෙක් යනු අනාගතයෙ දිනෙක ආණ්ඩු බලය ලබාගෙන රට පාලනය කිරීමට සුදුසු පුද්ගලයෙකි. ඔබ අනාගතයක් පතන්නෙ මෙවැනිවත් දැනුමක් නැති ඔලමොට්ටලයෙක්ගෙන්ද?

සජිත් ප්‍රේමදාසලා හිතාගෙන සිටින්නෙ මේ රටේ සිටින සියලුම ජනතාව ඔහුට චන්දය දුන් ඒ ලක්ෂ 55 මෙන්ම ගොනුන් කියාද..?

රටේ උත්තරීතර පාර්ලිමේන්තුවෙ රටේ නීති සම්පාදනය කරන තැන විපක්ෂ නායකයා විනාඩි 48 ක් පුරා කතා කරන ලද්දෙ මෙවැනි හරසුන් පුස් ප්‍රකාශයන් නොවන්නේද..?

තවදුරටත් ඔබ මෙවැනි ජෝකර්ලගේ ප්‍රකාශ විශ්වාස කරන්නේද..?

(සජිත් ගෙ ඊයෙ පාර්ලිමේන්තුවෙ කල හිස්, හරසුන්, විහිළු සහගත කතාව ඇසිය යුතු නම් පහත ලින්කුවෙ ඇත. )

https://www.facebook.com/194713160185/posts/10157878671700186/

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*