ශීඝ්‍ර ආර්ථික වර්ධනය වෙනුවෙන් පෙනී සිටින ඕනෑම කෙනෙකුට ගමන් කිරීමට ඇති පාර වැටී ඇත්තේ වරාය නගරය හරහාය – නිර්මාල් රංජිත් දේවසිරි

ශීඝ්‍ර ආර්ථික වර්ධනය වෙනුවෙන් පෙනී සිටින ඕනෑම කෙනෙකුට ගමන් කිරීමට ඇති පාර වැටී ඇත්තේ වරාය නගරය හරහාය – නිර්මාල් රංජිත් දේවසිරි

කුමන පක්ෂයක් බලයට පැමිනියත් රටේ ආර්ථිකය අනාගතයේ රඳා පවතිනුයේ වරාය නගරය මත බව ප්‍රවීන දේශපාලන විචාරකයකු වන නිර්මාල් රංජිත් දේවසිරි මහතා තම ෆේස්බුක් ගිණුමේ සටහන් දෙකක් තබමින් සඳහන් කර සිටී.

පළමු සටහන

.

වරාය නගරයට විරුද්ධව මහා හයියෙන් කෑ ගසන කිසිවෙකුට පටු දේශපාලන න්‍යායපත්‍ර මත ඊට විරුද්ධවනවා විනා ඊට වෙනස්ව යෝජනා කිරීමට කිසිදු ඵලදායී විකල්පයක් නැත. ලංකාවේ මධ්‍යම පංතිය ප්‍රාර්ථනා කරන ශීඝ්‍ර ආර්ථික වර්ධනය වෙනුවෙන් පෙනී සිටින ඕනෑම කෙනෙකුට ගමන් කිරීමට ඇති පාර වැටී ඇත්තේ වරාය නගරය හරහාය.

මේ ආණ්ඩුවට විරුද්ධව වරාය නගරය පාවිච්චි කිරීමට හැකියාව ඇත්තේ එකම එක හේතුවක් නිසාය. ඒ මේ ආණ්ඩුවේ දේශපාලන දැක්මේ ව්‍යාජෝක්තීන් පදනම් වී ඇත්තේ අන්ත ජාතිකවාදය මත නිසාය. ඒ නිසා වරාය නගරය මේ ආණ්ඩුවට තට්ටමේ ගෙඩියක් බවට පත් වී ඇත.

ඇත්ත වශයෙන්ම වරාය නගරය හරහා අමුතුවෙන් සිදුවන කෙහෙල්මලක් නැත. සිදුවිය යුතු සියල්ල දැනටමත් සිදුවී හමාරය.නන්නත්තාර වී සිටින වාමාංශිකයින්ටනම් වරාය නගරයට විරුද්ධ උද්ඝෝෂණය හතරමහා නිධානයකි.

දෙවන සටහන

.

උත්ප්‍රාසය නම් ගෝලීය බලවතුන්ට ලංකාව වැනි දූර්වල රාජ්‍යය මත තම ආධිපත්‍යය රිසිසේ විහිදුවා ලීමට බාධාකාරී වන්නේ ජාතිකවාදී දේශපාලනය නොව ගෝලීය ප්‍රවණතාම වීමයි. එම ගෝලීය දේශපාලනයේ සංවරණ හා තුළන නොමැතිනම් මේ වන විටත් ලංකාව වැනි රටවල් සම්බන්ධයෙන් දක්නට හැක්කේ 1800 ගණන්වල අප්‍රිකාව සදහා වූ පොරය වැන්නකි. කොයිතරම් කයිවාරු ගැහුවත් මේ ගෝලීය බලවතුන්ගේ මෙහෙයුම් දුර්වල කිරීමට ජාතිකවාදීනට කළ හැකි බලපෑමක් ඇත්තේ නැත.

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*