විජය ඝාතණය කළේ ජෙප්පන් නො වන බව කීම නරුම විලාසිතාවකි !!!

විජය ඝාතණය කළේ ජෙප්පන් නො වන බව කීම නරුම විලාසිතාවකි !!!

.

Sirimal Wijesinghe

.

සදාදරණීය විජය මරා දමා වසර 33 කි.

ජවිපෙ ඝාතකයා අති දුෂ්ඨ ව, විජයගේ මුහුණ කුඩු වෙන්න ම වෙඩි තැ බූ යේ මිනීමරනා සදාචාරයන් ට ද පටහැනි ව ය.

විජයන් බුද්ධියක් නැති නලූවකු පමණක් බව ඇතැමෙකුගේ අදහසයි. මම එය පිළි නො ගනිමි. මහ බුද්ධිමතකු නො වුණ ද ඔහු සමාජවාදය ට ලැදි බුද්ධිමත් මිනිසෙකි. මා සම`ග කතා කිරීමෙ හි දී නම් ඔහු කිසි දා ගොන් තර්ක ඉදිරිපත් කර නැත.

පසු කලෙක – චන්ද්‍රිකා විසින් අවස්ථාවාදී ව විජය ඝාතණය ජෙප්පන්ගෙන් උදුරා ආර්. පේ‍්‍රමදාස වෙත පටවන්න ට උත්සහ ගත්තේ සිය දේශපාලන වාසි තකා ය.

විජය ඝාතකයාගේ ඇත්ත පාපෝච්චාරණය මදක ට පසෙකින් තබමු.

එහෙත් තමන් විජය මැරුවා යැයි සපථ කර කොල බෙදූ දේශපේ‍්‍රමී ජනතා ව්‍යාපාරය ( ජවිපෙ ) කෙසේ පසෙක තබන්න ද ?

ඒ කාලයෙ හි එවැනි කොලයක් බොරුව ට හෝ බෙදන්න ට වෙන එකෙකු ට හයියක් තිබුණේ නැත. ( ඒ කොලය මා ල`ග දැන් නැති වු ව, ඇති අය බොහෝ සිටී )
විජය මැරු වේ ජවිපෙ නො වේ යැයි කී ම ,එහි හිතවාදීන්ගේ විලාසිතාවක් වූ වා ට ඉතිහාසය දත් අප රවටන්න ට නම් නො හැකි ය.

මේ ඝාතණය උදෙසා – සමාව නො දිය හැකි නින්දිත අණක් දුන්නේ විජේවීර වන හෙයින්, ජවිපෙ දැන් නායකයින් ට දොස් කී ම නිෂ්ථල යැයි ඔබ කියනු ඇත.

නමුදු උනගෙන් මේ ගැන ඇ සූ කල තවමත් කියන්නේ ‘‘අනේ අපේ පක්ෂය ඒක කළේ නැහැ’’ කියලා ය. දේශපේ‍්‍රමී ජනතා ව්‍යාපාරය යනු අපි නො වේ කියලා ය. අනේ අපි නො දන්නා ජෙප් !!!

විජේවීරත් සම`ග ම ඒ ව්‍යාපාරය ද අහෝසි වූ යේ මේ නිකං සෙල්ලම ට ය. ආයුධ බිම තබන්න යැයි අවසන් වීඩියෝවෙන් ඔහු ඉල්ලා සිටි යේ ද සෙල්ලම ට ය.

හරි හෝ වැරදි හෝ වේ වා ඕනෑ ම දේශපාලන පක්ෂයක් සිය අතීතය ට වගකිව යුතුය. එසේ නො කරන තාක් උන ද මේ ඝාතණයෙ හි වක‍්‍රකාර කොටස් කරුවන් ය.
ජවිපෙ ට සපෝර්ට් කරන්න ට පෙළ ගැසුණු සිවිල් සමාජය – මේ ප‍්‍රශ්ණය උන් වෙත ඉදිරිපත් නො කිරීමෙන් විජය ඇතුලු ඝාතණය වූ අනෙක් මිතුරන් ට ද්රෝහී වූ හ. මිතුරන් ඝාතණය වීම අති සැහැල්ලුව ට ගැනී ම ද විලාසිතාවකි’

මා ජවිපෙ නායකයා නම් කරන්නේ විජය ඝාතණය ට ජනතාවගෙන් සමාව ඉල්ලා
අතීතයෙන් නිදහස් වීම ය.

එහෙත් ඉබ්බන්ගෙන් පිහාටු බලාපොරොත්තු වීම විහිලූවකි.

( මේ සුප‍්‍රසිද්ධ ලස්සණ පින්තූරය ඉන්ද‍්‍රනාථ තේනුවරයන් ගත් එකකි )

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*