වැඩ බැරි ටාසන්ලාගේ මීඩියා ආතල්

වැඩ බැරි ටාසන්ලාගේ මීඩියා ආතල්

.

Priyantha Hewage Maathalan

.

මංගලගේ මඩ බලකාය ගේමට බැහැලා හානවාය. ආන්ඩුව පැත්තෙන් උන්ට පිළිතුරු දීමට පිරිසක් නොමැති වීම ඉතාම කනගාටු ජනකය. ඝෝඨා පාලනයෙන් ආන්ඩුවේ තනතුරු අරගත් උන්ගෙන් ආන්ඩුව වෙනුවෙන් යමක් ලියන්නේ මහින්ද පතිරණ හා කැළුම් ජයසුමන විතරක්මය. අනික් උන්… “කාරිය කෙරෙන් තුරු කාගෙත් රැවටිල්ල..” කියනා දේ අපූරුවට ඔප්පු කරමින් සිටින්නේය.. 

අපේ එකම පැතුම, ජනතාවට බිල්ලෙක් මවා දී 2015 දි බලය ලබාගෙන රට කෑ ගූ හොරුන්ට නැවත කිසි දිනෙක බලය නොලැබේවා යන්නය. උන් කල කිසිවක්ම නැති උනාට.., විදෙස් ණය ප්‍රමාණය පමණක් දෙගුණයක් කර, රට ආර්ථික, සමාජීය හා ආරක්ෂක යන සෑම අංශයකින්ම වල පල්ලටම ගෙන ගියේය. 

බලය නොමැතිව නන්න පෝල් වී ඉන්නා මොවුන්ගේ නියමුවා වී ඇත්තේ මංගලගේ මාධ්‍ය මඩ බලකායයි. දැන් උන්ගේ පිලට එක්ව ඇති අලුත්ම දෙදෙනා වන්නේ ලන්ඩන් සේනාධීර හා මහින්ද විනාශ කල ගොන් හඩ්ඩාය. 

මාධ්‍ය න්‍යායාචාර්යවරයා කුප්‍රකට චරිතය විය හැකි අතර, නායකයා වී ඇත්තේද තවත් ලන්ඩනයේ සිට වෙබ් අඩවියක් පවත්වාගෙන යන්නෙක්ය. මෑතකදි සජිත් ප්‍රෙමදාස “පෑඩ් මෑන්” උනේ, තමන්ගේ උපදෙස් මත බව උන්නැහේ පිලිගත්තේය. මෙ සියල්ලෝම නොම්මර එකේ ඇන් ජී ඕ කප්පිත්තන්ය. 

ඊට අමතරව තමන්ට ඕනෑ ලෙස පිස්සු නැටීමට බැරි වී මොලේ කොලොප්පම් වී සිටිනා චීවරධාරීන් පිරිසක්ද මොවුන්ට උඩ ගෙඩි දෙමින්.., නිව්ස් සපයමින්…, පට්ට ආතල් එකක් දෙන බවත් පේන්නට තියෙනවාය. බොහෝ විට ඇන් ජී ඕ මුදල් පන්සල්වලට වැඩියා වෙන්නත් ඇහැකිය.. මොකෝ මෙයාලාට රටට හා නිවනට වඩා ඩොලර් ඇන්ඩ් රුපීස් වටිනා නිසාමය. 

රනිල් වික්‍රමසිංහ දේශපාලන වශයෙන් විනාශ කළ “රනිල්ට බෑ” යන සංකල්පය මෙන් “ඝෝඨාට බෑ” යන සංකල්පය සමාජ ගත කිරීමට මංගලගේ මඩ මාධ්‍ය බලකාය මේ වන විට එලිපිටිම වඩට බැස අවසානය.

ඒ පිළිබඳ ලියැවෙන ලිපි දැන් දිනපතාම වාගේ ඔවුන්ගේ වෙබ් පඩංගුවල මෙන්ම බුකියේද සැරිසරන්නේය. බලය නොමැතිව පිස්සු වැටි ඉන්නා මේ සෙට්ටේකේ විශේෂත්වයක්ද තිබෙන්නේය. ඒ මෙලෝ රහක් නැති සජිත් ප්‍රේමදාසට බැක් කිරීම නවතා ඇති බවය. ඉදිරියට ගෙනෙන්නේ මංගලය. 

ඒ පිළිබඳ පස්ස පැත්තෙන් හිනා යන ළිපියක් මෑතක ඔවුන්ගේ මඩ වෙබ් අඩවියක තිබුනේය. ළිපියේ තවත් අරමුනක් වන්නේ මහින්ද හා ඝෝඨා කෙටවීමය. එය දැන් සිහිණ ටොයියන්ගේ මංගල සූත්‍රය වී අවසානය. එමගින් ඔවුන් ඝෝඨාට උපදෙස් දෙන අතරේ ආන්ඩුවට බැරි නිසා එකතු කර ගත යුතු පිරිසක් ගැනද සඳහන් වේ… 

මුන් සියල්ලෝම පසුගිය වසර පහක කාළය තුල මේ රට විනාශ කර දැමු කාළකන්නි දෙශපාලුවෝය. මුන් රට පාලනයට නොව ප්‍රාදේශීය සභාවකට තබා සමූපාකාරයකටවත් බඳවා ගත යුතු නැති අමු කාළකන්නින්ය..

පහත පලවන්නේ එසේ එක් කර ගත යුතු යැයි සඳහන් කල පිරිස හා මාතලන් විසින් ඔවුන් වෙනුවෙන් දෙනු ලබන චරිත සහතිකයන්ය… 

// කතා කරන්න, රනිල් ට. රනිල්ගේ විදේශ සම්බන්ධතා පාවිච්චි කරන්න. පිටරටවලින් උදව්ගන්න ඊට වඩා සුදුස්සෙක් ලංකාවෙ නෑ. කතා කරන්න ලැජ්ජ වෙන්න එපා.//

– මුන්නැහේට ඇති විදේශ සබඳතා අපි පසුගිය වසර පහේ දෑසින්ම දැනගත්තෙමු. අන්තිමේ පඹයෙක් වූ සිරිසේන ළඟත් බල්ලා මාක් උනේය. කන පැලෙන්න අහගන්න අර අහිංසක මෛත්‍රී නෝනාත් එක්කාගෙන ඇවිත් තිබ්බේය. ඒ නෝනා දමා හෝ බේරෙන්නටය. කෙල වූ පසු සුවිස් එම්බසිය හරහා ගානියා බැරිස්ටර් නාට්ටියක් කරන්නට ගොස් ඒ එම්බසියත් බල්ලා මාක්ම කලේය. කැළණියේ බැරි නිසා කුරුඳුවත්තට ආවේය. අන්තීමේදි ගමත් කා රටත් කා පක්ෂයක් නැත්තටම නැති කරලා දැම්මේය…. ජනතාව එයා බලෙන්ම විශ්‍රාම යැව්වේය.. –

// කතාකරන්න, අනුර දිසානායකට. කෘෂි ආර්ථිකය පණ පොවල වැව් ටික පෝෂනය කරල මිනිස්සුන්ගෙ බඩ වියත සරිකරන වැඩේ බාරදෙන්න.//

– මුන්නැහේලා ගැන ලියන යුනිකෝඩ් පවා ජාතික අපරාධයක්ය. අවුරුදු 72 ක් ගැන කියව කියවා ගියාට අවුරුදු 60 ක් තිස්සේ අරගෙන තියෙන්නේ ආසන දෙකක් පමණය. ඒකත් ජේ ආර්ගේ සමානුපාතිකේට පින් අත් වන්නටය. ඇමති කමක් අරගෙන කරේ මක්කාද ඇහුවාම කියන්නේ.., අමාත්‍යශයට බස් දෙකක් ගත්තාය කියලාය. තා එකෙක් සීගිරියට ගඩොල් ඇද්දේය. පක්ෂයට කඩේ යන මී හරක් අමුඩ ගස්සවා කොළඹට ගෙන එනවා හැර මේ වන තෙක් ප්‍රාදේශීය සභාවක් හෝ සමූහ ගොවිපොලක්වත් නැති අපතයෝය. ඊළඟ වතාවේ තුන් බේරා ගත්තත් ලොකු දෙයක්ය.. –

// කතාකරන්න, පාඨලීට. බොරතෙල් මිලත් එක්ක ලැබන වාසිය අරගෙන බලශක්ති වැඩපිළිවෙලක් හදල ජීවන බර අඩුකරන සටනට උදව්ගන්න. //

– තෙල් මිළ කෙසේ වෙතත්, පැනමාවල බොරතෙල් එකවුන්ට් එකක් නම් ඕපන් වෙන එක කාටවත් වලක්වන්නට බැරිය. එජාපයට රිංගුවේ එතන බලය අල්ලා අනාගත ජනපති වෙන්නටය. දැන් සජියාට ඇර ඒ පක්ෂයේ බලය අල්ලන්නේ කෙසේද කියා ගේම් ගහනවාය. ආන්ඩු කීපයකම ඇමතිකම් කරාට කරපු එක ලබ්බක්කත් නැතිය. පාරේ ඉරක් ඇඳ කෝටි ගානක් සාක්කුවේ දාගත් බවක් නම් හැමෝම දන්නවාය. උස හින්දා මැදමුලන වත්තේ පොල් කඩන්න ගත්තාට අපේ අමනාපයක් නැත්තෙය…-

// කතාකරන්න,  මංගලට. ආර්ථික විශේෂඥයෙක් නොවුනට බන්දුලට වඩා හොඳට පාලනය කරනවා ෂුවර්. බාරදෙන්න ආර්ථික මුදල් පැත්ත.//

– මුන්නැහේ ලිස්ට් එකේ මුලට එන්න ඕන කෙනා උනාට…, කට්ට කමට රිංගවලා තියෙන්නේ මැද්දේය. කොටින්ට රට ලියා දෙන්න උපදෙස් ගන්න නම් මරු බඩුවය. කරපු මෙලෝ දෙයක් ඇත්තේ නැතිය. එකම් ප්ලස් මාක් එක ලිබරල් පොරක් වීම පමණි. අපේ රටේ බලය අල්ලනවාට වඩා ස්විස්ටරලන්තයේ හෝ නොර්වේ වැනි රටක බලය ලබා ගැනීමට උත්සාහ කලා නම් බොහෝම වටිනවාය. ඝෝඨා හැදීම කෙසේ වෙතත්, චන්ද්‍රිකා හා රනිල් නැත්තටම නති කලා සේ…, ඝෝඨාත් දේශපාලන වශයෙන් නැති වෙන්නට ආසම නම් ගත්තාට අපේ අවුලකුත් නැත්තේය. පෙර වාසනාවකට මහින්ද මහත්තයා සතා කලින්ම හඳුනා ගත්තේය..-

// කතා කරන්න, කරු ජයසූරියට. ඔහුගෙන් ලොකු වැඩක් ගන්න. ලඟින්ම තියාගන්න. //

– මුලින්ම රනිල්ට අරින්න ගිහින් නෝන්ඩි වෙලා කැපිලා ගියේය. ඒ පාර මහින්දගෙන් කන හරහා කා ආයෙත් එජාපයට ආවේය. සජිත්ගේ ගුලි කා ආයේ පක්ෂයේ නායකයා වෙන්න ගියත්, කතා නායක කමෙන් සැනසෙන්න උනේය. හැබයි රනිල් පවා ගොනාට අන්දා 19 යටතේ පොඩි පවර් එකක් ලබා ගත්තේය. කරපු ලබ්බක් නැත්තේමය. හඬ පමණය… වැඩ නැතිය… උන්නැහේ නොව උන්නැහේගේ බෑණාටත් ඇපත් නැතිය.. නැකත් පතිය… –

// කතා කරන්න, සුමන්තිරන්ට. නීතියත් භෞතික විද්‍යාවත් දෙකම දන්න ඔහු ලවා විදෙස් ගතව ඉන්න දමිළ බුද්ධිමතුන්ගෙ දැනුම අත්දැකීම් රටට එකතු කර ගන්න. මං දන්න විදිහට විදෙස්ගතව ලංකාවෙ දමිළ ස්කොලර්ස්ලා දහ දාහකට වැඩිය ඉන්නවා.  //

– මේ එන්නේ දෙමළ ඩයස්පෝරාවේ හඬය. ඔය බලවේගයට දෙමළ ඩයස්පෝරාවේ ඇති සහ සම්බන්ධතාවය මේ යෝජනාවෙන් අපූරුවට දිස් වන්නේය. 

කොටි සංවිධානයේ ටයි එක දමා ගත් නායකයාය. සයිනයිට් එක වෙනුවට තියෙන්නේ ටයි පොල්ලය. ඒකෙන් සිංහළ මී හරක් පිරිසක් කොන්ට්‍රෝල් කරගෙන සිටි. 19 ගෙනත් රට කෑ නොම්මර එකේ මූසලයෙක්ය. වෙන රටක නම් රටෙනුත් පිටිවහල් කරලාය. නැත්නම් ජයම්ප්පතියා වාගේ රටෙන් පිටිවහල් වෙලාය. එයා පාර්ලිමේන්තුවේ නීතිය කතා කරන්නට ගොස් මෑතකදි අලී සබ්‍රී විසින් කලිසමද ගලවාගෙන වාඩි වෙලා බල්ලා මාක් උනේය. කිසි අවුලක් නැතිව රට කොටින්ට දෙන්න ඝෝඨා මහතාට සිතෙනවා නම් ගත්තාට අපේ අවුලකුත් නැත්තේය..  – 

ඒ වගත් මෙසේය….

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*