වරායේ වෘත්තීය සමිති පිස්සු කෙලී

වරායේ වෘත්තීය සමිති පිස්සු කෙලී

පසුගියදා මෙරටට රැගෙන ආ දොඹකර නැගෙනහිර පර්‍යන්තයට සවි කරන බල කරමින් වරාය සේවකයින් උසි ගන්වන්නේ කවුරුන්ද යන්න පිලිබදව සොයා බලන ලෙස පාර්ශව කිහිපයකින්ම ජනාධිපතිවරයා දැනුවත් කර ඇති බව මාධ්‍ය සමාජ ජාල මාධ්‍ය වාර්තා කර ඇත.

පසුගිය යහපාලන ආණ්ඩු සමයේදී එවකට වරාය අමාත්‍යවරයා වූ සාගල රත්නායක විසින් නැගෙනහිර පර්‍යන්තය ඉන්දියාවට ලබාදීමට අවබෝධතා ගිවිසුමක් අත්සන්කොට ඇත.

නැගෙනහිර පර්‍යන්තය විශාල නෞකාවන් සදහා ඉදිවෙන පර්‍යන්තයකි. ඒ සදහා අවශ්‍ය වන්නේ විශාල හා දිගින් වැඩි දොඹකරයි. නමුත් මෙරටට රැගෙන ආ මහින්ද සමරසිංහ අමාත්‍යවරයා විසින් ඇණවුම් කල දොඹකර නැගෙනහිර පර්‍යන්තයට සවි කිරීම සදහා නුසුදුසු, දිගින් අඩු, විශාල නෞකාවල බහාලුම් ගොඩ බෑමට ප්‍රමාණවත් නොවන බවට වරාය ඉංජිනේරුවන් පෙන්වා දී ඇත. එමනිසා මෙම දොඹකර ජය බහාලු පර්‍යන්තයට සවි කිරීම වඩාත් යෝග්‍ය බව වරාය ඉංජිනේරුවන් ප්‍රකාශ කර තිබේ. නමුත් නැගෙනහිර පර්‍යන්තයට නුසුදුසු මෙම දොඹකර නැගෙනහිර පර්‍යන්තයටම සවි කරන ලෙසට වරායේ සේවකයින් පවසති.

වරායේ නිලධාරීන් මෙමෙ දොඹකර නැගෙනහිර පර්‍යන්තයට නුසුදුසු බව කියද්දිත් මෙසේ සේවකයින් උසි ගන්වන්නේ කවුරුන්ද යන්න සොයා බලන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

ඒ වගේම වරාය වෘත්තීය සමිති විසින් වරායේ දූශිත නිලධාරීන් ඇතැයි ප්‍රසිද්ධියේ මාධ්‍ය වෙත අදහස් දැක්වුවත් ඒ පිලිබදව තාම හෙලිකර නැත. වෘත්තීය සමිති මෙසේ ප්‍රකාශ කරද්දී නිලධාරීන්ද වෘත්තීය සමිති නායකයින්ට සමාගම් විසින් නැගෙනහිර පර්‍යන්තයේ සිද්ධි‍ය විශාල අර්බුදයක් දක්වා රැගෙන යාම සදහා මුදල් ගෙවා ඇති බවට පෙරලා චෝදනා කර ඇත.

මෙලෙස අනවශ්‍ය අර්බුදයක් ඇති කරන්නේ කවුරුන්ද හා මෙසේ දුෂිත නිලධාරීන් හා මුදල් ලබා ගත්තායැයි කියන වෘත්තීය සමිති නායකයින් කවුද යන්න පිලිබදව ජනාධිපතිවරයා ගෙන් විවිධ පාර්ශවයන් විසින් ඉල්ලීමක් සිදුකර ඇත.

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*