වයසයි තමයි හැබැයි…ඒ මහින්ද

වයසයි තමයි හැබැයි…ඒ මහින්ද

.

Mahesh Hapugoda

.

මම මේ දැන් ලියන්න හදන වාක්‍ය කිහිපය මම ලියන්න යන්නේ කිසිම න්‍යායික හව්හරණක් නැතුව. න්‍යාය ඇතුලේ ලිව්වොත් මේ දේ ලියාගන්න වෙන්නේ නැහැ. ඒ නිසා නිකම්ම ඇදල දානවා.

අද දවසේ චරිත තුනක් ගැන සාමාන්‍යයෙන් කට්ටිය කතා වෙනවා දැක්කා. විශේෂයෙන් බුකියේ. එක් කෙනෙක් සාමිනාදන් විමල්. අනික් කෙනා බී. බී. සී. එකේ ප්‍රියත් ලියනගේ. තවත් කෙනෙක් ඉන්නවා. ඒ බයිලා ගායක පෝල් පෙරේරා. ඒ එක්ක තවත් චරිතයක් ගැන කතා වෙනවා. ඒ ටිකක් අමාරුවෙන් අය වැය කියවපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා. ඉහත අය අතරින් මම ආසයි මහින්ද ගැන ලියන්න. ලිබරල් අයගෙන් කුණු බැනුම් අහන්න සුදානමෙන් හරි.

ජනප්‍රියතාව අතින් ගත්තොත් අර චරිත එක්ක මහින්ද මහත්තයා තියන්න බැහැ තමයි. හැබැයි මහින්ද කියන්නේ මම හිතන හැටියට ප්‍රගතිශීලි ගොඩට වැටෙන්නේ නැති, නිදහස්කාමී ලිබරල් කඳවුරට වැටෙන්නෙත් නැති, රැඩිකල් වමේ අයත් ආස නැති චරිතයක්. අද වෙනකොට මම හිතන්නේ මහින්ද ට වෙහෙසයි. වයසයි. තරුණ ජවය එයාගෙන් පලා ගිහිල්ලා. අය වැය කියෙව්වේ අමාරුවෙන්. ඒකත් ඉඳගෙන. හැබැයි….(ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් but. වැදගත් ම වචනයක්).

මහින්ද රාජපක්ෂ චරිතය මම ආස චරිතයක් නෙවෙයි. මම අනුගමනය කරන ආදර්ශයකුත් නෙවෙයි. ඒ කියන්නේ දේශපාලන මොඩල් එකක් නෙවෙයි. මගේ ෆොටෝ පහේ එයා නැහැ ෂුවර් එකෙන්ම. ඒක පුද්ගලික ෆැන්ටසි ප්‍රශ්නයක්. ඒ වගේම දේශපාලන හේතුත් ගොඩක් තියනවා. හැබැයි….(but)

හැබැයි….මගේ ෆැන්ටසි චිත්‍ර මොනවා උනත් වැදගත් දේ තමයි මේ රටේ විශාල පිරිසක් අදටත් එයාට කැමතියි කියන සත්‍යය. වන්දනා මාන කරන තරම් දුරට කැමතියි. අපේ ගමේ සමහරු ඉන්නවා අදටත් එයාගේ ෆොටෝ එක බිත්තියේ ගහල තියන. එයාගේ විරුද්ධ වාදියෙක් උනත් මහින්ද ගැන කතා කරන්නේ පොඩි ගැප් (gap) එකක් නැත්නම් රිසවේෂන් (reservation) එකක් තියාගෙන.

ගමේ මිනිහෙක් ගේ බිත්තියට යන්න – ඒ වන්දනා මාන ගන්න – එයා දෙවි කෙනෙක් කියල අහන එක මම හිතන්නේ නැහැ ලේසියි කියල. ඒ ජනප්‍රිය දේශපාලනයක යමෙකුට යන්න පුළුවන් උපරිම දුර. දේවත්වය. එක්කෙනෙක් දෙන්නෙක් ගේ නෙවෙයි. ලක්ෂ සංක්‍යාත මිනිස්සුන්ගේ වීරයා වෙන එක අමාරුයි කියලයි මට හිතෙන්නේ.
එයා මේ රටේ මිනිස්සුන් ගේ ආත්මයට හරි අධ්‍යාත්මයට හරි කතා කළාද මම දන්නේ නැහැ. මගේ අධ්‍යත්මයට එයා කතා කළේ නැහැ. හැබැයි කුමන හෝ හේතුවක් මත එයාට මිනිස්සු එක යුගයක කැමති උනා. 2015 පැරදුණා උනත් ඉතාම ළඟ ළඟ සටනක් දුන්නා.

ඒ කියන්නේ මිනිස්සු ‘විශ්වාස කළා’ එයාව. මෙතන තමයි හැම දේකම කේන්ද්‍රය වෙන්නේ. විශ්වාසය කියන්නේ මිනිස්සුන්ගේ රෝග ලක්ෂණය. ඒක දෙවියන් ගේ ප්‍රශ්නයක් නෙවෙයි. මිනිස්සු තමයි මින්නේරි දෙවියෝ හැදුවේ. සමන් දෙවියෝ. අළුත්නුවර දෙවියෝ. තව දෙවිවරු ගොඩක්. එයාල හැදුවේ මිනිස් විශ්වාසය මඟින්. දේවාල හදන්නේ දෙවියෝ නෙවෙයි. මිනිස්සු.

කළ නොහැකියි කියල කිව්ව යුද්දේ ඉවර කළාට පස්සේ මහින්ද කෙළින්ම දෙවියෙක් හා සමාන උනා. ඉන් පස්සේ ජනාධිපති උනත් නැතත් අගමැති උනත් නැතත් මහින්ද කියන්නේ මතකයක් (archetype). කළුපාට දේවල් ගොඩක් ඒ මතකයට ඇතුලත් තමයි. හැබැයි මම අර ඉහත පෙන්නපු දේශීය දෙවිවරු නාමාවලිය ඇතුළෙත් අඳුර-කළු පාට-නපුර ගොඩක් සහිත අය ඉන්නවා. එයාල සුදු චරිත විතරක් නෙවෙයි. මිනිසා කියන්නෙත් සුදු විතරක් තවරා ගත්ත කෙනෙක් නෙවෙයි. එයාලගේ ප්‍රක්ෂේපනය ඒ නිසා සුදු විතරක් වෙන්න බැහැ.

කළු තිබ්බයි කියල මිනිස්සුන්ට අදටත් ඒ දෙවිවරු අමතක කරන්න බැරි වෙලා තියනවා. ඒක අපි අමතක කරන්න හොඳ නැහැ.

දෙවියන් කියන්නේ දෘෂ්ටිවාදය තමයි….හැබැයි…

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*