ලාල් කාන්තගේ පරිප්පු කෑම..

ලාල් කාන්තගේ පරිප්පු කෑම..

.

Priyantha Hewage Maathalan

.

ඊයේ රූප පෙට්ටිය එහෙ මෙහෙ කරකවනා කොට අපේ මහා දානපති ලාල් කාන්ත මුදියන්සේ සහෝදරයා රඹ හැලෙන ටෝක් එකක් දෙනවා දැක්කේය…

මාතෘකාව පරිප්පු කෑම ගැනය..

උන්නැහේ කියන්නේ “මාර පරිප්පුවක් ඕයි කෑවේ…” කියන කතන්දරේ උපන් හැටිය …

ඒ කතාව ඇත්තය..

අපේ රටේ උන් කෙසේ වෙතත් බුකියේ රඹ ටෝක් දෙන එකෙක්කත් මෑත ඉතිහාසය දන්නේවත් නැතිය.

කොටින්ම අවුරුදු 30 ඇඳුන උතුරේ ත්‍රස්තවාදයක් 2009 ඉවර කළ බවක්කත් දන්නේ නැතිය..

යුද්දේ පටන් ගත්ත කාලෙම වගේ.. රාජ්‍ය ආරක්ෂක ඇමති උන්න ඇතුලත්මුදලි උතුරේ මෙහෙයුමක් කරලා ප්‍රභාව වට කරලා ගේම දෙන්න යන කොටම… ඉන්දියාවේ උන්න රජීව් ගාන්ධි කලේ ජනතාවට සහන දෙන මුවාවෙන් ගුවන් සීමා උල්ලඃගනේ කරමින් යාපනේට ගුවනින් ආධාර හෙලීම…

ඒ 1987 ජූනී මාසේ 4 වෙනිදා..

ඇත්තටම කරේ ආධාර දෙන එක නෙමේ… තොපි තා සෙල්ලම් දම්මොත් ඊළඟට දෙන්න කොළඹට කියන එක පෙන්නීම.

මේකට ඇමරිකන් බුවෙක් වෙච්චි යැංකී ඩිකී කොච්චර බය උනාද කියනවා නම් යුද්ධේ එදාම නැවත්තුවා.

ලස්සනම කතාව ඒක නෙමෙයි… ඔය මෙහෙයුම උන් නම් කලේ “ඔපරේසොන් පූමාලෛ” කියලා ඒ කියන්නේ “ඔපරේසොන් මල්මාලා”… කල කල දේ පලදෙනවය… දිඨ්ඨධම්මවේදනීය පාපකර්ම කලොත් මේ ආත්මෙම ඵලදෙනවය කියන සනාතන සත්‍ය අපූරුවට ඔප්පු කරමින්… රජීව් ගාන්ධි කෑලී කෑලී යන්නේ… ප්‍රභා ගේ මරාගෙන මරෙන කෑල්ලක් දාපු මල් මාලෙකින්..

ඊට පස්සේ 1987 මුළු රටේම ඇඳිරි නීතිය දාලා.. කොළඹ කොටුවට විතරක් ඇඳිරි නීතිය නොදා.. උතුරු නැගෙනහිර ඉන්දියවට ලියලා දුන්නෙත් ජේ ආර්…. ඒත් එක්කම ජෙප්පොයි, සිරි ලංකා නිදහස් පක්ෂෙයි, මහා සංඝයයි එකතු වෙලා පිටකොටුවේ බෝධිය ගාවින් පටන් ගත්තා රට ගිනිතියන වැඩේ…

ඉන්දියන් හමුදාව උතුරු නැගෙනහිරට ආවා… ජෙප්පෝ දිගටම රට ගිනි තිබ්බා..

උන් කරේ ඉන්දියන් උන් මරණ එක නෙමේ… සිංහළ මිනිස්සු මරණ එක… උතුරු නැගෙනහිර පැත්ත පලාතේ ගියේ නෑ… අඩු ගානේ ඇල්ටීටීඊ කාරයෝ එක්ක සෙට් උනා නම් ඔය පච කෙලියට කමක් නෑ.. විමුක්ති කාරයොය කියන එකේ… උන්ට කිසි අවුලක් නැතිව ඒ දේ කරන්න තිබ්බා… මොකෝ ඒ කාළේ දකුණේ මිනිස්සුත් ප්‍රභාට ආදරෙයි… ප්‍රභා එපා උනේ කොළඹට ගහලා මායිම් ගම්මාන වලට ගහන්න ගත්තයින් පස්සේ…

දැන් මහා දානපති ලාල් කාන්ත මුදියන්සේ කියන්නේ අර ඉන්දියන් හමුදාව එලෙව්වේ එයාලලු. ඕවට නම් අපිට හිකෙන් පුනා යන්නේ.., අපි ඕවා ඇස් දෙකෙන් දැකපු මිනිස්සු නිසා…

ඔහේලට කියන්න ප්‍රභා ඉන්දියන හමුදාවට පුක නැතිවෙන්නම ගැහුවා. කිසි දවසක ගරිල්ලා යුද්ධයකට මුහුණ නොදුන්න ඉන්දියන් හමුදාවේ හාල්පාරුවෝ… මෙහෙන් යන්නේ කවද්ද කිය කිය බල බලා උන්නේ.

ඔය අස්සේ ප්‍රෙමදාස මහත්තයා කොටි එක්ක සාකච්ඡා කරලා… ඉන්දියාව එක්ක සාකච්ඡා කරලා… එකඟතාවයකට ආවා. උඹලා ඉන්දියන් උන්ට ගහන්න එපා.. මම ආපු ගමන් උන්ව යවනවා කියලා.

මේ ගැලරි ටෝක් ඉතින් මක්කත් නොදන්න වහල්ලුන්ට හොඳයි අපිට නම් ඕවා ඇහුවාම හිකෙන්ම පුනා යනවා අයිබන්ඩ…

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*