රට කන NGO කාක්කෝ හෙවත් සිවිල් සමාජ මාෆියාව

රට කන NGO කාක්කෝ හෙවත් සිවිල් සමාජ මාෆියාව

.

ප්‍රියන්ත හේවගේ මාතලන්

.

NGO කාරයෝ ලංකාවෙ ඉන්නේ බොහෝ කාළයක සිටය. ඒ කාළේ එයාලාගේ තිප්පොල වෙලා තිබුනේ ලිප්ටන් වට රවුමය. වැඩියෙන් උන්නේ කොළඹ හතේ නෝනලාය. ඉටි කිරිස් වාගේ ඇන්ටිලාය. මේ කියන්නේ 1983-84 වගේ කාළයේය.

එයාලාගේ ඇඳුම අනෙක් අයගෙන් ටිකක් වෙනස්ය. ගොඩාක් අය ඇන්දේ සල්වාර් කිට් එකය. පොල් ගෙඩි සැයිස් සන් ග්ලාස් දෙකක් ඔලුවේ දාගෙන උන්නේ, අව් රශ්මියෙන් එයාලාගේ චූච්චන් මොළයට හානි වෙන්න ඉඩ ඇති නිසා වෙන්න ඇතිය. අනික.., මූණට ඒක දමා ගත්තොත් පොටෝ වලට මූණ අහු වෙන්නේ නැති නිසා වෙන්නත් ඇතිය.

ෆෝටෝ එකේ කතාව මොකක්ද කියා මුන් ගැන නොදන්නා සම හරක් අහන්නට පුළුවනිය. ඒ කාළේ මෙයාලට උන්නේ සුලු පිරිසක්ය. මෙයාලා ලිප්ටන් වට රවුමට ඇවිත්, දෙන්නෙක් බැනර් එකක් අල්ලාගෙන සිටිනවාය. අනික් අය විරෝධතා පුවරු අල්ලාගෙන සිටිනවාය. වැඩිම ඉන්නේ විනාඩි 10 ක් හෝ 15 කි. ඒ අර කුරුඳුවත්තේ මනෝරිලා අව්වේ උන්නොත් කලු පැහැ ගැන්වෙන නිසාය.

රජ්ජුරුවන්ගේ ඉස්කෝලේට හා ඇලෙක්සැන්ඩ්‍රා එකේ ටියුෂන් ක්ලාස් ගියත් මෙයාලා මේ කරන්නේ මොකක්ද කියලා දැන ගත්තේ, දවසක් මේ ඇන්ටිලා බස් ඉස්ටෑන්ඩ් එකේ සිටී අපටත් බෝඩ් ටිකක් දී උස්සාගෙන ඉන්න කියලා පොටෝ එකක් ගහපු දවසේය.

ඔතන අපිත් එක්ක උන්නු එකෙක් එක්ක අර ඇන්ටි කෙනෙක් සිරිස් බුරුස් ගා කඩු පයිට් එකක් ගියේය. පස්සේ ඌගෙන් ඇහුවාම, ඌ කිව්වේ, මෙහෙම උන්නාම එයාලට පිට රටින් සල්ලි එවන බවත්, ඒ නිසා ඔකුන්ගෙන් කීයක් හරි කඩා ගනින් කියලාය. අර ආන්ටි ඌගේ නේබර් කෙනෙක්ය.

අපරාදේ කියන්නේ, ඉල්ලපු ගමන් එක ඇන්ටි කෙනෙක් එයාගේ ගෝනියක් ඉතර ලොකු හෑන්ඩ් බෑග් එකෙන් ඒ කාළේ හැටියට හිතා ගන්නවත් බැරි මුදලක් දුන්න බවත්, ඒකෙන් රහිමා එකට ඇවිත් බුරියානිම කෑ බවත්, ඒ ඇන්ටිලාට ගෞරවයක් වශයෙන් ලියලා තියන්නත් ඕනෑය.

පස්සේ කාළෙක මේවා කැම්පස්වල පොපාලා හා ලෝයර් කාරයන් විසින් අටවා ගත් අතර, උන් කෙලින්ම අභියෝග කළේ ලංකාවේ රජයටය.
ඒ උතුරේ ත්‍රස්තවාදය හේතු කොට ගෙනය. උන් සියල්ලෝම පෙනි උන්නේ ත්‍රස්තවාදීන් වෙනුවෙන්ය. හමුදාව උන්ට වහ කඳුරු විය.

මායිම් ගම්මාන ලෙස හැඳින්වූ උතුරු නැගෙනහිර සිංහළ ගම්මාන වලට එල්ල වූ තුඡ්ච මිනීමරූ ප්‍රහාර, දකුණේ සමාන්‍ය ජනතාව එල්ල කර ගනිමින් එල්ල වූ ප්‍රහාර හා නැගෙනහිර මුස්ලිම් ප්‍රජාවට එල්ලවූ ප්‍රහාරයන් හමුවේද කට පුක වසාගෙන උන් මුන්නැහේලා, එක දෙමළ වැසියකුට හෝ ටෝක්කක් ඇන්නත් සෙට් එක පිටින් කොටුව ඉට්ටේසම ඉස්සරහට ආවේ විනාඩි කීපයක් ගතවන්නටත් පෙරය.

එහෙම ආපු උන් කිව්වේ ත්‍රස්තවාදීන්ගේ මානව හිමිකම් වලට ඌයියා වෙනවා කියාය. එහෙම කියපු ගමන් ජිනීවා වලින් රිටර්න් ඇක්සොන් සමඟ මෙයාලාගේ බෑන්ක් එකවුන්ට්ස් උතුරා ගියේය.

ඊට ප්‍රතිචාර වශයෙන් උතුරේ සහෝදරත්වය කොළඹට කුරුම්බැට්ටි මැෂින් වලින් කෙලින සයිස් එකටම කොටින්ගේ මානව හිමිකම්ද උතුරා ගලා ගියේය.

මුන්ට එලෝ පොල් පෙනුනේ 2009 මහින්ද මහත්තයා නන්දිකඩාල් වලින් එයාලාගේ සදාදරණිය නායකයා අපායේ ඇරිය වෙලාවේය. බඩේ හැම් බේකන් උඩින් පුඩින් කාපු උන්ට පරිප්පු කන්න සෙට් කල මහින්ද මහත්තයා මුන්ට අරහං වෙන්නේ එදා සිටය. කට්ටියම එකතු වෙලා රාජපක්ෂලාට කෙලින්න පටන් ගන්නේ එදා සිටය.

ඒකෙන් මුලු රටටම කෙලවෙලා ගිය අතර. කිසි අවුලක් නැතිව අරුන්ගේ ගාන වෙනදාටත් වඩා ඉහළ ප්‍රමාණයකින් බැංකුවට වැටුනේය. රාජපක්ෂගේ ගෝලයෝත් මී හරක් වාගේ පිස්සු කෙලිය අතරේ, NGO කාරයෝ තව තවත් බලවත් උනේය. ඒවායේ නායකයෝ සිවිල් පොරවල් විය. විපක්ෂ දේශපාලුවන්ට හා පක්ෂ වලට අත පය දිග හැර වියදම් කරපු උන්, ඒවාට බලපෑම් කිරීමට තරම් පොරවල් බවටත් පත් උනේය.

සෝභිත හාමුදුරුවෝද මුලාවේ දාගත් සෙට්ටෙක, 2015 ආන්ඩු පෙරලියට නායකත්වයද දුන්නේය. චන්ද්‍රිකා මෙයට මුල් උනා කියන කතාව ඇත්ත උනත්, සෙල්ලම් දාන්න සල්ලි දුන්නේ ගොරගොල්ල වලව්වට සම්බන්ධ NGO එකෙන් බව පස්සේ කාලේ ඉතා පැහැදිලිවම ඔප්පු උනේය.

සෙසු පරිවාර NGO කාක්කෝ සිවිල් සංවිධාන වෙස් මූණූ දාගෙන කෙලින්ම ගේමට බැස්සේය. රාජපක්ෂලාගෙ පිස්සු කෙලිලි හමුවේ හෙම්බත් වී උන් ජනතාව මුන් අඹරා දුන් ගුලිය අතින් අරන් විසිල් එකකුත් ගසා කටේ දාගත්තේය.

පක්ෂ පාට ජාති ආගම් කුල බේදයකින් තොරව NGO කාක්කෝ ඒ කාළේ බලවත්ම පිරිස බවට පත් වූ අතර, පාස්කු ප්‍රහාරය මෙන්ම, රාජපක්ෂලාත් ගොනාට අන්දාගෙන නැගෙනහිර විස්ස විජ්ජාල පවා ගොඩනගා, අරාබී රාජ්‍යක් බිහිකර ඇති ලෙබ්බේ මුදියන්සේලාත් නොම්මර එකේ NGO කාක්කෝ බව අද ඔප්පු වෙලා හමාරය.

මෙලෝ රහක් නැති යහපාලන පාන්ඩුවෙන් රට හා ජනතාව මිහිපිට අපායකට ගෙන ගිය අතර, උන්ගේ NGO මාෆියාවට මාට්ටු වූ එජාපයට හා ජනතා විමුක්ති පෙරමුණටද අද හැමිනිලාම ගොස් අහවරය.

එජාපය කුඩු කර දැමු උන් බූරූ පුතාට දැල දමා අවසානය. පිරිස දෙකට බෙදී එක් පිරිසක් සජිත් ප්‍රේමදාස අගමැති කිරීමට කඩේ යයි. ඒ නායක පිරිසය. එහෙත් ඒ එකෙක් රනිල්ගේ පිලේ ඉතුරු කරලාය. ඌ කව්ද කියා රටම දන්නවාය.

දෙවන පෙල පිරිස ජනතා විමුක්ති පෙරමුණ ආක්‍රමණය කර අවසානය. ඒ මනාප අපේක්ෂකයින් හා ජාතික ලැයිස්තුවේ බුවාලා ලෙසය. පක්ෂය වෙනුවෙන් ලේ දහඩිය කඳුළු හෙලපු ග්‍රාමිය මට්ටමේ එකෙක් හෝ උන්ගේ ජාතික ලැයිස්තුවේ ඇත්තේ නැතිය. ඔක්කෝම 2015 යහපාලන මාෆියා කාරයෝය.

මේ කාක්කෝ කොතරම් බලවත්ද යන්න ආන්ඩුව බලයට පත් වූ විගස සුවිස් එම්බසිය හා එක්ව නිපදවා සම්භාව්‍ය මණ්ඩලයේ තිරගත කල “ගානියා බැරිස්ටර්” සෝ එකෙන් පෙන්නුවේය. ජාත්‍යන්තර සම්මාණයට පවා පාත්‍ර වූ ඒ සෝ එක ලංකාවේ චොර වෙලා ගියේ, ඝෝඨාගේ රැඟුම් පාලක මණ්ඩලය අරුන්ට වඩා බලවත් උන නිසාය.

අද මුන් සජිත් වැනි හාල්පාරුවෙක් හා 3% ක් වත් නැති බලවේගයක් වෙනුවෙන් කඩේ යන්නේ එවා බලයට පත් වෙන නිසා නෙමේය. ඒවාට සෑහෙන කාළයකට බලයට එන්න බැරි බව මුන් සියල්ලෝම හොඳින්ම දන්නවාය. එහෙනම් මෙච්චර දත කන්නේ අහවල් එකකටද ඕයි කියා සම හරක් මාතලන්ගෙන් අසන්නට ඉඩ තියෙනවාය.

මුන් එහෙම කරන්නේ මේ රටට එරෙහිව හා රාජපක්ෂලාට එරෙහිව ගතු කේලාම් කියා මෙහෙම ක්‍රියාකාරී බව පෙන්නුවාම, උන්ගේ බැංකු ගිණුමේ ඩොලර් ශේෂය ඉහළ ගොස් රටට කෙල උනත් උන්ගේ බඩ කට පිරෙනා නිසා නේ ඕයි කියා…. මේ පල් හෑල්ල මෙතනින් නවතා දමනවාය.

ඒ වගත් මෙසේය….

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*