” මේ රජය මාධ්‍ය නිදහස උදුරාගෙන තියෙනවා. මාධ්‍යකරුවන් දඩයම් කරනවා “

” මේ රජය මාධ්‍ය නිදහස උදුරාගෙන තියෙනවා. මාධ්‍යකරුවන් දඩයම් කරනවා “

.

නිලන්ත සත්සර ගමගේ

.

” මේ රජය මාධ්‍ය නිදහස උදුරාගෙන තියෙනවා. මාධ්‍යකරුවන් දඩයම් කරනවා “

– වි.නා.ස ප්‍රේමදාස – (20/11/2020 පාර්ලිමේන්තුවේදි )

සජිත් ප්‍රේමදාසගේ ජනමාධ්‍ය නිදහස ගැන කතාකරද්දී මගේ මතකය ඉතිහාසයට දිව යන්නෙ නිතැතින්මය. මම එකම එක කතාවක් පවසක් පවසන්නෙමි.

ඇඟටම හිර වු ටී ෂර්ට් කොටයකි. නග්න වු කලවා තෙක් කෙටි කෙටිම සාය කෑල්ලකි. නෙතඟට රසඳුනකි. උඩ පැන වේගයෙන් පන්දුවට පහර දෙන විට ෂෙරිනා විලියම්ස්ගේ මෙන් යට ඇඳුමෙන් වැසී නොවැසුනු රහස් අවයව පවා පෙනෙන අඩ නග්න රුවකි.

මේ 88/89 කාල සීමාවයි. යක්ෂයා රට බිලිගත් කාලයයි. මේ එවකට සිටි ජනාධිපති ආර්යාව එනම් අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගෙ මව් හේමා ප්‍රේමදාස ආර්යාව උඩ පැන පැන ටෙනිස් ගසන දර්ශනයයි. ආර්යාවට ටෙනිස් ගැසීමෙ කිසිදු බාධාවක් නැත. තමන් කැමතිනම් රහසඟ පෙන්වීමද කිසිදු වරදක් නැත.

මෙය ඈස ගැටෙන්නෙ පුවත්පත් කැමරාකරුවෙකුටය. ඔහුගෙ නම නම් රත්නවිභූෂනය. ඔහු පත්තරේට ලියන අන්වර්ථ නාමය විමල් එස් සුරේන්ද්‍රය. මෙම ෆොටෝව පත්තරෙ මුල් පිටුවට දැමුවහොත් හොද ෆොටෝවකි.

ක්ලික්… ක්ලික්…

කැමරාව ක්‍රියාත්මක විය. ඒ ඔහුගේ අවසන් චායාරූපය සහ අවසන් හෝරා කිහිපය බව ඔහු දැන සිටියේ නැත.

මෙය ආර්යාවගේ නෙත ගැටේ. පසුදින උදය වන විට කැමරාකරුගෙ මිනිය වත්තල පැත්තෙ තාප්පයක් අසලදි හමු වෙයි. මෝටර් සයිකලය කවුදෝ නාදුනන වාහනකරුවෙකු හප්පාගෙන ගොස්ය. එකල නාදුනන මිනීමරුවෝ බොහෝය. එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ නාඳුනන මිනිමරුවන් අඩියක් අඩියක් පාසා සිටි යුගයකි.

එදා තිබුනේ අද මෙන් ඩිජිටල් යුගයක් නොවේය. ෆිල්ම් රෝල් යුගයය. වට්ස්ඇප්, වයිබර් නැත. ඩාර්ක් රෑම් එකට ගොසින් ෆිල්ම් රෝල සුද්ධ කල යුතුය. අවාසනාවක මහත ආර්යාවගෙ ෆොටෝ ගැසු කැමරාව හමුවිය එහෙත් එහි ෆිල්ම්රෝල නැත.

ඒ අති පුජනීය, වන්දනීය පුතානෝගෙ පියාගෙ ප්‍රජාත්නත්‍රවාදි නිදහසයි. පුතා රටට උදා කරනවා යයි කියන්නෙ ඒ යුගයයි. අදටත් ඒ මරන වලට නඩුවක්වත් නැත. නඩු දැම්මා නම් නඩු දැමූවන්ද අද ජීවතුන් අතර නැත. ආර්යාව ටෙනිස් ගැහුවාට අරක පෙන්නුවාට අපට නම් කම් නැත. එහෙත් එවැනි සුළු දේටත් මිනිසුන් මරා දැමීම නම් අපට ගැටළුවකි. එන්න අප නැවතත් එවැනි යුගයක් ඇති කරන්න සජිත් ගෙ කතාව අසා 2030 දී සජිත්ව ජනාධිපති කරවමු.

මාධ්‍යවේදි ප්‍රේමකීර්ති ද අල්විස් මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා මාධ්‍යවේදිනි සාගරිකා ගෝමස් මේ පුතානෝගෙ පියානෝ සිටි කාලයේ නාඳුනන තුවක්කුකරුවන්ගෙ වෙඩි උණ්ඩයට බිලි වූ මාධ්‍යවේදීන් අතරින් කිහිප දෙනෙකු පමනි.

එන්න සජිත්ට හුරේ දමමු. ඔබට 1980-90 දශකය මගේ මතකයෙන් මකා දැමිය හැකි නම් මමද ඔහුට හුරේ දමන්නට ඔබ සමග එක් වෙමි.

( පත්තර වාර්තාතාකරුගේ ආරක්ෂිත හිස්වැසුම පසුව ජෝන් අමරතුංගගෙ ගෙදර තිබී හමු වූ බව ද ප්‍රකට රහසකි )

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*