මියන්මාරය, ප්‍රජාතන්ත්‍රවාදය හා වාර්තාකරුවෝ

මියන්මාරය, ප්‍රජාතන්ත්‍රවාදය හා වාර්තාකරුවෝ

.

Nalin De Silva

.

මා ඊයේ පළ කළ මියන්මාර පෙරළිය ලිපියට ඇතැමුන් දක්වා තිබූ ප්‍රතිචාර කියවීමෙන් පසු මට ප්‍රශ්න දෙකක් ඇති වුණා. පළමුව මහාචාර්යවරයකු හා වාර්තාකරුවකු අතර ඇති වෙනස කුමක් ද යන්න. දෙවැනුව ප්‍රජාතන්ත්‍රවාදය යනු කුමක් ද යන්න. මේවා දැවෙන ප්‍රශ්න නොවන්න පුළුවන්. ඒත් ඉතින් ප්‍රශ්න. 

ඊයේ මට වෙලාවක හිතුණෙ මියන්මාර වැසියන්ට වඩා ලංකාවෙ සිංහලයන් මියන්මාර හමුදාව බලය අත්කර ගැනීම ගැන කලබල වෙලා ද කියල. ඊයෙ උදේ පැය කිහිපයකට දුරකතන හා අන්තර්ජාල පහසුකම් නතර කරල තිබුණ. මියන්මාරයෙ ලංකාවෙ අය දෙසිය පනහක් පමණ ඉන්නෙ. ඔවුන්ගෙ ලංකාවෙ ඉන්න ඥාතීන් ඒ අතර කලබල වෙලා තිබුණ. ඒක සාධාරණයි. දැන් නම් රට ඇතුළෙ තත්වය සාමාන්‍ය අතට හැරිල. ඒත් ගුවන් ගමන් තහනම් කරල කියනවා. 

හමුදාව ඊයෙ බලය අරගෙන තියෙන්නෙ හොඳට කල්පනා කරල සූදානමින් බව පැහැදිලියි. හමුදාව බලය ගැනීමට විරුද්ධව බලවේග   මතුවන බව නොදැන සිටින්න බැහැ. විශේෂයෙන් ම බටහිර රටවලින්. දැනටමත් ඒ විරුද්ධත්වය ප්‍රකාශ වෙලා. එහෙත් හමුදාව එයට සූදානම් ව ඉන්න ඇති. චීනය කියා ඇත්තේ හමුදාව බලය ගැනීම මියන්මාරයේ අභ්‍යන්තර කටයුත්තක් කියල. තායිලන්තය, පිලිපීනය, කාම්බෝජය, ලාඕසය, සිංගප්පූරුව වගේ රටවලත් ස්ථාවරය එයට සමීපයි. 

හමුදාව බලය ගැනීම හා හදිසි නීති පැනවීම මියන්මාරයේ 2008 ව්‍යවස්ථාව අනුව සිදු වී තියෙන බවයි කියන්නෙ. එහි 417 හා  418 වැනි වගන්ති මෙසේයි. 

417. If there arises or if there is sufficient reason for a state of emergency to arise that may disintegrate the Union or disintegrate national solidarity or that may cause the loss of sovereignty, due to acts or attempts to take over the sovereignty of the Union by insurgency, violence and wrongful forcible means, the President may, after co-ordinating with the National Defence and Security Council, promulgate an ordinance and declare a state of emergency. In the said ordinance, it shall be stated that the area where the state of 167 emergency in operation is the entire Nation and the specified duration is one year from the day of promulgation. 

418. (a) In the matter concerning the declaration of the state of emergency according to Section 417, the President shall declare the transferring of legislative, executive and judicial powers of the Union to the Commander-in-Chief of the Defence Services to enable him to carry out necessary measures to speedily restore its original situation in the Union. It shall be deemed that the legislative functions of all Hluttaws and leading bodies shall be suspended from the day of declaration. It shall also be deemed that on the expiry of the term of the said Hluttaws, the relevant Hluttaws have been dissolved automatically. 

      (b) Notwithstanding anything contained in the Constitution, commencing from the day of transfer of the sovereign power to the Commander-in-Chief of the Defence Services, it shall be deemed that the members appointed and assigned duties by approval of the relevant Hluttaws in accord with the Constitution, Self-Administered Division Leading Bodies or the members of Self-Administered Zone Leading Bodies, with the exception of the President and the Vice-Presidents, have been terminated from duty.

Hluttaws  – Parliament in Myanmar Language   

හමුදාවේ ස්ථාවරය නොවැම්බර් මැතිවරණය දූෂිත බැවින් එවැනි මැතිවරණයකින් පත්වන ආණ්ඩුවක් ව්‍යවස්ථා විරෝධී බවයි. හමුදාවට අනුව ඔවුන් බලය අත්කරගෙන ඇත්තේ ව්‍යවස්ථාවට අනුව කටයුතු කරමින් දූෂිත මැතිවරණයකින් ආණ්ඩුවක් බලයට පත්වීම වැළැක්වීමට. හමුදාව බලය ගන්න අවස්ථාවෙ මියන්මාරයෙ පාර්ලිමේන්තුවක් තිබුණෙ නැහැ. පරණ පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වෙලා.අලුත් පාර්ලිමේන්තුව රැස්වෙලා තිබුණෙ නැහැ. රැස්වෙන්න නියමිත ව තිබුණු දා (පෙබරවාරි පළමුවැනි දා)  අලුයම තමයි බලය ගත්තෙ.  මා එතැනින් එහාට මොකුත් කියන්නේ නැහැ. මියන්මාර රජයේ කටයුතු විශ්ලේෂණය කිරීමට මට නොහැකියි. 

මහාචාර්යවරයකු හා වාර්තාකරුවකු අතර ඇත්තේ සුළු වෙනසක්. මහාචාර්යවරයකු පිටු දෙතුන්සීයක වාර්තාවක් ඊනියා මූලාශ්‍ර සහිත ව  අවුරුදු තුනක පමණ කාලයක දී ඉදිරිපත් කරනවා. වාර්තාකරුවකු අඟල් තුනහතරක වාර්තාවක් පැය බාගයකට අඩු කාලයක දී ඉදිරිපත් කරනවා. මා නම් මහාචාර්යවරයකු ව සිටියේ නිල වශයෙන් පමණයි. 2011න් පසු මා මහාචාර්යවරයකු නොවෙයි. මා වාර්තාකරුවකු ද නොවෙයි. එහෙත් මියන්මාරයේ ලංකා තානාපති ලෙස මට මියන්මාර දේශපාලනය ගැන විශ්ලේෂණ ඉදිරිපත් කරන්න බැහැ.

ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ මොකක් ද කියන එක ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් කියන්නෙ මොකක් ද කියන එකෙන් තේරුම් ගන්න පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් කියන්නෙ බටහිරයන් විසින් වූ බටහිරයන් සඳහා වූ බටහිරයන්ගෙ ආණ්ඩුවක්. රටක  ආණ්ඩුව එවැන්නක් නොවූ විට ඒ පෙරළා දැමීම බටහිරයන්ගේ යුතුකමක් හා වගකීමක්. ලංකාවේ පහුගිය කාලෙ සිද්ධ වෙච්ච දේ ගැන කල්පනා කරන්න.     

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*