මිචෙල් බැචලේ-ඇමරිකාව සහ අපි

මිචෙල් බැචලේ-ඇමරිකාව සහ අපි

.

කැලුම් ජයසුමන

.

ලෝකයටම සාමයේ පණිවිඩය රැගෙන යන දෙදෙව් ලොවට අධිගෘහිත මානව දයාවෙන් පිරිපුන් ඉතිහාසය පුරාම ලෝකයේ කොතනකවත් මානව හිමිකම් තබා කුරා කුහුඹුවෙකුටවත් හිංසාවක් පීඩාවක් නොකල ඇමරිකානු රාජ්‍යයද මිචෙල් බැචලේ සමඟ එක් වී ලංකාවට එරෙහිව මානව හිමිකම් කඩවීම පිලිබඳ යෝජනාවට සහයෝගය දෙමින් ඇත. එදා ලංකාවට එරෙහි මංගල සමරවීරගේ සහ ඇමරිකානු ඒකාබද්ධ යෝජනාව වෙනුවට අළුත් වටයකින් මිචෙල් බැචලේ සහ ඇමරිකාව යෝජනාව ඉදිරිපත් කරීම මෙවර සිදු වී ඇත.

එදා ඇමරිකාවේ විසූ එරට ස්වදේශික ජනතාව සංහාරයේ සිට වියට්නාමයේ සිට ලිබියාව දක්වා ස්වෛරී රටවලට කල විනාශයේ තරම මානව ඉතිහාසයේ ලෙයින් ලියවී ඇති සහගහන අති දැවැන්ත අපරාධයන්ය. එමෙන්ම තවත් අප ඇතුළු බොහෝ රටවල අභ්‍යන්තර අර්බූධ නිර්මාණය කරමින් ඒවාට අරමුදල් යොදවමින් සහ අවි ආයුධ මෙන්ම ත්‍රස්තවාදීන්ට පුහුණුව ලබා දෙමින් ඇමරිකාව සහ බටහිර ඇලියේ ඔත්තු සේවා මේ මොහොතේද මිනිස් ජීවිත බිලි ගනිමින් තමන්ගේ කෑදර ආර්ථික උවමනාවන් වෙනුවෙන් අමු ලේ සහ මස් බුදිමින් සිටින ගිජු ලිහිනියන් බවට පත් වී ඇත. ඒවාට උල්පන්දම් දෙමින් ඇමරිකාවේ අන්තේවාසික කම් කරන්නට අප අසල්වැසි ඉන්දියාවද කටයුතු කරන බව අවබෝධ කරගෙන සිටින්නේ කීයෙන් කී දෙනාදැයි මා නම් දන්නේ නැත.

මිචෙල් බැචලේ සහ ඇමරිකාව එක්ව අද අපට මානව හිමිකම් උල්ලංඝණය පිලිබඳ චෝදනා වලට අවැසි වටපිටාව නිර්මාණය කරන ලද්දේද ඇමරිකාව,ඉංදියාව සහ බටහිර රටවල් බව සමහරක්ට අමතකවී ඇත. දෙමළ බෙදුම්වාදයට කවා පොවා ඇති දැඩි කර රට අභ්‍යන්තරය අවුලට යවා එම අවුලම දඩමීමා කරගෙන පාලකයින්ගේ කර අඹා තම කෑදර බල උවමානවන් සහ සම්පත් කොල්ලකෑම දෙසට එම පාලකයන් තල්ලු කර ගැනීමට මේ සියල්ල භාවිතා කරමින් සිටිද්දී 2005 බලයට පැමිණි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඔවුන්ගේ සැලසුම් අවුලට ඇද දමමින් හිඟන්නාගේ තුවාලය වූ යුද්ධය අවසන් කිරීම කෝපයට කරැණක් නොවන්නේ ඇයි? එය මෑත ඉතිහාසයේ ඔවුන්ගේ උපායමාර්ගික සැලසුම් අවුල් කල එකම අවස්තාව වන නිසා එයට එරෙහිව මුළු වෙර යොදා තරවටු කිරීම හැර මේ යෝජනා මිචෙල් බැචලේ ගේ රෑකඩය නටවන ඇමරිකාව මානව හිමිකම් පිලිබඳ පහල වී ඇති සද් චේතනාවක ප්‍රතිඵළය නොවේ. එය හරියට හරක් මස් කඩ කාරයා තවකෙකුගේ ගෙදර සිටින ලේ උරාබොන මකුණන් මැරීමට එරෙහිව මකුණන්ගේ ජීවත්වීමේ අයිතිවාසිකම් ගැන වද වන්නාක් මෙන් මාරාන්තික විහිළුවකි.

මේ වටයෙන් සැරසෙන්නේ එදා පිරබාහරන් ඇපයට තබමින් ලංකාවේ පාලකයින් තම පදයට නැටවීමට ගත් උත්සාහයම ඊණියා මානව හිමිකම් චෝදනා වලින් හිරකර උන්ගේ ලයින් එකට ලංකාව ඇද ගැනීමය. චීනයේ බලවත් නැගීම හමුවේ ලංකාවේ භූ දේශපාලන ආස්ථානයේ වැදගත් කම වෙන කවරදාටත් වඩා බලවත්ව ඔවුනට දැනෙන්නට පටන් ගෙන ඇත. ලංකාව සහ චීනය අතර මිත්‍රත්වය ඇමරිකාවේත් ඉංදියාවේත් ඇසට කටු ඇනීමක් බවට පත් වීම නිසා ලංකාවට එරෙහි මෙම යෝජනා වලට ඉංදියාවේ සහාය දීම හෝ ඡන්දයෙන් වැලකී සිටීමේ වැඩි ඉඩකඩක් පෙනෙන්නට ඇත. ඒ සියල්ල අතර අපගේ අවංක මිත්‍රයෙකු වූ පාකිස්තානු අගමැතිවරයාගේ පැමිණීම අපට ඉතා වැදගත් සංසිද්ධියකි. එකම සහනය නම් එදා ඇමරිකාව-බටහිරයන් විරුද්ධ වෙද්දී පිරිබාහරන් නැමති මාරාන්තික වසංගතය දුරු කල නායකයින් දෙපල ගෝඨා,මහින්ද ජනාධිපති-අගමැති තනතුරු වල සිටීමයි.

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*