මාර වැඩේ ජෙප්පන්ට උනේ….!!!

මාර වැඩේ ජෙප්පන්ට උනේ….!!!

.

ප්‍රියන්ත හේවගේ මාතලන්

.

චන්දයක් එනකොට ඔක්කෝම ජේ වී පී වෙනවාය. හරියට මඟුල් ගෙදර මනමාලී වගේය. ඔක්කෝම කතා කරන්නේ ඒ ගැනය. ඒත් මඟුල් ගෙදරින් ගියපු ගමන් මනමාලී මතක නැතිය. කතා කරන්නේ වෙන වෙන ඒවා ගැනය. බුපේ එකේ අඩු පාඩු, එක එකාගේ ඇඳුම් පැලඳුම්වල අඩු පාඩූ. බොන්න දුන්න ඒවායේ අඩු පාඩු. බයිට් වලට තිබුන එවායේ අඩු පාඩු ඉතරක් නොව අන්තීමේදි දීපූ ගානත් පාඩුයි කියා මඟුල් ගෙදර ගියාටත් දුක් වෙනවාය.

මෙවරත් ජෙප්පන්ගේ මඟුල් ගෙදර නැගලාම යනවාය. ඒකට මේ සැරේ මාරම සෙට්ටෙකක් ඇවිල්ලා තියෙනවාය. උන් එතනට එන්නේ ඇයි කියාත් අපි සොයා බලන්න ඕනෑය. ඒ උන්ගේ ලැයිස්තුවට දාන්නවත් ජෙප්පෝ නැති නිසාය.

අති බහුතරය යහපාලනය ගේන්න කඩේ ගියපු උන්ය. උන් කරන්නේ කාගේ හෝ ඇඟේ එල්ලී, තමන්ගේ සිවිල් පොරබාවය ආරක්ෂා කර ගන්නා එකය. ඇත්තටම ජෙප්පන්ට බල මණ්ඩලේ සෙට්ටෙක ඇරුනාම පොරවල් ඇත්තේ නැතිය.

රනිල් වික්‍රමසිංහට මහින්දට කින්ඩිය දැම්මාට, ඒකේ ඉන්නෙත් ගෙවලයෝ වගේම සෙට් එකක්ය. අපි දන්න දවසේ ඉඳන් ටිල්ලින් ගොයියා පක්ෂයේ ලෙඛන් උතුමානෝය. පක්ෂයේ නායකයා අනුර කුමාර දිසානායකෙයි කිව්වාට. ඇත්ත නායකයා පොරය.

සෝමවංශ පක්ෂය දාලා ගෙදර යන්නේ මේ නිසාය. කුමාර් ගුණරත්නම්ලා, විමල් වීරවංශලා යන්නේත් මේ නිසාය. ටිල්වින් කියන්නේ චීනයේ කොමියුනිස්ට් පක්ෂය වගේ චරිතයක්ය. අනෙක් උන්, තාවකාලික පොරවල්ය. උන්ගේ පැවත්ම රඳා පවතින්නේ ටිල්වින්ගේ හොඳ හිත මතය.

සෝමවංශ අමරසිංහ සහෝදරයා පක්ෂයෙන් එලියට බැහැලා මරු කතාවක් කීවේය. ඒ කියන්නේ පොර නායකයා උනාට පක්ෂය මෙහෙය වන්නේ හතර දෙනෙක් කියලාය. ඒ ටිල්වින්, අකුදී, යටත් විජිත හා ලාල් සහෝදරයාය කියලාය. එහෙත් අපට පෙනෙන විදියට ලාල් කාන්ත දැන් කැපිලා වගේය. ඒ තැනට ඇවිල්ලා තියෙන්නේ බිමල් රත්නායකය.

අද එය පක්ෂයක් නොවේය. නොම්මර එකේ සමාගමක්ය. ඔය ජාතික ජන බලවේගයේ අය කියන්නේ ඉල්ලාගෙන කන හරක් සෙට් එකක්ය. අකුදි තියා මොකා කිව්වත් ජාජබ එකෙක්ට හෝ පාර්ලිමේන්තු යන්න ටිල්වින් ඉඩ දෙන්නේ නැතිය.

විල මැද ගව ගාලට පෙරහර යන්නේ…. හයිරාකි හෙවත් ධූරාවලියට අනුවය, එසේ ධූරාවලියට දැම්මා කියා කියා ලාල් වගේ පොරක්කත් වලියට එනවා බොරුය. එහෙම උනොත් ලැබෙනා ගානට සුම්මාය. ගිය වර ලාල් කැපෙන්නේ ඒ නිසාය.

ඇත්තටම උන්ට දෙවනි පෙලක් ඇත්තේ නැතිය, ටිල්වින් ඉන්නකන් එහෙම එකෙක්ට ඉඩක් ඇත්තේත් නැතිය. ඒ නිසා සල්ලි තියෙන ඇන් ජී ඕ කාරයෝ ජෙප්පන්ට ගානක් දී පක්ෂයේ අපේක්ෂකයෝ වෙනවාය. වැඩේ ෂේප් කර ගන්න ප්‍රසිද්ධ පොරවල් ටිකකුත් දාගන්නවාය.

උන්ට කොච්චර කලා කාරයෝ උන්නත් අන්තීමට එල්ලෙන්න උනේ අවන්තගේ කාටූනයේය, ඉරාජ්ගේ වීඩියෝවේය, බැසිල්ගේ ප්‍රකාෂයේය. ඒ ඇයි?

ඔය ප්‍රසිද්ධ පොරවල් එකෙක්කත් සංසාරේදී ජෙප්පන්ට චන්දය දෙන්නේ නැතිය. උන් උන්ගේ නිරමාණාත්මක දෙයක් ජෙප්පන්ට දෙන්නේත් නැතිය. උන්ට අවශ්‍ය ඇක්ටිව් බව පෙන්වා NGO එකෙන් ගානක් කඩා ගැනීම හා ප්‍රසිද්ධ වීමය. උන් ඔක්කෝම සිරිකොත චින්තනයේ ජීවත් වන වංචාකාරි ලිබරල් පොරවල්ය. අනික උන්ගේ රසිකයෝ හා වහලුන්ගේ නවාතැනද සිරිකොතමය. ජෙප්පන් සියල්ලෝම පසු ගිය පස් වසරේ උන්නේද එතනය.

මේ විකාර නිසා සාමාන්‍ය දුප්පත් අවංක ග්‍රාමීය ජෙප්පා උන්ට අහිමි විය. මුන් පිට පොට පටලවා කියාපු දේ උන්ට ඕනෑ ලෙස බුකියේ පෝස්ට් දැම්මාට, වෙබ් සයිට් වල ප්‍රශස්ථී ලීවාට, බැසිල් කිව්වේ වෙන කතාවක්ය. ඒ බැසිල්ගෙන් එලව එලවා ඇසූ ප්‍රශ්ණයක් නිසාය.

බැසිල් කියනා සියල්ලම ඇත්ත නම් 2015 මහින්ද දිනන්න ඕනෑය. එහෙත් බැසිල් කියපු ඒවාට වඩා ඇත්ත උනේ මාතලන්ලා කියපු ඒවාය. අන්තීමේ බැසිල් මෙන්ම රජ ගෙදර රාජකීය නක්ෂස්තර කාරයාටද කෙල උනේය. මාතලන්ලා දිණුවේය.

ජෙප්පෝ වැඩියෙන් එනවා නම් අපිත් කැමතිය. එහෙත් ජෙප්පන්ට මේ රටේ සාමාන්‍ය ජනයා සමඟ පෑහෙන්න බැරිය. උන් ඉන්නේ ලෝකල් කැම්පස් උපාධිදාරියාගේ මානසිකත්වයේය. නායකත්වයේ අති බහුතරය ලෝකල් උපාධි කාරයෝ වීම ඊට හේතුව විය හැකිය.

උන් හිතන්නේ උන් වෙනස් මිනිස් කොඨ්ඨාශයක්ය කියලාය. ඒක එලියට එන්නේ “ඇත්ත මිනිස්සු” ලේබලය යටතේය. ඒත් ඒක පට්ට පල් බොරුය. ඇත්තටම උන් “ජවිපාවුන්ය”. ඔරිජිනල්ම ගං කබර බයියෝමය. ඒ නිසා උන්ගේ ලේ වල තියෙන දේ උන් ආදරෙයෙන් වැලඳ ගත්තේය. එය උන්ට ගැලපෙනාම නමය.

සමාන්‍ය ජනතාව උන්ට මෝඩයෝය. එහෙත් ඉහළ පන්තිය ළඟ උන් බල්ලෝ බලල්ලුය. අර පන්තිය හා උන්ට පෑහෙන්නට බැරිය. දැන් උන් ඒක අවබෝධ කරගෙනත් තියෙනවාය. යහපාලනයේ එජාප කඳවුර සමඟ දීගයක් ගෙන ගියද තනතුරු ලබා නොගෙන වරප්‍රසාද පමණක්ම ලබා ගත්තේ ඒ නිසාය. දීගෙක ගියද, මනමාලි සමඟ රමණයේ නොයෙදි දෑවැද්දෙන් පමණක් සෑහෙන්න උන් දන්නවාය.

දීගෙක ගියද, මනමාලි සමඟ රමණයේ නොයෙදි දෑවැද්දෙන් පමණක් සෑහෙන්න උන් දන්නවාය.

අපි කියන්නා වාගේම බැසිලුත් කිව්වේ ජෙප්පෝ එනවා නම් හොඳය කියාය. වැඩියෙන් එන සහතිකයක් හෝ උන් එන කතාවක් හෝ කිව්වේ නැතිය. උන්නැහේගේම වචනයෙන් කියනවා නම් කිව්වේ මෙසේය. “… අනිත් පැත්තෙන් මම කැමතියි ජනතා විමුක්ති පෙරමුණටත් යම් කිසි මන්ත්‍රි සංඛ්‍යවක් ලැබෙනවා නම්…..” මෙහෙදි අවසානයට කියන “නම්” කියන උන්නැහේ කියන්නේ උස් හඬින් හයිලයිට් කරලාය.

.

.

ඊට හේතුව ලෙස උන්නැහෙ කියන්නේ, විපක්ෂයට එන්න යන්නේ මෙලෝ රහක් නැති හාල්පාරුවෝ නිසා කියලාය. ඒ කෙසේ වෙතත් බැසිල් කියනා ගාන පොහොට්ටුවට එන්නේ නැතිය. එමෙන්ම ජෙප්පන්ටද ආසන තුනකට වඩා එන්න විදියක් කොයි ආකාරයෙන්වත් නැතිය. මන්ද, මොකා මක්කා කීවත් පින්නවල සෙට් එක පරද්දන්න ජවිපාවුන්ට හැකි වෙතයි මාතලන් කිසි ලෙසකින්වත් සිතෙන්නේ නැති නිසාය.

මාර වැඩේ ජෙප්පන්ට උනේ….. ඇත්තමයි…. අම්මපා…

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*