මහින්ද කෑ ළණු ඝෝඨාභයත් කෑ යුතු නැත.

මහින්ද කෑ ළණු ඝෝඨාභයත් කෑ යුතු නැත.

20 ගැන ආන්ඩු පක්ෂයේ උන් දැනුම්වත් කිරීම සඳහා අරලිය ගහ මන්දිරයේ පැවති රැස්වීමේදී ජනාධිපති තුමා ගත් තීරණය අප අගය කළ යුතුය.

රටේ ජනතාව ඝෝඨාභය ජනාධිපති ලෙස පත්කර ගත්තේ…, විමල් වීරවංශ, ගෙවිඳු කුමාරතුංග, විදුර වික්‍රමනායක, නිමල් සිරිපාල ද සිල්වා, දයාසිරි ජයසේකර, මෛත්‍රීපාල සිරිසේන හෝ මහින්ද රාජපක්ෂගෙන්වත් පාලනය වන්නට නෙමේය.

විරුද්ධ පාක්ෂිකයින් හිට්ලර් ලෙස හැඳින්වූ, දරදඬු පාලකයකු ලෙස පෙන්වූ පුද්ගලයකු තම පාලකයා ලෙස පත් කර ගත්තේ සිරිසේන වන් පඹයකුගෙන් පාලනය වීමට නොවේ.

එමෙන්ම මහින්ද සමඟ උන් චන්ඩින්ගෙන් හා කොමිසම් වලට පත්වූ පැන්ෂන් ගිය ආන්ඩුවේ අයිස් ගැසූ කාලකන්නින්ගෙන් පාලනය වීමටද නොවේ. එමෙන්ම රාජ්‍ය නිළධාරීන්ගෙන් පාලනය වීමටද නොවේ.

මේ රට සුළුවෙන් හෝ ඉදිරියට ගිය සෑම අවස්ථාවක්ම හොඳින් නිරීක්ෂණය කල විට පෙනෙන පැහැදිලි කරුණ නම්, ඒ සෑම අවස්ථාවකම රටේ උන්නේ හිතුවක්කාරි ඒකාධිපති පාලකයකු වන බවය.

නායකත්ව මන්ඩල හෙවත් කැඳ හැලි ලංකාවට කිසිසේත්ම ගැලපෙන්නේ නැති පාලන ක්‍රමයන් බව මොනවට ඔප්පු කලේ පසුගිය පාලන සමයය.

සියල්ලන්ම හිතා ගෙන ඉඳලා තියෙන්නේ තමන් රජ්ජුරුවෝ කියලාය. නැවතත් සජිත්ට චන්දය දුන් සාමාන්‍ය ජනතාව (ලිබරල්) පවා හිතාගෙන ඉඳලා තියෙන්නේ එසේය.

ඒ ආන්ඩුවට ගුලි කැවූ මාධ්‍ය මාෆියා කාරයෝ හා අර කලින් සඳහන් කල ලිබරල් පොරවල් රට පාලනය විය යුත්තේ මෙසේය කියා පල් හෑලී ලියන්නේ තවමත් එම මානසිකත්වයේම සිටිනා නිසාය.

සජිත් ප්‍රේමදාස පෑඩ් මෑන්ලා කල එංගලන්තයේ සිටිනා උපදේශකයින් මෙන්ම විකල්ප පුවත් පත් වල තීරූ ලිපි ලියනා බයිලා චැම්පියන්ලා අට කොන බයිලා ගයමින් සිටින්නේත් ඒ නිසාය.

එයාලාගේ උපදෙස් අනුව රටට උන දේ පසුගිය පස් වසර තුල අප ඇති තරම් දුටුවේය.

ජනාධිපති උගේ වගකීම් දන්නේ නැතිය. 19 ගෙනත් සිරිසේනට අරින්න ගිය රනිල් කිසිවක්ම කරලා නැතිය.

පොලිස්පති තනතුරේ ඉඳලා තියෙන්නේ කළකිරීමෙන්ය. ආරක්ෂක ලේඛමා උගේ ජොබ් එක මොකක්ද කියාවත් දන්නේ නැතිය.

කොටින්ම විශේෂ කාර්ය බලකායේ ලොක්කාද තමන්ගේ ඩියුටිය හරියට කරලා නැතිය.

දැන් හැම එකාම නිදහසට එක එක ජාතියේ පච කියනවාය. එක පචයක් වහන්න තව පච දාහක් ලෝයර්ලා ගොතා දෙනවාය.

අවසානයේ එන නිගමනය නම්. මුන් සියල්ලෝම එකතු වී කිසිවක්ම නොකර, රාජ්‍ය ණය දෙගුණයකින් වැඩි කර, ආර්ථිකයයි, ආරක්ෂාවයි, ජන ජීවිතයයි… සියල්ලම කෑවා කියන එක පමණමය.

ඔය රැස්වීමේදි අපේ මහින්ද මහත්තයා කියලා තියෙන්නේ පක්ෂ නායකයන්ට පොඩ්ඩක් කතා කොරන්න දෙන්නෙයි කියලාය. ඒ එයාගේ හොඳහිත නිසාය. ඒත් ඔය පක්ෂ නායකයෝ හා එයාගේම රස්තියාදුකාරයෝ සෙට්ටෙක සමඟ බබා හුකුං කරන්නට ගොස්, 2015 දි තමන්ට ඇරිය බව එයාම පිලිගත්තේය.

මහින්දට මුලින්ම කෙලෙව්වේ විමල් වීරවංශය. ඒ මහින්දට හෝ බැසිල්ට ගහලා නෙමේය. පුංචිම පුංචි බන්ඩා ජයසුන්දරට ආර්ථික ඝාතකයා කියා ගහලාය. ඒ එදත් මේ වගේම කරුණු 12 ක් (කේවල් කිරීම්) ඇතුලත් පෙම් හසුනක් මහින්දට දීලාය.

හේතුව උනේ…, එයාට ඕන ඕනා ජවුසොන් නටන්නට මහා භාන්ඩාගාරයෙන් මුදල් දුන්නේ නැති එකය.

එහෙත් ඒ ගැහුවේ මහින්දට කියා.. මහින්දට තේරුනේ, මැදමුලනේ ජනේලයේ එල්ලුනායින් පස්සේය.

ඒත්, එහෙම කෙලලාත්, රාජපක්ෂලාට කෙලින්න බැරි බව දැනගත් විමල් වීරවංශ නම් තක්කඩියා කලේ නැවතත් එයාලාටම සෙට් වෙන එකය.

මෙවරත් 20 ට එරෙහිව ආන්ඩුව ඇතුලේම සිට ගේම මෙහෙය වන්නේ විමල් බව මනාවට ඔප්පු වූයේ නිමල් සිරිපාලට තක්කඩියා කියා කීමෙන්ය. ඒ කියන්නේ 20 විරුද්ධව නිමල් හා මොහු කතා කරලා තියෙනා බවය.

1994 ඉඳන් සුපිරි රාජ්‍ය යෝගයක් උදාවී මේ වනතෙක් සෑම කැබින්නටුවකම ඉන්නා නිමල් සිරිපාලල වාගේ ගල් ආඳන්ට අරින්න විමල් වාගේ හයි ඉස්පීඩ් විල්බැරෝවලට බැරි බව දැන්වත් පිලිගන්නට ඕනෑය.

කිච උනේ නිමල් නොව විමල්ය… ගලවුනේ විමල්ගේ කලිසමය…

මෙවන් දේශපාලන අපතයන් හා එක පතේ කන එක ඉතා භයානකය. මේ හදන්නේ නැවතත් රාජපක්ෂලා බ්ලැක් මේල් කිරීමටය.

20 පාස් කරන්න බැරිනම් 20 ඕනෑම නෑ කියා ජනාධිපති තුමා ඉන්නා තීරණය අප අගය කල යුත්තේ මේ නිසාමය.

ජනතාව 18 තියෙන්නේ මොනවාද? 19 තියෙන්නේ මොනවාද? 20 තියෙන්නේ මොනවාද? කියා දන්නේ නැතිය.

හැබයි එක දෙයක් දන්නවාය.

ඔය එකකින්වත් රට හැදුනේ නැති බවය.

ඊට ප්‍රධානම හේතුව වූයේ හවුල් ආන්ඩුය.

ජනතාව වෙනුවෙන් හෝ රටේ සුබ සිද්ධිය සඳහා ගන්නා තීරණවලට අකුල් හෙලන්නේ තමන්ගේ ආන්ඩුවේම ඉන්නා සුළු පක්ෂවල හාල්පාරුවෝය.

එහෙත් රාජපක්ෂලා දැන ගත යුතු දේ නම්….. මේ සියල්ලන්ම විකුණාගෙන කන්නේ රාජපක්ෂලාමයි කියනා එකය.

එනයින් බැලූ කල රාජපක්ෂලා ඉන්නේ තමන් ගැන අව තක්සේරුවකය.

රාජපක්ෂලාට 2/3 ක බලයක් ලැබුන මේ මොහොතේ… ඝෝඨාභය රාජපක්ෂ හෝ එම මානසිකත්වයෙන් එලියට විත් ජනතාව සමඟ සිට ගත යුතුය…

අප අපේ යුතුකම ඉටු කලෙමු…. ඔබ ඔබේ යුතුකම ඉටු කරන්න…

ස්තූධී…. නන්ඩ්‍රෙයි….. ටෑන්ක්ස් හොඳේ….. !!!!

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*