මට නම් තේරෙන්නෙ නෑ මේක.

මට නම් තේරෙන්නෙ නෑ මේක.

.

Image may contain: Hirantha Herath, sunglasses and outdoor

Hirantha Herath

.

මට නම් තේරෙන්නෙ නෑ මේක. මහින්දානන්දට මේ කලබලේ 2011 ලෝක කුසලාන අවසාන මහා තරගෙ පාවා දීමක් උනා කියලා කියන්න උන හේතුව මොකක්ද කියලා.

මහින්දානන්නද කලේ කැරකෙන ෆෑන් එක්කට අසූචි පාර්සලයකින් දමලා ගැහුවා වගේ වැඩක්? කොරෝනා මර්දනය අති සාර්තකව කරලා පිරිසිදු වෙලා තිබුන ආණ්ඩුව, කාමරේක බිත්තියක් නම්; මැච් ෆික්සින් කේස් එක කියන්නෙ මහින්දානන්ද අර කැරකෙන ෆෑන් එකට ගහපු අසූචි ගොඩක් වගේ.

මහින්දානන්ද මෙහෙම දෙයක් කිව්වේ ඇයි කියලා මා දන්න ක්‍රිකට් වලට උනන්දුවක් ඇති අයගෙන් ඇහුවා. ෆේස්බුක් එකේ බයියන්ගෙන් ටොයියන්ගෙන් ජෙප්පන්ගෙන් ඇහුවා. මහනුවර මහින්දානන්ද එක්ක හිතවත් අයගෙන් ඇහුවා. කිසි කෙනෙක් කිසි දෙයක් නිශ්චිතව කියන්න දන්නෙ නෑ. අනුමාන විතරයි.

ඒ අහපු අය කිව්ව අනුමාන කීපයක් මේ.

ගංගුලි එක්ක ICC චෙයාර්මන් කමට සංගා ඉල්ලනවා ඒක වලක්වන්න.

සංගම කියනවා සංගට එහෙම උවමනාවක් නෑ කියලා. අනික සංගට එහෙම ඉල්ලන්න මා දන්න තරමින් නීතිමය හැකියාවකුත් නෑ. මහින්දානන්ද සංගට විරුද්දව කල පැමිනිල්ලක් නොවන නිසා ඉල්ලනවා නම් සංගට ඉල්ලන්න බාදාවකුත් නෑ. අනික ලෝකෙම ක්‍රිකට් මුදල් බලයෙන් කන්ට්‍රෝල් කරන ඉංදියාවට ගංගුලි ICC චෙයාර්මන් කරන්න ඕන නම් මහින්දානන්ද ඕන නෑ සංග එක්කම කතා කරලා ඒක විසඳගන්න පුලුවන්…. ඒ නිසා ඒක වෙන්න බෑ.

හෝමාගම ක්‍රීඩාංගනය හදන්න නොදුන් නිසාද?

ඒක වෙන්න පුලුවන්. හැබැයි ඒක ආණ්ඩුවෙ දැනුවත්භාවයෙන් වූවක් වෙන්න බෑ. මොකද චන්දයක් කට උඩ තියාගෙන ආගමකටත් වඩා මිනිස්සු අදහන රටක ක්‍රීඩාවක දෙවිවරු වගේ ක්‍රීඩකයන්ව පොලිසි ගානේ රස්තියාදු කරන වැඩක් තෙම්පරාදුවූ දේශපාලන නායකත්වයක් ඉන්න රජයකින් මේ අවස්තාවේ කොහොමත් වෙන්නෙ නෑ. අනික නාමල් රාජපක්ෂ මංත්‍රීවරයා මාධ්‍යට කියනවා “ක්‍රීඩකයෝ පොලිසි ගානේ ගෙනියනවට එදත් විරුද්දයි අදත් විරුද්දයි” කියලා. එදා යහපාලන ආන්ඩුව ඇන්ජලෝ මැතිව්ස් සහ රන්ගන හේරත් FCID එකට ගෙනගිය සිද්දිය තමයි ඔහු මතු කරන්නෙ.

හෝමාගම ක්‍රීඩාංගනය ඉදිකරන්න හොදටම උවමනා උනේ ක්‍රිකට් බෝඩ් එකට. ක්‍රිකට් බෝඩ් එකේ නිලදාරීන් පස්සෙන් ඉන්න තිලංග මහින්දානන්දට ෆුල් සපෝට් එක දෙනවා.

හැබැයි එතනත් පොඩි කොස්සක් තියෙනවා මහින්දානන්ද ඔය මැච් ෆික්ස් කල කතාව මුලින්ම කියන්නෙ තිලංගට දැඩි සේ විරුද්ද තිලංගගේ විරුද්දවාදියා වූ අර්ජුනට හිතවත් සිරසෙ සුරංග මෙහෙයවපු වැඩ සටහනකට.

අර්ජුන රනතුංග හිටපු ක්‍රිකට් නායකයත් මේ චෝදනාව මෙලෙසම ඒ ලෝක කුසලානය අවසානයේ කියා තිබෙනවා.

චන්දෙන් මනාප වැඩිකර ගන්නද?

වෙන්න පුලුවන්.
ඊයේ සංගක්කාර පොලිසියට යනකල් කවුරුත් ඔය මැච් ෆික්ස් කල කතාව එච්චර කතා කලේ නෑ. ඒත් මහින්දානන්දට තමන්ගේ චන්ද ව්‍යාපාරය තුල මේක ප්‍රසිද්ද කතාවක් කරගන්න පුලුවන්. “යහපාලන ටොප් ටෙන් හොරු හෙලි කලෙත් මං ක්‍රිකට් දූෂනයට විරුද්ද උනෙත් මං” කියලා මහනුවර දිලුම්, ලොහාන්, කෙහෙලියට වඩා උඩට එන්න පුලුවන්.

*දේශපාලන ගේමක්.
ඒකත් වෙන්න පුලුවන්.
මොකද සිරිසේන හිතවත් අය අවම 11ක් උපරිම 17ක් පාර්ලිමේන්තු ‍යනවා. දයාසිරි වගේ අය ‍යූඇන්පියෙන් එලියට බැස්සෙ රනිල්ට විරුද්දව මිසක් සජිත්ට විරුද්දව නෙවෙයි. ඒ නිසා දයාසිරිලා පලවෙනි දවසෙම සජිත් පිලට පනින ඉඩ වැඩියි. මහින්දානන්ද මුලින්ම මේ මැච් ෆික්ස් කතාව කියන්නෙ රනිල්ට දැඩිව ගහන සජිත්ගේ නිල මාධ්‍ය වන සිරසට.

.


අනික් පැත්තෙන් මේවටත් උත්තර ඕනේ.

ලංකාවේ කවුරු හරි ක්‍රිකට් තරඟ මුදලට පාවා දෙනවා නම් පාවා දුන්නා නම් ඒකටත් දඩුවමක් ලැබිය යුතුයි.

මොකද ලංකාවේ මිනිස්සුන්ගෙ ශරීර ප්‍රමාණය සහ හැකියාව එක්ක ක්‍රිකට් හැර වෙන කිසිම ක්‍රීඩාවකින් ලංකාවට ලෝකේ තියා ආසියාවවත් දිනන්න බැහැ.

ඒ නිසා සුද්දන්ට වගේ ලංකාවේ අපිට ක්‍රිකට් කියන්නෙ ජය පැරදුම විතරක් නෙවෙයි. එතන එකමුතුකම, දේශානුරාගය, සතුට, සිනහව, කදුල, කෝපය, ආදරය, ජාතිකත්වය සියල්ල එතන තියෙනවා.

අන්න ඒ නිසයි ඕස්ට්‍රේලියාවේදි හරි එංගලන්තයේදි හරි ලංකාවේ කොඩි වනලා ලාංකික අපි කෑගැහුවට සුද්දන්ට තරහා නොයන්නෙ. මුස්ලිම් මිනිස්සු පකිස්තානෙට බංගලිදේශෙට කෑගද්දි අපිට තදවෙන්නෙ.

ඕස්ට්‍රේලියාවේ, එංගලන්තයේ, නවසිලන්තයේ ක්‍රිකට් ගහපු අය ක්‍රිකට් වලින් පස්සෙ ගෙදර ගියාට නැත්තම් ක්‍රිකට් වලට අදාල රැකියාවක් කලාට ලංකාවේ අපි අර්ජුනලා සනත්ලා රටේ නායකයො කලේ ඒකයි. ලංකාවටත් එහා ගිහින් පකිස්තානේ ජනාධිපති වෙන්නෙත් ක්‍රිකට් ක්‍රීඩකයෙක්.

ඒ විතරක් නෙවෙයි මහේලලා සංගලා කිරිපිටි, ජංගම දුරකතන සිම් ආදී එකී නොකී වෙලද දැන්වීම් වල නලුවො වෙන්නෙත් ඒකයි.

අනික ලංකාවේ ක්‍රීඩකයො මුදලට තරඟ පාවා දෙන්නෙ නෑ කියන්න අපිට බැහැ. නුවන් සොයිසා , සනත් ජයසූරියට සහ තවත් ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ට දඩුවම් ලැබිලා තියෙන්නෙත් ඒකයි.

අනෙක් අතට 2011 අවසන් තරගයේ, සුරාජ් රන්දිව් එක්වරම ක්‍රීඩා කිරීම. කලින් තරගයේ හොදම පන්දු යැවීම කල සහ ඉංදියාවට හොදින් පන්දු යැවූ අජන්ත මෙන්ඩිස් අවසන් තරඟයට නොගත්තේ ඇයි?

තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ආබාද ලබා ඉවත්වූ විට ඊට වඩාත් සුදුසු අත්දැකීම් බහුල චමින්ද වාස් තරඟයට ක්‍රීඩා නොකර අතිරේක ක්‍රීඩකයෙක් වූයේ ඇයි?
ලෝක පූජිත දකුනතින් පිට දග පන්දු යවන මුරලි සිටිද්දී වමතින් පන්දු යවන රන්ගන හේරත් අතිරේක ක්‍රීඩකයෙක් කර කංඩායමේවත් නොසිටි තවත් දකුනත් පිට දග පන්දු යවන්නෙක් ගත්තේ ඇයි?

ඔන්න ඕවට ක්‍රිකට් ක්‍රීඩාවට ආදරේ කරන අපට පිලිතුරු ලැබුනා නම් ඇති.

මොකද කටුනායකින් එලියෙ ලෝකය දන්නෙ මාලිංගලා, සංගලා, මුරලිලා මිසක් මහින්දානන්දලා, දයාසිරිලා, තිලංගලා නොවන නිසා. අපිට ඉස්සරහටත් ලංකාවේ ක්‍රිකට් ඕනේ. අපි ක්‍රිකට් වලට ආදරෙයි.

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*