බයිඩන්, බයිඩන් …

බයිඩන්, බයිඩන් …

.

Waruna Chandrakeerthi

.

මම ජාතිකවාදී අදහස් වෙනුවෙන් පෙනී ඉන්න කෙනෙක්. ඒ වගේ ම, ඒ වෙනුවෙන් මට කරන්න පුළුවන් දේවල් කරන කෙනෙක්.


ඉතින් මගේ කැමැත්තේ හැටියට ඇමෙරිකා ජනපද සංගමයේ ජනාධිපතිවරණයෙන් දිනන්න ඕන කවුද? ට්‍රම්ප් නියෝජනය කරන්නේ ඇමෙරිකාවේ ජාතිකවාදී කඳවුර හින්දා මගේ කැමැත්ත ඔහුගේ ජයග්‍රහණය කියලා හිතන අය ඇති.


ඒත් මම කැමතියි බයිඩන් දිනනවාට. ඇමෙරිකාව දුර්වල කරන්න පුළුවන් ලිබරල්වාදී අයට. බයිඩන්ගේ ජයග්‍රහණයෙන් ඒ සඳහා පාර කැපෙනවා.ලිබරල් සෙල්ලම බොරු ගොඩක් උඩ පෙන්නන සංදර්ශනයක්. ඔබාමාට නොබෙල් සාම තෑග්ග දීපු එකේ විහිළුව ගැන හිතන්න. ඒ බොරු සම්මානය ඔළුව උඩ තියාගෙන ඔබාමා කොච්චරක් නම් මිනී මැරුවා ද? රටවල් කීයක් එක්ක යුද්ධ කළා ද?

ට්‍රම්ප් එක උණ්ඩයක්වත් පත්තු කළේ නෑ. ඒ මාර්ගයෙන් ඇමෙරිකාවේ ධනය සහ ජීවිත රකින්න ඔහු කටයුතු කළා. ඇමෙරිකාවට තියෙන ලොකුම තර්ජනය චීනය බව ට්‍රම්ප් තේරුම් ගත්තා. ඉතින් චීනය එක්ක මහ විශාල වෙළෙඳ යුද්ධයක් කරගෙන යන්න ඔහු තමන්ගේ කාලය වැය කළා.

මේ වැඩ දෙකෙන් ම වුනේ ඇමෙරිකාව ශක්තිමත් වෙන එක. (මම චීනයට කැමැති එක වෙනම කතාවක්.) ඇමෙරිකාව පැත්තෙන් හිතුවාම ට්‍රම්ප් කරපු දේ හරි.

මේ ජනාධිපතිවරණ සෙල්ලම ඉවර වෙන්නේ බයිඩන්ගේ ජයග්‍රහණයෙන් බව දැන් පැහැදිළියි. ඉතින් ඊ ළඟ අවුරුදු හතර තුළ තව සංදර්ශන සෑහෙන ප්‍රමාණයක් බැලීමේ අවස්ථාව අපිට හිමි වෙනවා. ඔය මොන පොර ටෝක් දුන්නත් ඇමෙරිකාව ශක්තිමත් කරන වැඩපිළිවෙළක් බයිඩන්ට නෑ.

ඉතින් මේ අවුරුදු හතර ඉවර වෙද්දී ඇමෙරිකාව තව දුර්වල වෙයි. චීන්නු ලෝකයේ වෙළෙඳපොළ අල්ලයි. මේ අවුරුදු හතරින් පස්සේ ලිබරල් රංගන අතු ගෑවිලා යන්නත් ඉඩ තියෙනවා. ඊට පස්සේ ඇමෙරිකාවේ ජාතිකවාදය තව ගොඩක් ශක්තිමත් විදිහට ඉස්සරහට එයි. ඒ කොහොම වුනත් චීන්නුන්ට අවුරුදු හතරක් හොඳට ම ඇති.

බයිඩන් ලොක්කට ජය වේවා!

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*