බජට් ඩ්‍රීම් (අයවැය සිහිණ)

.
කාව්‍ය සිරෝමනි මාතලන්
.
හතේ හතම වැදි ජහ මන වෙලා………….. නැපට්
එක පිට එක ගසා පුල් චාටර් නේ…………. ගැසට්
දෙදහස් විසි එකේ ප්ලුටොට අරිමු………. රොකට්
ගේනවා පුතේ මම අද තොපිලාට…………… බජට්
.
මල්ලී සැරයි වෙඩි වගෙ චයිනිස්……… කොච්චී
20 ගෙනල්ලත් තාමත් බැරි……………. වෙච්චී
බැසිල් ගන්න ගෝලයෝ ගහනවා………. නිච්චී
මක්කා කලත් මම උඹලගෙ………….. අප්පච්චි
.
තිරුපතී යන්න ගෙදරින් කොකු අඳිනු…….. ඇත
කැලණි ගඟෙන් නාගයෝ එන්නේද……… නැත
MCC එකත් බයිඩන් හා ෂුවර්……………. නැත
එකම පිහිට ෂී ජී පෙන් ලඟය………………. පුත
.
චන්දෙට දෙන්නේ ප්‍රති පත්තීයි………. ප්‍රකාෂණ
මීටින් වලදි පච දාහකි…………………. වමාරණ
ඉටුවන දිනේ එනතෙක් උඹ මගේ………… පණ
අය වැය සිහිණයේ පච ටික ගිලිනු……….. මැන
.
.oOo.
Tags :
Maathalan