පාර්ලිමේන්තු දවසට අන් අයගේ ගෙවල් වල යන්න එපා

සමහර මන්ත්රිවරු ගෙදරින් එන්නේ පාර්ලිමේන්තු යනවා කියලලූ. කොහේද ඉන්නේ කියලා ඇහුවාම කියනවාලු පාර්ලිමේන්තුවේ කියලා. ඒත් පාර්ලිමේන්තුවේ පේන්න නෑලූ. බැලුවාම එයාලා ඉන්නේ වෙනත් අයගෙ ගෙවල් වලලූ. මම හිතනවා මෙතන ඉන්න අය ඒවට පුරුදු වෙන එකක් නෑ කියලා.
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා එසේ පැවසුවේ පාර්ලිමේන්තුවට අලුතින් පත් වූ මන්ත්රිවරුන් දැණුම්වත් කිරීමේ වැඩ සටහනකදීය.
එහිදි තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ ඇමතිකම් බලාගෙනම දේශපාලනය කිරීම දේශපාලන අනාගතයක් අහිමි වීමට හේතුවක් බවත්, ආන්ඩු වෙනස් වූ පසු පිල් මාරු කරන්නේ එවන් පිරිස් බවත්ය.