නීතිය සහ නීතිඥවරු

නීතිය සහ නීතිඥවරු

.

Sudarshana Gunawardana

.

2001 සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂාව පිළිබඳ අවධානය ඉහළ ගියේය. George W. Bush ජනාධිපතිවරයාගේ ආණ්ඩුව හෙවත් සාමාන්‍යයෙන් හඳුන්වන පරිදි ‘බුෂ් පරිපාලනය’ විසින් ‘Stellar Wind” නම්වූ ආවේක්ෂණ වැඩපිළිවෙළක් (surveillance program) දියත් කළේය.

කලින් කලට මෙම වැඩපිළිවෙළ නීතියට අනුකූලද යන්න විමසා නැවත ක්‍රියාත්මක කිරීමට අවසර දීමේ, එනම් ‘Review and Renew’ කිරීමේ බලය පැවතුණේ අධිකරණ දෙපාර්තමේන්තුවේ (Justice Department) ප්‍රධානියා වූ ඇටර්නි ජෙනරල් (Attorney General) සතුවය.

”Stellar Wind’ වැඩපිළිවෙළ පිළිබඳ පුනරීක්ෂණය කිරීමේදී අධිකරණ දෙපාර්තමේන්තුවේ නීතිඥවරුන් තීරණය කළේ මෙම ආවේක්ෂණ වැඩපිළිවෙළ නීති විරෝධී බවයි.

2004 මාර්තු මාසයේදී මෙම වැඩපිළිවෙළ ‘Renew’ කරන්නට හෙවත් අලුත් කරන්නට නියමිතව තිබුණු අතර එවකට වැඩ බලන ඇටර්නි ජෙනරල් James B. Comey වැඩපිළිවෙළ ‘Renew’ කිරීම ප්‍රතික්ෂේප කළේය. ඒ කාලයේදී ඇටර්නි ජෙනරල් ලෙස ක්‍රියා කළ John D. Ashcroft ගිලන්ව රෝහල්ගත ව සිටි නිසා ධුරයේ වැඩ බලන ලද්දේ Comey ය.

.

Former US FBI director James B. Comey on majoring in chemistry and how it  affected his career
James B Comey

.

රෝහලට ගොස් ගිලන් ඇඳෙහි සිටින ඇටර්නි ජෙනරල් ඈෂ්ක්‍රොෆ්ට් ට පෙරැත්ත කොට ඔහු ලවා ජේම්ස් කොමී ගේ විරෝධතා නොතකා මෙම වැඩපිළිවෙළ සඳහා අවසර ලබා ගැනීමට ධවල මන්දිරයේ කාර්ය මණ්ඩල ප්‍රධානී (White House Chief of Staff) Andrew H. Card Jr. සහ ධවල මන්දිරයේ නීතිඥයා වූ (and White House counsel) Alberto R. Gonzales මේ අවස්ථාවේ තීන්දු කළහ.

මේ ආරංචිය ලැබුණු විගසම කොමී ද විගස රෝහල වෙත දිව ගිය අතර තම සහය පිණිස (Moral support) පැමිණෙන්නැයි එවකට එෆ් බී අයි හෙවත් ෆෙඩරල් විමර්ශන පිළිබඳ බියුරෝවේ අධ්‍යක්ෂ (FBI Director) ව සිටි Robert S. Mueller III ට ද කිවේය.

කෙසේ වුවත් ඇටර්නි ජෙනරල් Ashcroft ට අමුතුවෙන් තල්ලුවක් දීමට අවශ්‍ය වී නොතිබිණි. Renew කිරීමට අනුමැතිය දීම ඔහු ප්‍රතික්ෂේප කළ බැවින්කාඩ් සහ ගොන්සාලේස්ට හිස් අතින් ආපසු හැරී යන්නට සිදුව තිබිණි. තවත් මඳ වේලාවකින් එතැනට පැමිණි එෆ් බී අයි අධ්‍යක්ෂ මුලර් තමන්ගේ ප්‍රධානියාද වන ගිලන් ඇඳේ සිටි ඇටර්නි ජෙනරල් අමතා මෙසේ කී බව ජේම්ස් කොමී තම ජීවන සටහන් හි මෙසේ සඳහන් කරයි. “In every man’s life there comes a time when the good Lord tests him. You passed your test tonight.” මේ මොහොතේ තමන්ට හැඬුම් ආ බව ජේම්ස් කොමී සටහන් කරයි. “The law had held.”

මීළඟ සිදුවීම ‘වධහිංසනයට ලක් කිරීම” සම්බන්ධයෙනි. බුෂ් පරිපාලනය විසින් ක්‍රියාත්මක කළ “enhanced interrogation techniques”නිත්‍යනුකූල බවට සහතික කරවා ගැනීමට අවශ්‍ය විය. නමුත්, අධිකරණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නීතිඥයා වූ (chief counsel at the Justice Department) Jack Goldsmith විශ්වාස කළේ එය නීතිවිරෝධී බවයි. ජේම්ස් බී කොමී ද එම මතය දැරූ අතර අනුමැතිය ලබා නොදී සිටීමට ඔහු හැකිතාක් වැර වෑයම් කළේය.

මෙවැනි සෑම සිදුවීමකදීම ධවල මන්දිරය වෙතින් එල්ල වූ පීඩනය අතිමහත් විය. ඉහත සඳන් අවස්ථාවේදී තමන් සහ එවකට ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් අතර ඇතිවුණු දෙබසක් කොමී විස්තර කරයි. “I say what the law is for the executive branch,” බුෂ් තමා විසින් පත් කරන ලද උප කැබිනට් තනතුරක් (sub-Cabinet appointee) දරන කොමී ට කීවේය. (කැබිනට් මණ්ඩලයට අයත් වන්නේ අධිකරණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වන ඇටර්නි ජෙනරල් ය; ජනාධිපති වීස්න් පත් කරන ලද ඔහුගෙන පහළ නිලධරයන් උප කැබිනට් මට්ටමේ ලා සැලකෙති. ) කොමී මෙසේ පිළිතුරු දෙන්නේය. “You do, sir. But only I can say what the Justice Department can certify as lawful. And we can’t here. We have done our best, but as Martin Luther said, ‘Here I stand. I can do no other.’ ”

එක් අතකින් කොමී සහ මුලර් යන දෙදෙනාම රිපබ්ලිකන් පාක්ෂිකයන් ය. අනෙක් අතින් ඔවුන් දරන තනතුරු ඔවුන්ට ලැබෙන්නේ ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ගේ අනුග්‍රහයෙන් බැවින් ඔවුන් ඔහුට ණය ගැතිය. එනමුත්, ඔවුන් දෙදෙනාම තම පෞද්ගලික පක්ෂපාතීත්වය සහ දේශපාලන බෙදීමට වඩා ඉහළින් නීතිය කෙරෙහි ඔවුන්ට ඇති වගකීම තැබීමට නිරන්තරයෙන්ම කටයුතු කිරීම ඉහත විස්තර කර ඇති අවස්ථාවන්හි ඇති සිත්කාවදින සුළු තත්ත්වය වෙයී.

මෙම හැසිරීම සමහරවිට කෙනෙකුගේ පෞද්ගලික චරිත ශක්තියෙහි ප්‍රතිඵලයක් විය හැකිය. නමුත්, එය වනාහි නීතිමය පුහුණුව නිසාද ගොඩනැගුණු චර්යාවක් ද වෙයි.
මේ කතාව හුදෙක් මුලර් සහ කොමී පිළිබඳ කතාවක් පමණක් නොවේ. එය වනාහි ජනාධිපතිවරයා අන් අයුරකින් සිතන අවස්ථාවන්හිදී පවා ආණ්ඩුව නීතිය විසින් දක්වා ඇති සීමාවන් ඇතුළත ක්‍රියාත්මක වීම රටට ඉතා තීරණාත්මක බව විශ්වාස කරන්නා වූ ආණ්ඩුවේ විවිධ අංශවල වැඩකරන නීතිඥයන් පිළිබඳ කතාවකි. The story is really not just about Mueller and Comey but about the lawyers in various parts of the government who believe that it is crucial for the country that the government operate within the law.— even if the president wishes otherwise.

2017 ජුනි මාසයේදී ජනාධිපති ට්‍රම්ප් ට මුලර් ඔහුගේ ධුරයෙන් ඉවත් කිරීමට අවශ්‍ය වූ අවස්ථාවේදී, එසේ කළහොත් එයට විරෝධය පල කොට තමන් ද ධුරයෙන් ඉල්ලා අස්වන බවට ධවල මන්දිරයේ නීතිඥයා වන Donald McGahn විසින් කරන ලදැයි කියන තර්ජනය ඒ සඳහා උදාහරණයකි.

බුෂ් පරිපාලනයෙන් ඉවත් ව යාමට නොබෝ දිනකට පෙරාතුව කොමී ජාතික ආරක්ෂක ආයතනයෙහිදී දේශනයක් පැවැත්වීය. එහිදී ඔහු මෙසේ කීය. “It is the job of a good lawyer to say ‘yes.’ It is as much the job of a good lawyer to say ‘no.’ ‘No’ is much, much harder. ‘No’ must be spoken into a storm of crisis, with loud voices all around, with lives hanging in the balance. ‘No’ is often the undoing of a career.”

ඇමරිකාව සම්බන්ධයෙන් නිරන්තරයෙන් නැගෙන එක් විවේචනයක් නම් එහි ඕනෑවටත් වඩා නීතිඥවරුන් සිටින බවයි. එය ඇත්ත විය හැකි නමුත්, ඇමරිකාව සතුව ඇති බලවත් ශක්තියක් වන්නේ එහි නීතිමය සාහිත්‍යයයි. Alexis de Tocqueville වරෙක කම්පා වූයේ ‘without a class of patriotic and selfless aristocrats, the United States could fall prey to demagogues and populists.’ බවයි නමුත්, ‘he took comfort in the fact that, as he put it, American aristocracy can be found “at the bar or on the bench.”lawyers, with their sense of civic duty, created a “form of public accountability that would help preserve the blessings of democracy without allowing its untrammeled vices.” කියමිනි.

මේ සම්බන්ධව වොෂින්ටන් පෝස්ට් පුවත්පතට ලියන Fareed Zakaria මෙසේ කියයි. “Comey’s memoir reveals that America does indeed have a deep state. It is one of law and lawyers. And we should be deeply grateful for it.”

.

Fareed Zakaria: Trump's art of concession on Jerusalem? - YouTube

.

(Fareed Zakaria විසින් 2018 අප්‍රේල් 19 දින Washington Post හි පළකරන ලද ලිපියක් පදනම් කර ගෙන ලියන ලදී.)”

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*