දේශපලන විජ්ජාව හා ගල් යුගයේ විස්ස විජ්ජාල

දේශපලන විජ්ජාව හා ගල් යුගයේ විස්ස විජ්ජාල

.

ප්‍රියන්ත හේවගේ මාතලන්

.

එල්ලෙන්න වැල් නැතිව ඉන්නා 3% වඳුරු හමුදාව (පේටන්ට් බලපත්‍රය නිර්මාල් දේවසිරි සතුය) හා වෙන්න ටොයියෝ බලාගෙන ඉන්නේ, පඩයක් ගියත් ඒකේ එල්ලෙනටය. පරාජය නියත බව දන්නා දෙපිරසම ඉන්නේ මානසිකව ඇද වැටි දරුණු ලෙස බුද්ධියට හානි වූ තත්වයකය. දැන් උන් එල්ලිලා ඉන්නේ දේශපාලන විජ්ජාවේය. 
ඝෝඨාගේ ජන හමුවකදි නැවත ගොඩ එන මේ ගැටළුව එන්නේ 77 විවෘත ආර්ථිකයත් එක්කමය. මෙහිදි “නැවත ගොඩ එන්නේ” යන යෙදුම යෙදුවේ මොකෑ කියා අලුත් පරපුරේ එකෙක් අහන්නට ඉඩ තියෙනවාය. විශේෂයෙන් සමාජ මාධ්‍යවල ඉන්න අති බහුතරය මේ අතීතය දන්නේම නැතිය. ඒ නිසා උන් හිතන්නේ මේවා මේ ආන්ඩුව පත් වුනායින් පස්සේ ආපූ එවා කියාය.  මේ කලා සබ්ජෙක්ට් මෙලෝ වැඩක් නැතෙයි කියා මුලින්ම කිව්වේ විවෘත ආර්ථිකේ හඳුන්වා දුන් ජේ ආර් උන්නැහේය. ඉන් පස්සේ චන්ද්‍රිකා නෝනාත් මේ කතාවම කිව්වේය. එහෙත් ඒ වෙනුවෙන් කිසිවක්ම කෙරුවේත් නැතිය. ඝෝඨාභය උන්නැහෙත් මේකට මූලිකත්වය ගෙන මක්කත් නොකලොත්, වෙන එකෙක්කත් මේ සැරෙත් මක්කත්ම කරන්නේ නැති බවත් ඉර හඳ මෙන් විශ්වාසය. 
එහෙත් මෙහිදි අප සොයා බැලිය යුත්තේ, අපටත් පසුව ඩෙන් ෂියාඕ පින් ගේ පිහිටෙන් විවෘත ආර්ථිකයට ගිය චීනය, අද ලෝකයේම බලවත් රාජ්‍ය වූයේ කොහොමද කියලාය. සිංගප්පුරුව හා ඩුබායි ඉදිරියට ගියේ කොහොමෙයි කියලාය. ඩුබායිවල කාන්තාවෝ ඇමරිකාව හා එක්ව අභ්‍යාවකාශයේ සෙල්ලම් දාන්නේ කෙසේදෝ කියාය.
රටක් ගොඩ ගන්න වෙනස් විදියට හිතනා එකෙක් දෙන්නෙක් ඉඳලා වැඩක් නැතිය. ඊට සෑම ෆීල්ඩ් එකක් ගැනම අප්ඩේට් මිනිසුන් සෑම තැනකම ඉන්නට ඕනාය. එහෙම උන් උන්නත්, උන් අමු කුහකයෝ නම් ඒත් වැඩක් නැතිය. මාතලන් හිතන්නේ ලංකාවට කෙලවෙලා තියෙන්නේම මේ පිරිස නිසා බවය. 
අපිට කෙල වුනේ මෙන්න මෙතනදීය. නව ලෝකයට ගැලපෙන ලෙස අපේ අජ්ජාපන ක්‍රමය හදන්නට එකෙක්ටවත් බැරි උනේය. අපේ අජ්ජාපනේ තාම තියෙන්නේ සුද්දා රට දමා ගිය යුගයේය. ඒ කියන්නේ අජ්ජාපනයේ ගල් යුගයේය. 
නිපුනතාවයකින් හෙබි ගුණගරුක මිනිසුන් මේ අජ්ජාපනය තුලින් බිහිවන්නේ නැතිය. මොන්ටිසෝරියේ පටන් ඩිග්‍රිය දක්වා තියෙන්නේ ආත්මාර්ථකාමී ගුණමකු ගිරවකු බිහි කිරීමය. උන්ගේ කිසිවකුත් නිර්මාණශීලී නැතිය. වෙන්ස්වීම්වලට ගල් වැද්දෝ මෙන් බියය. ටයි පොලු එල්ලාගෙන උන්නාට මුන් ඔක්කෝම අමුඩ කාරයෝය. එහෙම නැත්නම් යාර හයක් ඇඟේ ඔතාගෙන යන පට්ට ගෝත්‍රිකයෝය. 
මේවායේ වගකීම දේශපාලකයින්ටම පමණක්ම දැමීම, සහගහනා අපරාධයක් බවත් කිව යුතුමය. මන්ද ආන්ඩුවෙන් පඩි කන, අධ්‍යාපනයේ ප්‍රථිසංස්කරණයන් සඳහාම වෙන් වූ පිරිසක් මේ සඳහා ඉන්නා නිසාය. උන් අද වෙන තාක් කිසිවක්ම අධ්‍යාපනයේ යහපත සඳහා කර තිබේද? එහෙත් මුන් සියල්ලෝම ආන්ඩුවෙ මුදලින් ලෝකය පුරා රවුම් ගසා දියුණු අධ්‍යාපන ක්‍රමයන් ගැන හොඳින් හැදෑරුවෝය. 
කරුමය කියන්නේ මුන්ගේ මානසිකත්වය තියෙන්නේ වැඩ වසම් යුගයේ වීමය. රටේම දරු පරපුර ගොඩ යනවාට මුන් කැමති නැතිය. ඒ හේතුවෙන් මෙලෝ රහක් නැති විෂය මාලාවන් කැම්පස් වල පවා අදටත් පවත්වාගෙන යන්නේය. එහෙත් මුන්ගේ දරුවන් ඒ කැම්පස් වලට එවන්නේ නැතිය, උන් යවන්නේ පිට රට ඒවාටය. මුන් අමු කුහකයෝ කියා මා මුලින් කීවේ ඒ නිසාය. 
එමෙන්ම ග්‍රාමිය දරු දැරියන්ට ලෝකය ගැන කියා දීමට කිසිම දේශපාලන පක්ෂයක එකෙක්ටවත් වගේ වගක් නැතිය. ඒ උන්ගේ බැල මෙහෙවර කිරීමට වහලුන් නැති වන නිසාය. හොඳම උදාහරණය කැම්පස් එකට එන උන්ට බෙදනා තෙලය. ඒ බෙදන්නේ හිඟන තෙලය. 
එනම්, සියල්ලම ආන්ඩුවෙන් කර දිය යුතුය යන්නය. මැරෙණකන්ම ආන්ඩුවෙන් සියල්ල සිඳු විය යුතුය කියා උගන්වන එකය. මෙවන් මානසිකත්වයක ඉන්නා උන් අතරින් නිර්මණශීලී ව්‍යවසාකයින් බලාපොරොත්තු වීමම විහිළුවකි. දේශපාලකයෙක් දුටු තැන ආන්ඩුවේ රස්සාවක් ඉල්ලා වැඳ වැටෙන්නේ තෙලේ බලෙන් හිඟන්නෝ වූ වාමාංශික දේශපාලනයේ වහලුන්මය. 
මේ රස්සා ඉල්ලන උන් අතරේ ජර්මන් ටෙක් එකට ගියපු උන්, වෘතිය පුහුණු මධ්‍යස්ථානවලට ගිය උන් මෙන්ම, ඇක්වයිනස් වැනි ආයතනවලට ගිය අය මෙන්ම ගංඟාරාමෙ පොඩි හාමුදුරුවන්ගේ ටැක්නිකල් කොලේජ් එකට ගියපු එකෙක් හෝ දැක්කොත්, අටපට්ටමට කියන්නම ඕනෑය. ඔය ඉන්නේ කැම්පස් ඩිග්‍රිය ලැබුනාම මුලු ලෝකයම ලැබුනා කියා හිතනා අම්බ හරකුන්ය. ලෝකය කියන්නේ ඩිග්‍රිය නොවනා බව, මුන්ට එකෙක් හෝ මේ වන තෙක් කියලා දීලා නැතිය. 
දැන් හෝ කැම්පස් වල අති බහුතරය වන කලා විශයයන් සම්පූර්ණයෙන්ම වෙනස් කළ යුතුමය. ඒ වෙනුවට නිපුනතාවයකින් යුත් ව්‍යවසාකයින් බිහිකල හැකි විශයයන් හඳුන්වා දිය යුතුමය. පරිඝණක විෂයයේ වුවද ගණිතයේ කෙල පැමිනිය යුතු උන් සිටිය යුතුමය යන මිත්‍යාවද කුඩු කර දැමිය යුතුය. මන්ද ඒ ක්ශේෂ්තයේ තියෙන්නේ ප්‍රෝගෑමින් ජොබ්ම පමණක් නොවනා නිසාය. ඒ එක් පැත්තක් පමණි. 
අනෙක් කරුණ ඉන්ගිරිසිය. මක්කා ඉගෙන ගත්තත් කඩ්ඩ බැරිනම් ඒ එකකින්වත් ඇති වැඩක් නැතිය. මන්ද තම විශයයේ ප්‍රවීණයෙක් වන්නට නම් අන්තර්ජාලයේ සැරි සැරීමට ඉන්ගිරිස් වුවමනාය. චීන භාෂාවද ඉගෙන ගත්තාට කිසිම පාඩුවක් වෙන්නේ නැතිය. තවත් විශයයන් ඕනෑ තරම් තිබෙනවාය. 
ලෝකය ආටිෆිසොල් ඉන්ටෙලිජන්ස් වලට යද්දි…, අපි කැම්පස් ගොස් ඩිග්‍රියකුත් අරගන… සෙනඟ අස්සේ රිංගාගෙන ගොස් රස්සාවක් හිඟ කනවා නම් ලැජ්ජා විය යුත්තේ ඒ පුද්ගලයා හෝ පොලිටික්කා විතරක් නොවේය. සමස්ත රට වැසියාමය. 
ඒ වගත් මෙසේය…

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*