ඩොන්කි ඇන්ඩ් ද ක්ලෑන්

ඩොන්කි ඇන්ඩ් ද ක්ලෑන්

.

Priyantha Hewage Maathalan

.

ඊයේ දවස දේශපාලන වශයෙන් විශේෂ දවසකි.

කොටි ඩයස්පෝරාවේ ජරාව කන ජිනීවා වල ඉන්නා ලෝකල් හා ෆොරින් ඩෙලිගට්ස්ලා ලංකාවට එරෙහිව අදින මානව හිමිකම් ගේමට එරෙහිව සිරස ලක්ෂපතියට එන උන්වත් නොදන්නා විදේශ ඇමති ලංකාවේ ඉඳන් ජිනීවා ඇමතුවේ ඊයේය..

ඉන්දියාව කොනිත්තන්න චීනා ඉම්රාන් ඛාන් ලංකාවට එව්වේ ඊයේය..

ඒ අස්සේ… පාස්කු කොමිසමක් දමා.. එකේ කරුණු සොයා බැලීමට “විශේෂඥ කමිටුවක්” දමා ආන්ඩුව හත්පොලේ ගාගෙන උන්නේය..

ඊට අමතරව අනුර කුමාර දිසානායකගේ ඇට දෙක දෙක පට ගා එකට වදිනා කොමිසමක් දමා පොර ඉන්නේ අබ කාපු එකා වාගේය. අනේ මාව බේරගනියෝ කියා පොර රට වටේ යනවාය. තාම නොගියේ සීනීගම මිරිස් අඹරන්න ඉතරය. හෙට අනිද්දා වෙන කොට ඒ තත්වයට උනත් වැටෙන්න ඉඩ තියෙනවාය. කරන කලට පව් මිහිරිය මී සේ… විඳින කලර දුක් වැඩිවෙයි ගිනි සේ.. කියා අපට තියෙන්නේ මේ විසූක දස්සන දිහා බලලා ආතල් එකක් ගන්නා එකය.

ඔය අස්සේ පෙරේදා සජිත් ප්‍රේමදාස වන්ෂොට් බලන්න ගියේය. වන් ෂොට් හිරේ ගියේ කංජිපානි හිරේ යනවා වගේ පුල් අයියා ලැවල් එකෙන්ය. ඒත් අතුලට දාපු දවසේ ඉඳලා බුකියේ මළ අඬෝවැඩියාවය.

පොර හිරේ දැම්මේ මොකටද කියා පොර දන්නේ නැතිය. රන්ජා වගේ ගොනෙකුට ඒක තේරෙන්නේ නැති එක ගැන අපිට ඌට අනුකම්පා කරන්න පුලුවන්ය. රන්ජන්ලාට අනුරලාට මේ ගුලි මී පැණිත් එක්ක දිය කරලා පෙවූ, රනිල්ලා, මලීක්ලා, මංගලලා ඇත්තේ හිකෙන් පුනා වෙමින්ය.

කණ්ඩායම් සංගීතය හිංගල අසන්නන් අතරේ ජ්නප්‍රිය වෙන කාලයේ ලංකාවේ ඩෙස්මන් ඇන්ඩ් ක්ලෑන් සංගීත කණ්ඩායමක් තිබුනේය. මෑත කාළයේ සමන් ඇන්ඩ් ක්ලෑන් කියා එකක්ද තිබ්බේය. තාමත් තියෙනවාද කියා නම් දන්නේ නැතිය. මේ දෙකේම නායකයෝ බයිලා ගායකයෝය. කෙනෙක් ඩෙස්මන් ද සිල්වාය. අනෙකා සමන් ද සිල්වාය. මේ “ක්ලෑන්” කියන්නේ වංශය කියනා එකටය. දැන් අපට ඩොන්කි ඇන්ඩ් ක්ලෑන් කියා ගෲප් එකක්ද ඉන්නවාය. එයාලා ඊයේ පාර්ලිමේන්තුවේ වාද බයිලා තරඟයක් තිබ්බේය.

රටක විපක්ෂයක් අනිවාර්යයෙන් තිබෙන්නට ඕනෑමය. ඒ වාගේම ආන්ඩුව පිස්සු කෙලින කොට ඒවාට විරුද්ධව කෑ ගහන්නත් ඕනෑය. ඒවාට අපිත් සපෝට්ය. රෙස්පෙක්ට්ය. එහෙත් සත පහකට වැඩක් නැති ඒවා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පිස්සු බල්ලෝ වගේ කැගැහුවා කියා සත පහක වැඩක් වෙන්නේ නැතිය. ගොන් වහලුන්ට නම් පොඩි සොමියක් ලැබෙනවා ඇතිය. ඊයේ පිස්සු බල්ලෝ වගේ බිරුවාට සත පහක වැඩක් උනේ නැතිය. අනික කතානායක පඹයෙක් තියා මී හරකෙක් වුවත් තර්ජනය කරන්නට කාටවත් බැරිය.

සජිත් ප්‍රේමදාසට නීතීමය උපදෙස් දෙන්න එකෙක් හෝ පිරිසක් ඉන්නවාද කියා කියන්න අප දන්නේ නැතිය. හැබයි දකුණු අත පැත්තේ ඉන්නා ඕන ගොනා නම් අපි දන්නා විදියට ලෝයර් කෙනෙක්ය. සජිත් පුච ඉරාගෙන කෑ ගහන්නේ චොකා මල්ලි පාර්ලිමේන්තු එනවා නම් රන්ජන්ට එන්න බැරි ඇයි කියලාය.

චොකා මල්ලි මිනී මරුවෙක් කියා කිව්වේ රත්නපුර අධිකරනයෙන්ය. චොකා මල්ලිට එම තීන්දුවට එරෙහිව සුප්‍රීම් කෝට් එක වෙනකන් යන්නට හැකිය. කලින් දුමින්ද සිල්වා ඇප මත එලියේ උන්නේ එහෙමය. එහෙත් සුප්‍රීම් කෝට් එකෙන් පහළ උසාවියෙන් දුන් තීන්දුව අනුමත කලේය. දැන් එයා ඇතුලට වෙලා පූසන්ට චිකන් කව කවා ඉන්නවාය. ඇත්තටම දුමින්ද ඇතුලට යවන්න ගේම දුන්න අයගෙන් අධිකරණයට බලපෑම් කලේ රන්ජන්ය.

රන්ජන්ටත් තීන්දුව දුන්නේ ස්ප්‍රීම් කෝට් එකෙන්ය. එතනින් එහා එයාට යන පුලුවන් වෙන්නේ ජාත්‍යන්තර අධිකරණයටය. වෙන යන්නට තැන්ක් ඇත්තේ නැතිය. අනික රන්ජා හිරේ යන්නේ දේශපාලන හේතුවකට නොව අධිකරණයට අපහාස කිරීමේ වරදටය.

ඒ දඬුවම ගැන අපත් විරුද්ධය. මන්ද අධිකරණය ගැන අප ඉන්නේත් රන්ජන් ඉන්නා මතයේමය. ඒ කියා අපිත් ඕවා කියන්න ගියෝත් අපටත් වෙන්නේ රන්ජා වගේ කක්කුස්සි හෝදන්නටය. අප ඒවා ගැන දැණුම්වත් නිසා ඔය ආයතනය ගැන ලියන කියන දෙයක් කරන්නේ බෝහෝම පරෙස්සමටය.

රන්ජන් ගොනා කෙරෙව්වේ සුමන්තිරන්ලාය. උසාවියේ මාධ්‍යවලට කතා කරන්න එපා කියා උපදෙසක් දෙන්නට සුමතිරන්ට ඕනෑ තරම් හැකියාව තිබී. එහෙත් රන්ජා උසාවි එනකොට ඔය එකෙක්වත් එදා රන්ජන්ට උන්නේ නැතිය.

කොටින්ම හඬ පට වලින් නාගත් අවස්ථාවෙත් සජිත් කිව්වේ ඒවා ගැන කතා කරන්න තමන් කැමති නැතයි කියලාය. මන්ද ඒ වන විට එම හඬ පට අතර සජිත් පමනක් නොව ජලනි ආර්යාවටද දාන්න පුලුවන් ඔක්කෝම කින්ඩි රන්ජන් හිරුණිකා ජෝඩුව දමා තිබුන නිසාය.

සජිත් රන්ජන්ට නොමිනේසොන් දුන්නේ රන්ජන්ට නොදී බැරි නිසාය. ඇත්තටම රන්ජන් ඇතුලේ ඉන්නා එකට සියල්ලන්ටම වඩා සතුටු සජිත් ප්‍රේමදාස හා ජලනි ප්‍රේමදාසය.

රන්ජා එලියට ගන්න හෝ පාර්ලිමේන්තු ගේන්න බෑ කියා සජිත්ට තේරේන්නේ නැතිනම් පොර අමු බූරුවෙක්ය. දැන දැන එසේ කරන්නේ නැම් ඊයේම මේ ගේම ඇද්දේ ජිනීවා වලට සපෝට් එකටය.

රටට කෙලවෙන්න යන වෙලාවේ රටේ පාර්ලිමේන්තුවේ වලියක් ඇදගත්තා නම් ඒ ළකුණුත් වැටෙන්නේ රටට එරෙහිවය. මුන් බලය වෙනුවෙන් රටට කෙලවුනත් අවුලක් නැති කාළකන්නිය. අද අප ජිනීවා වල පරිප්පු කන්නේත් යහපාලන සමයේ මංගල සමරවීර කරපු පජාත වැඩක් නිසාය.

එවන් කාළකන්නින් සමඟ ඇයි හොඳයි කම් වලට යනවා නම් ඌත් මී හරකෙක්මය කියා මේ පල් හෑල්ල මෙතනින් නවත්තනවාය..

බූරුවෙක් රටේ ජනපති නොවීම පිලිබඳව ඉත සිතින් සතුටු වෙනවාය..

ඒ වගත් මේසේය..

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*