ටොම් පචයාගේ අවසන් නවාතැන්පොල

ටොම් පචයාගේ අවසන් නවාතැන්පොල

.

ප්‍රියන්ත හේවගේ මාතලන්

.

3% අරගෙන ඇපත් නැති උන එකෙක්ට මෙච්චර බය සෙට්ටෙකකට ඇයි කියා බොහෝ දෙනෙක් අසනවාය. ඇත්තටම මෙයාල ගැන තියෙන්නේ බයක් නෙමේය. කැතක්ය. එහෙම නැත්නම් අපුලතාවයක්ය. පාට පක්ෂ බේදයකින් තොරව ලංකාවේ සියළුම පොලිටික්කෝ හැම එකාම කියන්නේ හා කරන්නේ බොරුවය. ඒ වෙනම කතාවකි. එහෙත් නිර්මාණශීලී ලෙස බොරු විදීමේ හැකියාව ඇති අය ඇත්තේ අල්ප ප්‍රමාණයක්ය.

ගොඩාක් උන් බොරු කියනා විට අතේ මාට්ටු වෙනවාය. ඒ නිසා ඇත්ත වගේ පච කෙලීම ලේසී පාසු කටයුත්තක් නොවේය. එය ප්‍රගුණ කළ යුතු කලාවකි.

සජිත් ප්‍රේමදාස කෙලිනා පච එවේලේම මාට්ටු වෙන ඒවාය. ඒ නිසා එකෙක්වත් ඒවා සිරා ගන්නේ නැතිය. සජිත්ගේ වහලුන් එයින් ස්වයං වින්දනයක් ලැබූවද, අනෙක් උන්ට ඒවා අමු ජෝක්ස්මය. ඒ නිසා එයා දේශපලනයේ පට්ට ජෝක් එකක් වී අවසානය. චන්දයෙන් පස්සේ ප්ලෑස් බෑක් එක්ක සෙට් උනා නම් සජිත්ගේ අනාගතය මීට වඩා සුන්දර එකක් වනු නොඅනුමානය.

එහෙත් මංගල සමරවීරගේ සෙට්ටෙක හා ජෙප්පෝ විදින පච එසේ ඒවා නොවේය. ඒවායේත් හොඳම එක අනුර කුමාර දිසානායකය. 2015 රාජපක්ෂලා පරදින්න අනුර කුමාරගේ ටොම් පච විශාල බලපෑමක් කළේය. මේවා මකියාවෙල්ලිගේ ඒවාටත් එහා ප්‍රබුද්ධ ඝනයේ ටොම් පචය. දැන් පරපුර මෙව්වාට කියන්නේ පැරඬි කියලාය.

පයිල් එකක්කත් අතේ නැතිව මහ බැංකුවේ අධිපති වගේ සංඛ්‍යාලේ ලේඛන සමඟ අනුර කුමාර සහෝදරයා කෙලිය කෙප්ප, අපව උනත් අන්දුන් කුන්දුන් කලේය. ලණු කෑවා නම් රෙන්න වෙන්න කඹය කියා අපේ ජනවහරේ කතාවක් තියෙනවාය. ඒත් දැන් ඒක වෙනස් විය යුතුව ඇත්තේය.

ඒ නැව් පච කැව්වා නම් රෙන්න වෙන්නේ නැව් කඹය කියලාය.

2015 අනුරලා කෙලිය කෙප්ප සියල්ලම නොම්මර එකේ පැරඬි බව පසුගිය වසර පහේදී ඔප්පු වී හමාරය. ඔවුන් රාජපක්ෂලාට එල්ල කල චෝදනා එකක් හෝ ඔප්පු කර ගන්නට උන්නැහේලාට බැරි විය. අහිංසක මිනිසුන් හිරේ දමා බය කර, ඔවුන්ට ඇතෙක් බරට වස්තුව හා පොරින් වීසා ඔෆර් කරත්, රාජපක්ෂලාට ආදරය කර එකෙකු හෝ ඒවාට අහු කර ගන්නට උන්නැහේලාට බැරි විය.

අකුදිලාට රතු අලි කාඩ් වැදුනේ නිකන් නෙමේය. යහපාලනේ අටවා ගත් ඊනියා ව්‍යවස්ථා මණ්ඩලයේ අරලිය ගහ මන්දිරේ පැවති බෝඩ් මීටින් වල අපේ අනුර කුමාර සහෝදරයාත් උන් බව අද ඔප්පු වී හමාරය.

අකුදිට කෙල උනේ කලක් අකුදිලාට ලෝස් නැතිව ඉස්පොන්සර් කල මහරාජාගේ සිරසින් කොම්‍රඩ්ගේ කලිසම ඔලුවෙන්ම ගලවපු වෙලේය. මහරාජා අකුදිලාට මෙහෙම කරන්නේ, එයාලා ටැලිපෝන් බුවාට සප් එකක් නොදෙනා නිසා වෙන්න ඇතිය. කෙසේ හෝ එදා පැවති සටනින් නම් අකුදි එලියට ආවේ හත් පොලේම ගාගෙනය.

ඒ ලැම්බෝගිනි 19 ක් ගෙනාපු කතාවක් නිසාය. ලොක්කා සිරසේදි කිව්වේ එහෙම කතාවක් තමා කිසි දිනෙක කිව්වේ නෑ කියලාය. සිරසට එවෙලේ ඒක ඔප්පු කර ගන්න බැරි උනත්. ඊට පසුදා බිකියේ උන් පරණ වීඩීයෝ එලියට ඇද දමා අකුදිගේ ජොකාත් ගලවලාම දැම්මේය. එක පචයක් කෙලියාම එක වහගන්න පච 1000 ක් විතර කියන්න ඕනෑ කියා කතාවක් තියෙන්නේ සෙල්ලමට නෙමේය.

ඒ අස්සේ 3% වානර හමුදාව (පේටන්ට් අයිතිය නිර්මාල් දේවසිරි සතුයි) අකුදිගේ ජෝකා අන්දන්න ගොස් උනේ… හත් පොලේම ගා ගන්නා එකය.

අකුදිලා කිව්වේ ඔය බොරුව ඉතරක් නෙමේය. ඒ අතරේ යෝෂිතගේ සුදු අස්සයා. ශිරන්තිගේ සත්තරන් අස්සයා. ඩුබායිවල මැරියට් හෝටල්, පෝට් සිටයට ලංකාවෙම කළු ගල්, නාමල්ගේ අත් ඔරලෝසූ, කොටින්ගේ රත්තරන්, මේවා අතරින් ප්‍රසිද්ධම කෙප්පය.

මුන්ගේ ගුලි කෑ යහපාලන ආන්ඩුවේ උන් ඒවා සොයා රට පුරාම පීරුවේය. බැකෝ දමා නිහාල් ගොයියාගේ වතු පවා හෑරුවේය. එහෙත් හොයා ගත් ලබ්බක් අද වෙන තෙක් ඇත්තේ නැතිය. මිනී මැරුම් චෝදනා ටිකත් එසේමය. ඝෝටාගේ මිනී කන මෝරූ , රාජිත විසින් අම්පාරේ කිඹුලන් බවට පත් කර අවසානයේ මීගමුවේ කූරූ ගනින්නත් ගියේය. අද ඒ කිඹුල්ලු දෙන්නා රජයේ සාක්කි කාරයෝය.

ලැම්බෝගිනි කතාව සුද්ද කරන්න ගොස් හත් පොලේ ගාගෙන ඉන්නා අකුදි සහෝදරයා, අවසානයේ එයාලාම විවේචනය කල ඒවා අද වන්දනා කිරීම මාර ලොල් සහගතය.

කොම්‍රඩ් මිබල් රත්නායක කිව්වේ, පන්සල් යන්නේ ගෝත්‍රිකයෝ කියලාය. ජාජබයෙන් කොළඹට ඉල්ලන නෝනා කෙනෙක් කිව්වේ පන්සල් යන්න එයාට ලැජ්ජයි අනේ කියලාය. සමනලී කොලොන්නාවෙ කුණු ටික ඡේතවනාරාමයේ පිරිව්වේය. සක්තික බුදුන් රස්තියාදුවේ ඇරියේය. ඩබ්ලිබ් ජයසිරි නායක හාන්දුරුවෝ සිරි මහ බෝධිය යට අඩියකුත් ගැසුවේය. ඊට අමතරව අනුර කුමාරලා එදා ඉඳන් කියන්නේ තක්කඩියාගේ අවසාන තුරුම්පුව ආගමයි කියලාය.

ඒ වගේම දැන් අකුදිගේ බොරු විදීමේ හස්ත මුද්‍රාව හා ඇස් ලොකු වෙන කොටම කෙලින්න යන්නේ අමු කෙප්පයක් කියා පක්ෂයේම උන්ද අවබෝධ කර ගෙනත් අවසානය.

ඒ අනුව අපට කියන්නේ තියෙන්නේ අනුර කුමාර දිසානායක යනු තක්කඩි ටොම් පචයෙක් කියලා විතරමය.

හා බොරුද….. ඇත්තමයි අම්මපා….

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*